අද උදෑසන වන විට කොරෝනා අසාධිතයින් ගණන 86 බව තහවරු වෙයි

අද උදෑසන වන විට මෙරට කොරෝනා ආසාධිතයන් ප‍්‍රමාණය 86 දක්වා ඉහල ගොස් ඇති බව සෞඛ්‍ය ඇමතිනී පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය සදහන් කරයි කොළඹ ජාතික උණ රෝහල මේ වන විට රෝගීන්ගෙන් උපරිමයෙන් පිරී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.

කොරෝනා වෛරසය ආසාධිතයන් සමග සැක සහිත පුද්ගලයන්ගෙන් පුද්ගලයා රෝහල් තුල නේවාසිකව රඳවා ගැනීම හේතුවෙන් මෙසේ එම රෝහල උපරිම ධාරිතාවට පත්වී ඇතැයි ඔහු පැවසීය.මේ තත්වය මත ඉදිරියේදී ඇතිවන තදබදයට විසදුමක් වශයෙන් ඉදිරියේදී කොරෝනා ආසාධිතයන් වෛරසය බවට සැකකරන පුද්ගලයන් සහ අසාධිතයින් මුල්ලේරියාව රෝහලට යොමු කරන බවද සඳහන් කළේය.

මේ වන විටත් එම රෝහල කොරෝනා වෛරසය ආසාධිත රෝගීන් සඳහා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට පත් කර ඇතැයිද ඔහු කියා සිටියේය අවශ්‍ය තරමට රට පුර රෝහල්වල පහසුකම් සකසමින් ඇති බවත් හදිසි තත්වයක් හමුවේ මුහුණ දීම වෙනුවෙන් රටපුරා නිරෝධායන මද්‍යස්ථාන හදුනාගෙන්න ඇති නිසා රෝගීන් සහ අසාධිතයින් බවට සැකකරන පුගලයන් වෙන්කර හදුනාගැනීමේ වැඩපිළිවෙල නිසි පරිදි සිදුකිරීමට අවශ්‍ය උපදෙස් ලබාදී ඇති බවද සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වරයා වැඩි දුරටත් සදහන් කරන ලදී

Leave a Reply

Your email address will not be published. Required fields are marked *