බෝම්බ ගසා විනාශ කල දළදා මාලිගාවේ චිත‍්‍ර ඇදි කලා කරුවා මිය යයි!!

ජායාරූප හා සටහන කෑගල්ල සමන් විජය බණ්ඩාර

1998 වසරේ ශ්‍රී දළදා මාලිගාවට එල්ල වු කොටි ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාරයෙන් පසුව මාලිගාවේ කරඩුව වැඩම වන ඈතා සරසන ස්ථානයේ උඩුවියනේ ඇති අඹරාවේ මෙන්ම එහි සිතුවම් වලට දැඩි හානි සිදු විය. එම අවස්ථාවේ ඒවා නැවත සිතුවම් කරන ලද චිත්‍ර ශිල්පයා මෙන්ම කැළණි විහාරයේ සිතුවම් නැවත පුනරුත්තාපනය කර අපේ රටේ සොලියස් මැන්දිස් චිත්‍ර සම්ප්‍රදාය ඉදිරියට රැගෙන යෑමට සිටි එකම කලාකරුවා වන මාවනැල්ලේ සිංගාර් පරපුරේ ඒ. ඇම් මෛත්‍රීපාල මහතා පසුගිය ආගොස්තු ( 11 ) අලූයම මාවනැල්ල රැකුලගම නිවසේදි මිය යන ලදි. මිය යන විට ඒ මහතාට වයස අවුරුදු 72 කි.

ඒ මහතා මිය යන තෙක්ම මෙරට කිසිදු වගකිව යුත්තෙකුගේ හෝ කලාකරුවන් සම්බන්ධයෙන් සොයා බලන රාජ්‍ය ආයතනයක අවදානය යොමු නොවුන බව මෛත්‍රී මහතාගේ දරුවන් එහි ගිය අප සමග පැවසිය.

ශ්‍රී දළදා මාලිගාවේ දොරටුවේ සහ උඩ පිරිත් මණ්ඩපයේ බිතු සිතුවම්ද, අඹරාවේ සිතුවම්ද, කොළඹ ඇස්වාට්ටුවේ ඇති පිළිමයද, කොටිකාවත්ත කුඩා බුත්ගමුව පන්සලේ හා දේවාලයේද, රත්නපුර ගොඩකවෙල ඇලපාත දිසාපතිවරයා කරවු විහාරස්ථානයේ හත්රියන් ඔත් පිළිමයද, රඹුක්කන පින්නවල මධ්‍ය මහා විද්‍යාලයේ බුදු මැදුරේ ඔත් පිළිමයද අධිකාරිගම ගල්ඉහ ආරණයේ එකලොස් රියන් සැතපෙන පිළිමයද කැළණි චිත්‍ර සම්ප්‍රදායට අනුව අලූත් නුවර ශ්‍රී දැඩිමුණ්ඩ දේවාලයේ අසළ කීර්ති ශ්‍රී රජමහා විහාරයේ බිතු සිතුවම්ද හලාවත මාදම්පේ තනිවැල්ලේ දේවාලයේ බිතු සිතුම් ද හලාවත මාදම්පේ දේවාලයේ දේව රූප ඇතුලූ බිතු සිතුවම්ද මොහු අතින් නිමවු ලංකාවේ වෙහෙර විහාර කිහිපයක් පමණි.

පියාගේ අභාවයෙන් පසුව එම චිත්‍ර සම්ප්‍රදාය ඉදිරියට රැගෙන යන සුලලිත චිත්‍රසිංහ වැඩිමහල් පුතණුවන් අදහස් දක්වමින් මෙසේ පැවසිය.

සොලියස් මැන්දිස් පරම්පරාවෙන් ආපු අවසන් පුරුක තමයි මාගේ පියා සැලකෙන්නේ. මාගේ පියා අභාවයෙන් පසුව එම සම්ප්‍රදාය ඉදිරියට ගෙන යන්නට මාගේ තාත්තාගේ අභාෂය අරන් සියලූම චිත්‍ර ඇදිම් සහ මූර්තී කලාව කරගෙන යන්නේ මමයි මටත් පියාගේ අභාවය විශාල පාඩුවක්.

බොහෝ දෙනෙකුගේ අවදානය දිනාගත් තාත්තාගේ චිත්‍ර වගයක් අදටත් තිඛෙනවා දළදා මාලිගාවේ. මාලිගාවට බොම්බ ප්‍රහාරය එල්ල වුනාට පස්සේ එහි අඹරාවේ සිතුවම් නැවත සිතුවම් කිරිමට බැරි තරම්ම ඒවා විනාශ වුනා. නමුත් පියා ලංකාවේ විවිධ මාධ්‍යයෙන් මෙන්ම පුවත් පත් වල පල වු ජායාරූප ගැන ගවේෂණයක යෙදිලා ඒවා තාත්තා විසින් නිවසේදි පෙර පුහුණු විම් වල යෙදිලා අඹරාවේ සිතුවම් සකස් කලා. එතකොට මම කුඩා වියේ හිටියේ තාත්තා එක්ක මාත් ඒ සිතුවම් සකස් කලා. තාත්තා බොහෝ සේවාවන් සිදු කර තිබුණත් බොහෝ නිර්මාණ රට වටා කරලා තිබුණත් මේ වන තෙක් එතුමා ඇගයිමකට ලක් කරලා නැහැ. සීයා ඒ කාලේ ජනාධිපති සම්මාන ගත්තා. දැන් වේලා තියෙන්නේ මේ වාගේ කලාකරුවන්ගේ වටිනාකම ඉතිහාසය ගැන වර්තමාන අය දන්නේ නැහැ. අඩුම ගානේ මේ සම්බන්ධයෙන් සොයා බලන්න රජයේ ආයතනයක්වත් නැති තරම්ම ඒවා අමතක කරලා තිබිම කණගාටුවට කරුණක් යැයිද අප සමග පැවසිය.

මිය ගිය මෛත්‍රී විශ්ව විද්‍යාල අධ්‍යාපනයෙන් පසු zz දවස ZZ පුවත් පතේ චිත්‍ර කාටුන් ශිල්පයෙකු ලෙස දක්ෂතා පෙන්වු කලා ශිල්පියෙකි.
සොලියස් මෙන්දිස්ගේ චිත්‍ර කලාව ඉදිරියට ගෙන යන මාවනැල්ලේ සිංගාර් පරපුරේ මේ දක්ෂ කලාකරුවා මිය යෑමෙන් පසුව ඒ සම්බන්ධයෙන් තොරතුරු සොයා ගිය අපට තවත් තොරතුරු කිහිපයක්ම සොයා ගැනිමට හැකි විය.

1952 කොළඹ ක්‍රමය ලක්දිවට ප්‍රදර්ශණය කිරිමට එක් වු ලක්දිව සුප්‍රකට මුර්ති ශිල්පින් හා චිත්‍ර ශිල්පින් අතර කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල මැදගොඩ ඒ.ඇම්. සිංගාර් චිත්‍ර ගුරුවන්සේද වෙයි. මධ්‍යකාලීන චිත්‍ර හා මූර්තිකරණයට ඒ. ඇම්. සිංගාර් ගුරුන්වහන්සේ දක්ෂයෙකි.

මෙම දක්ෂතා නිසාම එවකට වැඩ දෙපාර්තමේන්තුවේ සේවය කරන ලද අධ්‍යක්ෂ වරයෙකු වන එචි. ආර්. ප්‍රේමරත්න මහතාගේ මාර්ගයෙන් සොයිලියස් මැන්දිස් මහතා සිංගාර් කලාකරුවා හදුනාගෙන ඇත. මෙ සම්බන්ධතාවය නිසා සිංගාර් මහතාගේ වැඩිමහල් පුතු ඒ. ඇම්. අර්නෝලිස් සොයිලියස් මැන්දිස්ගේ චිත්‍ර කලාව ඉගෙන ගැනිමට කැමැත්ත පල කර නිසා ඔහු සමග පන්සල් චිත්‍ර හා එම සම්ප්‍රදාය අධ්‍යාපනය ලබා ගැනිමට ගොස් හොඳින් අධ්‍යාපනය ලැබු බව සඳමන් සොයිලියස් මැන්දිස් හා ඔහුගේ ගෝලයා වන සෝමපාල පසු කාලයක බ්‍රක්මචාරි ක්‍රමයක් අනුගමනය කිරිම හේතුවෙන් එම සම්ප්‍රදාය ඉදිරියට රැගෙන යාමට මාවනැල්ලේ සිංගාර් පරපුරට පැවරිනි.

ඒ නිසාම කැළණියේ සිදු වු සිත් තැවුල නිසා චිත්‍ර කලාව නවතා තැබු සොයිලියස් මැන්දිස්ට නැවත එම චිත්‍ර අලූත් වැඩියා කර දෙන ලෙස විහාරස්ථ නායක ස්වාමින් වහන්සේ විසින් කිහිප වතාවක් ඉල්ලා සිටියත් එතුමන් විසින් 1966 වසරේ කැළණි විහාරයේ තලේවෙල විජිත ධම්මරඛිත ස්වාමින් වහන්සේ වැඩ සිටි කාලයේ සොයිලියස් මැන්දිස් මහතාගේ උපදෙස් අනුව බිතුසිතුවම් අලූත් වැඩියා කර දී ඇත්තේ මාවනැල්ලේ ජිවත් වු අර්නෝලිස් චිත්‍ර ශිල්පියා ( මිය ගිය කලාකරුවාගේ පියා ) විසින් බව සඳහන්.

තම කලා ජිවිතය පිළිබඳ අර්නෝලිස් කලාකරුවා 2000 වසරේ පුවත් පතකට ප්‍රකාශ කරන ලද ප්‍රකාශනයක් අපට හමු විය. ඔහු විසින් පුවත් පතකට ජිවිතයේ අවසන් කාලයේ ලබා දුන් කථා බහයි මේ.

zz මම අවුරුදු 20 දී විතර අන්අයගේ මුහුණ බලා ගෙන චිත්‍ර ඇන්දා. ඒ ක්‍රමය මට කවුරුවත් ඉගැන්නුවේ නැහැ. අදුර හා අලෝක රටා මවමින් මම පුද්ගල රූප සිත්තම් කලා. ඒවා සංජිවි ලෙසම තිබුණා. ඒ නිසා මම ඡායාරූප ශාලාවක් පටන් ගත්තේ කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ මාවනැල්ල නගරය පාස් වුනාහම තියන ගනේතැන්න ප්‍රදේශයේයි. මාවනැල්ල පැත්තටම තිබුණේ පොටෝ අදින ඒ ස්ථානය විතරයි. ඒ දවස් වල ෆොටෝ සාප්පු නැහැ.

මම මෙ සාප්පුව පටන් ගත්තේ මිල්ටේරි ආණ්ඩුව කාලේ මගේ ඉස්සරහා වාඩිවේලා ඉන්න අයගේ මුණ ඒ විදිහටම ඇන්දා. ඒ එක පොටෝ එකකට මම ගත්තේ රුපියල් 25 ත් 30 ත් අතර මුදලක් ඒ දවස් වල කෑගල්ලට එක් මන්ත්‍රී වරයෙක් හිටියා ඒයා තමයි හැරිස් රත්වත්තේ මහතා. එතුමා දවසක් එයාගේ පොඩි පුතාගේ අතින් අල්ලාගෙන මාගේ ඡායාරූප ශාලාවට ආවා. ඒ පුතා තමයි අපේ රටේ ආරක්ෂක නියෝජ්‍ය ඇමති ලෙස හිටපු රත්වත්තේ මහත්තයා. මෙ විදිහට පොටෝ සාප්පුව කරගෙන යනකොට ලෝක යුද්ධය පටන් ගත්තා. පෑන් පැන්සල් කොළ යනආදිය ගෙන්විම හිටි හැටියේ නැවතුනා. අමුද්‍රව්‍ය නැති නිසා සාප්පුව වහන්න සිද්ධ වුනා. තීන්ත යනආදියෙත් අඩුපාඩුකම් දිගෙන් දිගටම දැනෙන්න වුනා. ඊට පස්සේ මම තාත්තාගෙන් ඉගෙන ගත් පන්සල් චිත්‍ර ඇදිම දිගෙන් දිගටම කරගෙන යමින් පිළිම නෙළිමෙ කටයුතුත් දිගෙන් දිගටම කලා. නාරිලතාව, පංචනාරි ගැඨය, ලියවැල්, පිච්චමල, පෙන්ඩියා පක්ෂිකයාගේ රුව වැනි හැම දෙයක්ම මට සියුමි ලෙස අලංකාරව නිමවා ලිමේ හැකියාව තියනවා.

ඒ දවස් වල අපි පන්සල් චිත්‍ර වලට සායම් වැනි දෑ සකස් කර ගත්තේ පරිසරයේ තියන දේ උපයෝගි කර ගෙන කහපාට හදා ගත්තේ ගෙකටු ගහේ කිරි අරගෙන ගොකටු වර්ග 2 ක් තියනවා. එක වර්ගයක් කිරි ලා පාටයි. ඒවායින් ලා කහ පාට හදා ගත්තා. යබර සාදිලිංගම් අඹරලා ඒවා මිශ්‍ර කරලා රතුපාට හදා ගත්තා. ගුරුගල් හොඳට අඹරලා කුඩු කරලා දූඹුරු පාට හැදුවා. ඉවුරුවල තිබුණු බුවැලි අතර තියෙන සියුම් සුදු පාට ගල් වර්ගයක් අරන් සුදු පාට හදා ගත්තා. කොහොල්ලෑයි දුම්මලයි යොදා ගෙන කථ පාටත් නිල් ඇවරියා කොටා එහි යුෂ අරන් කොළ පාට හැදුවා. මේවා උපයෝගි කරගෙන තමයි විහාර චිත්‍ර කලේ. ඒවා අදත් නොමැකි තියෙන්නේ තියනවා. පින්සල් හැදුවේ බළල් පඩි අරගෙන. වැටකෙයා මුල් පොල් හනසු ආදිය පදම් කරලා ලොකු පින්සල් හැදුවා. ඒ කාලේ පන්සල් වල ලොකු හාමුදුරුවරු හා දායක සභාව එකතු වෙලා මෙවැනි කටයුතු පන්සල් වල කරගන්න උත්සාහ කරා අපි ඒවා අලංකාරව කරලා දුන්නා.

ගොඩාක් චිත්‍ර වල ජාතක කථා සිතුවම් කරා. අපාය, වෙස්සන්තර ජාතකය, සඳකිදුරු ජාතකය, අලෝක දමනය, මාර පරාජය, ශ්‍රී මහා බෝධිය වැඩමවිම, වැනි චිත්‍ර බහුල ලෙස සිතුවම් කලා යැයි ඔහු පවසයි. පැරණි චිත්‍ර වලින් මිට අවුරුදු 500 කට විතර ඉහතදි එකල සමාජිය ක්‍රමය ඇදුම් පැළදුම් යනආදිය අපි චිත්‍ර හරහා බාල පරපුරට පෙන්වන්න ලොකු උත්සාහයක් ගත්තා. රජවරු, දෙවිවරු, දාසයන්, කුමර කුමරියන්, සොල්දාදුවන්, සිටුවරු, සිටු කුමරියන් , යනආදියගේ ඇදුම් වැනි දෑ ඔහුගේ ස්වර්ණාභරණ ජිවත් වු පරිසරයන් ස්ථාන වැනි දේවල් චිත්‍ර හරහා වර්තමන සමාජයට පෙන්නුම් කරා. මෙවා නරඹන බොහෝ දෙනාගේ සිත් බැති සිතින් පහන් සංවේගයක් බුදු දහම කෙරෙහි ඇද බැද තබා ගැනිමට මනා දායකත්යක් මෙ ඔස්සේ ලබා දිය.

අර්නෝලිස් තම පියා සමග එකතු වි අදින ලද චිත්‍ර බැලිමට 1952 ලංකා ආණ්ඩුවේ සිටි සෝල්බරි සාමිවරයා මාවනැල්ලේ මැදගොඩ නිවසට පැමිණිම.

මෙම දක්ෂතා නිසාම තම පියා තමන් අදින චිත්‍ර වලට පැහැදි ඒවා නැරඹිමට එවකට ලංකා ආණ්ඩුවේ සිටි සොල්බරි සාමිවරයා 1952 වසරේ මාවනැල්ල මැදගොඩ පිහිටි නිවසට පැමිණිම සිදු වුනා. සොල්බරි සාමි වරයා සමග ගත් ඡායාරූපයක්ද එහි වන අතර එය මෙ වන විට තරමක් විනාශ වි ගොස් ඇත. තවද මෙ චිත්‍ර නැරඹිමෙන් එතුමා ඉතා සතුටට පත් වු බව අර්නෝලිස් මහතා පවසති.

තම පියා වන අර්නෝලිස්ගේ අඩිපාරේ ගිය පුතණුවන් වන ඒ. ඇම් මෛත්‍රීපාල මහතා අපොස සා/පෙළ ඉගෙන ගෙන උසස් අධ්‍යාපනය හැදාරා විශ්ව විද්‍යාල අධ්‍යාපනයට පා තැබිය. තමන්ට නිවාඩු අවස්ථා වල මෙම දරුවා තම පියා සමග පන්සල් චිත්‍ර ඇදිමට ගිය අතර ඔහු පියාගේ උපදෙස් මත එම කටයුතු මනා ලෙස කරගෙන යන ලදී. දිනක් කැළණි විහාරයේ බිතු සිතුවම් අලූත් වැඩියා කරනු නැරඹිමට පැමිණි සොයිලියස් මැන්දිස් මහතා විසින් මෛත්‍රිගේ දක්ෂතා දැක අර්නෝලිස්ට උපදෙස් දී ඇත්තේ මෛත්‍රි දරුවාගේ කලා කුසලතාව ඉතා ඉහළ මට්ටමක තිඛෙන නිසා ඔහුගේ අනාගතයට අවශ්‍ය දැනුම සහ මුලිම්ම ලබා දෙන ලෙසයි.

උසස් අධ්‍යාපනය හැදෑරු මෛත්‍රී දරුවා. එහිදි චිත්‍ර හා මූර්ති ශිල්පය මනා ලෙස හැදාරිය. එම කාලයේ එතුමාගේ පියාගේ පියා වන සිංගාර් ගුරුන්වහන්සේ 1977 මාර්තු 26 මෙලොව අතහැර යන්නට ගියේය. සොයිලිය් මැන්දිස් මහතාගේ පළමු සිසුවා ද ඔහුය. සිංගාර විසින් අර්නෝලිස් සොයිලියස් මැන්දිස්ගේ සම්ප්‍රදාය ඉගෙන ගැනිමට යවා. එයින් සතුටට පත් වු අයෙක් ද විය.

අර්නෝලිස්ගේ පුතණුවන් වන මෛත්‍රී විශ්ව විද්‍යාල අධ්‍යාපනයෙන් පසු zz දවස ZZ පුවත් පතේ චිත්‍ර කාටුන් ශිල්පයෙකු ලෙස දක්ෂතා පෙන්විය. පසුව මෙලෙස ඔහු විසින් කරන ලද නිර්මාණ හා අදටත් කැළණි විහාරයේ හා නුවර ශ්‍රී දළදා මාළිගාවේ චිත්‍ර අලූත් වැඩියා කරනු ලබන්නේ මෛත්‍රී මහතා හා ඔහුගේ අය විසිනි. ශ්‍රී දළදා මාලිකාවට බොම්බ ගැසු මෙහොතේ ඉදිරිපස උඩුවියන් චිත්‍ර පවා නැවත ඒ අකාරයෙන්ම ඇද දී ඇත්තේ ඒ මහතා විසිනි.

තවද සොයිලියස් මැන්දිස් යනු හුදෙක් චිත්‍ර ශිල්පයකු පමණක් නොව යුග ගණනක් පොදු ජනතාවගේ හදවත් තුළ නොනැසී ජිවත් වු මහා කලාකරුවෙකු. සොයිලියස් මෙන්දිස් මහා කලාකරුවා මිය ගොස් දසක හතරකත් වඩා වැඩිය. ඔහු විසින් චිත්‍ර කලාව වෙනුවෙන් කල සේවය චිත්‍ර කලාව පිළිබඳ හසළ දැනුමක් ඇති බොහෝ දෙනා දන්නා කරුණකි. මෙම කලාකරුවා ගැන කථා කරන විට අනිවාර්යෙන්ම කථා කර යුතු පුජනිය ස්ථානයක් වන්නේ කැළණිය විහාරයයි. ඔහුගේ සිතුවම් කලාව ඔහු නවතා තබන්නට තීරණය කර ස්ථානයක් වන්නේ කැළණිය විහාරයේදි සිදු වු සිත් තැවුලක් නිසා බව මෙ පිළිබඳ කරුණු සොයා ගිය අපට ගිරාගම සෞන්දර්ය අධ්‍යාපන ගුරු විදුහලේ හිටපු චිත්‍ර කලා අංශයේ ජේෂ්ඨ කථීකාචාර්ය චාල්ස් දයානන්ද මහතා ද පවසන ලදි.

එතුමන් විසින් මෙ කලාකරුවා පිළිබඳ තොරතුරු රැසක් මෙ වන විටත් සුරක්ෂිතව එකතු කර තබා ලංකාවේ කිසිදු මාධ්‍යයකින් ඉදිරිපත් නොවු සොයිලියස් මැන්දිස් කලාකරුවාගේ අප්‍රසිද්ධ චිත්‍ර රැසක්ද ඒවාගේ තොරතුරු ද අපට ලබා දුන් නිසා චාල්ස් මහතාගේ සහයෙන් සොයිලියස් මැන්දිස් කලාකරුවාගේ තොරතුරු රැසක් හා මෙ වන විට සොයිලියස් මැන්දිස් කලාකරුවාගේ සම්ප්‍රදාය ඉදිරියට රැගෙන යන ලංකාවේ එකම සිංගාර් පරපුරේ අවසාන පුරුක නික්ම යන මොහොතේ සටහන් කර තබන්නේ මේ සම්බන්ධයෙන් බොහෝ දෙනෙකුගේ දැන ගැනිම වෙනුවෙනි. එමෙන්ම මේ සම්ප්‍රදාය රැකගෙන ගිය දක්ෂ කලාකරුවන් මෛත්‍රී මහතාගේ මිය යෑමෙන් හිස් විය.

සෝලියස් මෙන්දිස් පරපුර සම්බන්ධයෙන් දැන ගත යුතුම කතාවක්ද ඇත.

සෝලියස් මෙන්දිස් චිත්‍ර කලාව නවතා තැබුවේ ජර්මන් ජාතිකයෙකු ලවා කැළණියේ චිත්‍ර ඇන්ද වු නිසාද ?

ජර්මන් ජාතිකයා ඇවිත් කැළණි පිළිමය පිටුපස හිම කදු සිතුවම් කර ඇති අයුරු අදටත් නැරඹිය හැකිය.

වසර 18 ක් සිය ජිවිත කාලයේ වටිනාම හරිය චිත්‍ර කලාව වෙනුවෙන් කැපකළ සොයිලියස් මෙන්දිස් කැලණි චිත්‍ර ඇඳ අවසන් කරන්නට නොහැකි විය. සියලූ චිත්‍ර ඇඳ බුදුපිළිමය පිටුපස පසුතලය හා දෙපස චිත්‍ර පමණක් ඉතිරිව තිබියදී හදිසියේම ඇඳිම නතර කිරිමට ඔහුට සිදු වුයේ ජර්මන් ජාතිකයකු ලවා බුදුපිළිමය පසුපස කොටස ඇන්දවීම දායක සභාව තීරණය කිරිමත් සමග සොයිලියස්ට චිත්‍ර ඇදීම නතර කරන්නට සිදු විය.

දැඩි සිත් වේදනාවකින් යුතු=ව තවත් එක් චිත්‍රයක් අදින්නට ඉතිරිව තිබියදී ඔහු යලි කිසිදිනක චිත්‍ර නොඅදින්නට සිතා ගෙන ආපසු ගමට ගියේය. බාගෙට අඳින ලද චිත්‍රය තවමත් එසේම පවතී. ආපසු ගමට ගිය සොයිලියස් තම ධනය වැය කොට මහවැව සිව්රාජ අඳ බිහිරි විදුහල ඉදිකරවා එහි නඩත්තුවට තමන් සතු ඉඩමි කඩම් පරිත්‍යාග කළේය. මෙම විදුහල ආරම්භයේදී විදුහල්පති වුයේ රියන්සි අලගියවඩන මහතාය. ඉන්පසු කිසිම පන්සලක චිත්‍ර නොඇඳි මෙම කලාකරුවා අඳ බිහිරි පාසලේ කටයුතු කරමින් සිටි බව සඳහන්.

සොයිලියස් මෙන්දිස් කලාකරුවාගේ උපත සිදු වන්නේ 1897 ජුනි 17 දා මහවැවදීය. ඔහුගේ පියා සිරිනේලිස් දෙවැන්නා වු සොයිලියස් කුඩාකල ඉගෙන ගෙන ඇත්තේ මාදම්පේ ක්‍රිසිත්යානි පාසලෙනි. එම පංන්තියේ 7 වන පංතිය දක්වා ඉගෙන ගත් පසු විරහේන විද්‍යාරතන පිරිවෙනේ දී පාලි, සංස්කෘති ආදිය හැදෑරිය. මේ අතර තුර මාරවිල විහාරයේ බිතු සිතුවම් නිර්මාණය කරන අයුරුද ඔහුට නරඹන්නට අවස්ථාව ලැබුණි. ඒ කෙරේ දැඩිව සිත ඇදි සොයිලියස් උදේ හවස ගොස් පැය ගණන් බිතු සිතුවම් අදින ආකාරය දෙස බලා සිටියේය. මෙම බිතු සිතුවම් නිර්මාණය කලේ ඔහුගේ ඥාතියෙකු වූ මෙමෝනිස් ද සිල්වා විසිනි. මේ ඇසුරෙන් සොලියස් මැන්දිස් ක්‍රමක් ක්‍රමයෙන් සිත සිතුවම්කරණයට යොමු විය. ඔහුගේ චිත්‍ර අධ්‍යාපනික පාසල වුයේ පන්සල් බිත්තියය. බිතු සිතුවම්කරනයට තනිව දැඩි කැපවීමෙන් හා වෙහෙස මහන්සියෙන් ප්‍රගුණ කරගත් සොයිලියස් මැන්දිස් පසු කාලයේදී පන්සල් කිහිපයකම චිත්‍ර නිර්මාණය කළේය.

මැද්දේපොල රජ මහ විහාරය, රණස්ගල්ල රජමහ විහාරය, පොළොන්නරුවේ ශ්‍රී ජය මහ විහාරය, – මල්වාන ලෙනගම්පොල රජමහා විහාරය ආදිය ඉන් කිහිපයකි. සොයිලියස් මැන්දිස්ගේ චිත්‍ර ශෛලිය මුලින් ගොඩ නැගුනේ එවකට ප්‍රචලිත යුරෝපා මාදිලියට අනුවයි. පසුව ක්‍රමයෙන් ස්වභාවික චිත්‍ර ශෛලිය වෙනුවට රිද්මයකට ඇෙදන චිත්‍ර ශෛලියක් කරා ඔහුගේ ඇදීම වෙනස් විය. ඒ බව මැද්දේපොල හා මල්වාන විහාරවලදී දැකිය හැක.

කැළණි චිත්‍ර නිර්මාණයට පෙර සොයිලියස් මැන්දිස් කලාකරුවා ඉන්දියාවේ චිත්‍ර අධ්‍යනයට ගිය ගමන.

කැළණි විමාරයේ චිත්‍ර නිර්මාණය සොයිලියස් මැන්දිස්ගේ චිත්‍ර කලා ශෛලියේ කූට ප්‍රාප්තිය ලෙස දැකිය හැක. කැළණි චිත්‍ර ඇදීමට පෙර ඔහු ඉන්දියාවට ගොස් අජන්තා, එල්ලොරා, භාත් වැනි චිත්‍ර අධ්‍යනය කළේය. මේ අවස්ථාව ඔහුට උදාකර දුන්නේ නව කැළණි විහාරය කරවු විජේවර්ධන පවුලේ උදවිය විසිනි. හෙලේනා විජේ්වර්ධන ලමාතැනී විසින් ඉදි කරවා සග සතු කර ජුජා කර නව කැලණි විහාරයේ චිත්‍ර ඇදීමට යුරෝපා ශෛලියෙන් නොකිලිටි දේශීය සම්ප්‍රදාය අදින චිත්‍ර ශිල්පියෙකු ඔවුන් විසින් සොයමින් සිටියදී සොයිලියස් මැන්දිස් හමු වී ඇත. ඒ අනුව විජේවර්ධන පවුලේ අය විසින් සොයිලියස් මැන්දිස්ට ආසියානු මහා කලා සම්ප්‍රදායේ මුලික රිද්ම ලක‍ෂණ අධ්‍යනය කිරීමට අවස්ථාව ලබා දෙන ලදී. කැළණි චිත්‍ර සදහා සොයිලියස් වස්තු විෂය ලෙස තෝරා ගත්තේ බුද්ධ චරිතය හෝ ජාතක කථා නොවේ. කැළණි විහාරයේ ඉතිහාසය හා බැදුනු ලංකාවේ සංස්කෘතියේ ඉතිහාසයයි. බුදුන් වහන්සේගේ ලංකාගමනයේ සිට වර්තමානය දක්වා වු වැදගත් බෞද්ධ සංස්කෘතිය සිද්ධින් ඔහු ඉතා විශිෂ්ඨ අන්දමින් සිතුවම් කර ඇත. මෙ මගින් ඔහු උත්සාහ කලේ නරඹන්නා තුළ ශද්ධාභක්තිය ඇති කිරීමට වඩා පිරිහි ගිය සංස්කෘතියට යලි පුනර්ජීවනයක් ලබා දීමය. ඒ සදහා හොදම මග ඉතිහාසයට අමතක වී අධිරාජ්‍යවාදී චින්තනයට යට වී සිටි ජනතාවට යලි ඉතිහාසය මතක් කර දීමය.

කැළණි චිත්‍ර ඇඳිම ආරම්භ කරන්නේ ඉංග්‍රීසි අධිරාජ්‍යවාදීන් ලංකාව යටත් කර සිටියදීය.
කැළණි විහාර චිත්‍ර අදින ලද්දේ ඉංග්‍රීසි අධිරාජ්‍යවාදීන් ශ්‍රී ලංකාව යටත් කරගෙන සිටී සමයකය. එනම් එක්දාස් නමසිය තිස් ගණන් වලදීය. භාෂාව, සංස්කෘතිය යටපත් වී අධිරාජ්‍ය ගැති සංස්කෘතියක් ප්‍රචලිතව පැවති යුගයක කලාවද ඊට අනුකූලව ගමන් කළේය. මෙකල පන්සල් වල චිත්‍ර අදින ලද්දේ ද, යුරෝපයේ කි්‍රස්තියානි පල්ලිවල අදින ලද ස්වභාවික ශෛලියකිනි. ඇස පිනවන සරල ප්‍රකාශන මාධ්‍යක් ප්‍රචලිත වීම නිසා අතීත සංස්කෘතික දායාදය බිදවැටී තිබුණි.

අනුරාධපුර, පොළොන්නරු යුග වල සිට පැවත ආ සම්භාව්‍ය චිත්‍රකලා ශෛලිය මුළුමලින්ම යටපත් වී තිබුණි. මහනුවර යුගයේදී ප්‍රචලිත වු ජනකලා සම්ප්‍රදායද යටපත් වි තිබුණි. මෙතෙක් පන්සල් වල චිත්‍ර තුළින් ජනතාවගේ ආධ්‍යාත්මයට ආමන්ත්‍රණය කරන ලද ප්‍රඥාගොචර දාර්ශනික සම්ප්‍රදාය පන්සල් බිත්ති වලින් ගිලිහී තිබුණි. ඉන්දියාවේ සංච්, භාරුත්, ගාන්ධාර, මථුරා, සාරානාත්, අජන්තා, එල්ලෝරා ආදී කලා මධ්‍යස්ථාන වල හැදි වැඩි ආ ප්‍රසස්ත රිද්ම ප්‍රකාශනය අතීත ලංකාවේ ද ප්‍රචලිතව තිබුණි. නමුත් 20 වන සියවසේ පන්සල් වල ඇදුනේ ඒ අතීත උරුමයෙන් ලද චිත්‍ර කලා ශෛලියකින් නොව, හුදෙක් ඇස පිනවන ස්වාභාවිකවාදි යුරෝපා ශෛලියෙනි.

මෙවන් වකවානුවක කැළණි බිත්තිය මත ආසියානු සම්භාව්‍ය ශෛලියෙන් චිත්‍ර ඇඳිම යනු මහා විප්ලවයකි. එම විප්ලවය කොණ්ඩය බඳින සරම අඳින හන්දා පිටිසර ගැමියෙකු වන සොයිලියස් මැන්දිස් විසිනි. ඔහුගේ රේඛාව අතිශයින් සුන්දරය, මන බඳනා සුළුය. ජීවයෙන් පිරිඇත. ස්භාවික වාදී ඡායාරූපමය පර්යාවලෝකනය වෙනුවට කල්පිත කලාත්මක පර්යාවලෝකනයක් මෙහි දැකිය හැකිය. ඔහුගේ වර්ණ මාලාවද ඇස පිනවන සරල තත්වයේ නැත. එය ආමන්ත්‍රණය කරන්නේ රසිකයාගේ ප්‍රඥාවටයි. ආද්‍යාත්මයටයි. නිවුණු සන්සුන් සිත සමාධි ගත කරන වර්ණ මාලාව මුළු මහත් චිත්‍රාවලිය පුරාම දැකිය හැක. සොයිලියස් මැන්දිස් ශිල්ප ක්‍රමය ද අතීත උරුමයෙන් සොයාගත් එකකි. ඔහු කැළණි බිත්තිය මත තැවරුවේ පොළොවේ පසින් තම අතින් සාදා ගත් ස්භාවික අමුද්‍රව්‍ය වලින් යුක්ත වර්ණ මාලාවකි. වසර 18 තිස්සේ ඔහු කැළණි චිත්‍ර කර්මාන්තය තුළ ජිවත් විය.පෞද්ගලික ජිවිතයේ අවශ්‍යතාවයන් පවා චිත්‍ර කලාව වෙනුවෙන් කැප කළ මේ ශ්‍රේෂිඨ මිනිසා තවුසෙකු මෙන් නිහක්ෂය. අනගාරික ජිවිතයක් ගත කළ ඔහු තමන් උපයා ගත් සියලූ ධනය වැය කර මහවැව සිව්රජ අද බිහිරි පාසල ඉදි කරවා එහි නඩත්තු තමන් සතු පොල් අක්කර 85 ක්ම පරිත්‍යාග කළේය. යාබද නිවසක් සාදාගෙන තම ගොලයා වන බී. එම්. සෝමපාල සමග ඔහු මිය යන තෙක්ම අප්‍රකටව ජිවත් විය. කීර්තිය හෝ මුදල සොයා නොගිය මේ සත් පුරුෂයා 1975 සැප් : 01 දින මිය ගියේය. එතුමාගේ සම්ප්‍රදාය ඉදිරියට රැගෙන ගිය මෛත්‍රී මහතාද 2020 ආගොස්තු 11 වැනිදා මෙලොව හැර ගියාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *