වෙඩිතබා ඝාතන වරදට දහනායක රනා හා පොල බේබී අත්අඩංගුවට

ලේ තැවරුනු මන්නා පිහියක්/ මුහුණ ආවරණය කළ ආරක්ෂක හිස් වැස්මක්

වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීම හා පුද්ගල ඝාතනයකට අනුබල දීම සම්බන්ධයෙන් සැකපිට සැකකරුවන් දෙදෙනෙකු තංගල්ල කොට්ඨාස අපරාධ අංශය හා තංගල්ල මූලස්ථාන පොලිස් ස්ථානයේ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් (02)අත්අඩංගුවට ගනු ලැබීය.

මේ ආකාරයට  අත්අඩංගුවට පත්වූයේ තංගල්ල පට්ටිපොල ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි අයෙක් හා රන්න වීගමුව ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි  පුද්ගලයන් දෙදෙනෙකි.

නෙටොල් පිටියේ පදිංචි ඝාතනයට අනුබල දීම යටතේ පොල බේබී නැතහොත් අජිත් පුසන්න 41 පුද්ගලයා ද, ඝාතනය සිදු කල බැව් කියන රන්න දහනායක රනා නොහොත් නිමල් සමරවික්‍රම දහනායක 49 යන මෙසේ පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.

තංගල්ල නෙටොල්පිටිය වැලිආර ප්‍රදේශයේදී ඉකුත්දා (23) වාහන සේදුම් ස්ථානයකදී එම සේවා ස්ථානයේ හිමිකරුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සැකපිට මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.සැකකරුවන් පොලිස් අත්අඩංගුවට පත්ව ඇත්තේ තංගල්ල විතාරන්දෙණිය ප්‍රදේශයේදී බව පොලිසිය පවසයි. ඝාතනයට අනුබල දුන් පුද්ගලයා ධ ඝාතනය සිදු කළ පුද්ගලයාද මේ ආකාරයෙන් අත්අඩංගුවට ගෙන ඇත. ලේ තැවරුණු මන්නා පිහියක් ද,මුහුනු ආවරණය කළ ආරක්ෂක හිස් වැසුමක් ද මේ සැකකරුවන් සන්තකයේ තිබි සොයාගෙන ඇත. තංගල්ල අධිකරනයට සැකකරුවෝ 03 දින ඉදිරිපත් කරන්නට නියමිතව තිබිණි. තංගල්ල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරික්ෂණ පවත්වයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *