යුධ හමුදාව විසින් බතරමුල්ලේ පොසොන් කලාපයක් නිර්මාණය කරයි

ජයකාන්ත ලියනගේ 

පොසොන් පුර පසොලොස්වක පොහෝ දිනය නිමිත්තෙන් බත්තරමුල්ල මධ්‍යම පරිසර අධිකාරිය අසල සිට යුද්ධ හමුදා මූලස්ථානය දක්වා පිවිසෙන මාර්ගය පහන් කූඩුවලින් අලංකාරවත් කර පොසොන් කලාපයක් නිරිමාණය කිරීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදාව කටයුතු කර තිබේ.

යුද්ධ හමුදාවේ රෙජිමේන්තු 24 ක් නියෝජනය කරමින් සකස් කරන ලද මෙම පොසොන් කළාපය පෙරේදා (03) සන්ධ්‍යාවේ යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා මහතා විසින් අලෝකමත් කරන ලදි.

මෙම පොසොන් කලාපය ඉරිදා (07) දින දක්වා විවෘතව පවතින අතර එය සෞඛ්‍ය උපදෙස්වලට අනුකූලව මහජනතාවට නැරඹිය හැකි බවද යුද්ධ හමුදාව කියයි.

සියවස් ගණනාවකට පෙර අනුරාධපුර, මිහින්තලයට ඉන්දියාවේ සිට අරහත් මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කිරීමත් එයින් පසුව ඇති වූ මෙරට බෞද්ධ ශාසනික පෙලහර තුලින් ආචාරධර්ම වලින් හෙබි ආධ්‍යාත්මක ජීවන රටාවක් ඇරඹුණු බවත් එම අවස්ථාවන් පිළිඹිඹු වන පරිද්දෙන් පොසොන් කළාපයේ නිර්මාණ පෙල ගස්වා ඇති බවත් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ප්‍රකාශකයෙක් සදහන් කලේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *