මිනුවන්ගොඩ කොරෝනා අනතුරට පෙර සුදානම් වෙමුද ???

මිනුවන්ගොඩ යකහටුව ගනේහිමුල්ල ප්‍රදේශයේ ඇගළුම් කර්මාන්ත ශාලාවක සේවය කල කාන්තාවක උණ රෝගය වලදීම නිසා මිනුවන්ගොඩ රෝහලට ඇතුලත් කර ඇත පසුව වැඩි දුර ප්‍රතිකාර සදහා ගම්පහ මහ රෝහලට ඇතුලත් කල අතර ඇයගේ උණ තත්වය සම්බන්ධයෙන් ප්‍රතිකාර සිදුකල වෛද්‍ය වරුන් විසින් උණ රෝගය සුවවී නිවසට යන අවස්ථාවේ PCR පරීක්ෂණයක් සිදුකර ඇත එම වාර්තාවන් අනුව ඇයට කොවිඩ් 19 හෙවත් කොරෝනා රෝගය වැළදී ඇතිබවට තහවරු වන ලදී ඊයේ රාත්‍රියේ අදාල වාරතා ලැබීමෙන් අනතුරුව ඇයගේ නිවස පිහිටා ඇති දිවුලපිටිය ප්‍රදේශයේ අය සහ අවට සම්බන්ධතා පැවැත්වූ ස්ථාන සම්බන්ධයෙන් සොයා බැලීමක් සෞඛ්‍ය අංශ සහ ආරක්ෂක අංශ විසින් සිදුකරන ලදී

අදාල කාන්තාව නේවාසිකව ප්‍රතිකාර ලැබූ ගම්පහ මහ රෝහලේ කාර්ය මණ්ඩලයේ 15 දෙනෙකු නිරෝධායනය කිරීමට කටයුතු කර ඇත එමෙන්ම අදාල කාන්තාව සේවය ඇගලුම් කරමාන්ත ශාලාවේ සේවකයින් 1000 කට අසන්න පිරිසක් සේවය කරන අතර ඔවුන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල පදිංචිකරුවන් බවට වාර්තාවන අතර මේ සියලු දෙනා සම්බන්ධයෙන් කඩිනමින් අවශ්‍ය පියවර ගැනීමට සෞඛ්‍ය අංශ සහ ආරක්ෂක අංශ විසින් කට යුතුකරමින් ඇත අද උදැසන කාලයේ මිනුවන්ගොඩ ප්‍රදේශයට මෙම තොරතුරු ලැබීමත් සමග දහම් පාසල් ආරම්භවී පැයක් පමණ ගතවී තිබුණි

මෙම පුවත සැලවීමත් සමග දෙමව්පියන් විසින් දරුවන් නිවෙස් වෙත රැගෙනයාමට කටයුතු කල අතර අද ඉරිදා දිනයක් බැවින් මිනුවන්ගොඩ නගරය බොහෝ කාර්ය බහුල වන අතර ඉරිදා පොළද ක්‍රියාත්මක වෙමින් තිබුණි මිනුවන්ගොඩ පොලීසිය අදාල කොරෝනා ඇදිරිනීතිය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කල අතර නගරයේ බොහෝ වෙළද සැල් වසා දැමීමට කටයුතු කරන ලදී මේවන විට මිනුවන්ගොඩ සහ දිවුලපිටිය පොලිස් වසම් සදහා පොලිස් ඇදිරිනීතිය පනවා ඇති අතර ජනතාවට හැකි ඉකමනින් නිවෙස් වෙත යන ලෙස දැනුම් දී ඇත

මිනුවන්ගොඩ රෝහලේ කාන්තාව සමග සිටි රෝගීන් සියලු දෙනාම මීගමුව සහ ගම්පහ රෝහල් වෙත යවා ඇති අතර අදාල ඇගලුම් කර්මාන්ත ශාලාවේ සේවිකාවන් පිරිස් එම ස්ථානයට ගෙන්වා සෞඛ්‍ය අංශ මගින් අවශ්‍ය උපදෙස් ලබාදෙමින් ඇත තවමත් මෙහි අනතුර මිනුවන්ගොඩ ප්‍රදේශයට ඇතුළු වී ඇති බවත් ජනතාව වහාම ඒ සදහා සුදානම් වීමේ අවශ්‍යතාවය සෞඛ්‍ය අංශ පෙන්වා දෙන අතර ඉදිරි දින කිහිපය බොහෝ අවධානම් සහිත නිසා සියලු දෙනාම සෞඛ්‍ය උපදෙස් අකුරටම පිළිපදින ලෙස දැනුම් දෙන අතර අත්‍යවශ්‍ය කාරණයකට හැර නගරයට සහ අවට ප්‍රදේශයන් වල සැරිසැරීමෙන් වලකින ලෙස සදහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *