ජවිපෙ සහෝදරාත්මක දෑත පෙරටගමීන් වෙත දිගු කරනවා // අනුර කුමාර දිසානායක කියයි

ජනතා විමුක්ති පෙරමුණ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කරන අරගලයේදී කොන්දේසි විරහිතව පෙරටුගාමී සමාජවාදී පක්ෂය සමග එකතුවීමට සුදානම් බවත් ඒ වෙනුවෙන් සාකච්චා වන් මේ මොහොතේ සිදුකරන බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා රුපවාහිනී නාලිකාවක් සමග පැවති සාකච්චාවකදී සදහන් කරන ලදී මෙහිදී ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා වැඩි දුරටත් සදහන් කලේ අතීතයේදී සිදුවූ සිදුවීම් අමතක කිරීමට තමන් ඇතුළු පක්ෂය සුදානම් බවත් අතීතයේ පාඩම වර්තමානයේ අවශ්‍ය තාවය දක්වා පෙළගැසී ඇති බවත් තම පක්ෂය සමග කටයුතු කල ඒ සියලු දෙනාට සාමයේ දෑත දැඩි සහෝදරත්වයෙන් දිගු කරන බවත් අද රටතුල පවතින ආර්ථික සමජීය දේශපාලන අර්බුධය විසදීමේදී මාවත් දෙකක් නොව එක මාවතක් තෝරා ගැනීම වැදගත් බවත් ඒ අමිහිරි අතීතය අමතක කිරීමට පක්ෂයක් ලෙස දැනට ඔවුන් සමග සාකච්චා කිරීමේ මාවත වෙත පිවිස ඇති බවත් අනුර කුමාර දිසානායක මහතා සදහන් කරන ලදී.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක කුමාර ගුණරත්නම් මහතා මීට පෙර පැවති රුපවාහිනී වැඩසටහනකදී සදහන් කලේ ජනතා විමුක්ති පෙරමුණ සමග ඇත්තේ ප්‍රතිපතිති මය ගැටළුවක් බවත් එය මේ මොහොතේ නිරාකරණ කරගත හැකි බවත් දැන් සියලු දෙනා ඒ මාවතේ පියනගන බවත් සදහන් කරන ලදී

Leave a Reply

Your email address will not be published. Required fields are marked *