පාස්කු විවාදයේදී අනුරට අන්තර්ජාලයේ ඉහළ ප්‍රතිචාරයක්
පාර්ලිමේන්තුවේ පැවති පාස්කු ප්‍රහාරය සම්බන්ධ විවාදයේදී පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු අදහස් පලකල අතර එහිදී හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත විනාඩි හැටක කාලයක් හිමිවන ලදී ආණ්ඩු පක්ෂයේ අනෙක් මන්ත්‍රීවරුන්ට හිමිවුයේ විනාඩි දහය බැගිනි විපක්ෂයේ මන්ත්‍රීවරුන් අතරින් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා වෙත විනාඩි 40 ක කාලයක් ලැබුණු අතර එම කථාව එම අවස්ථාවේම සජීවීව අන්තර්ජාලයට මුදා හැරීමට ජනතා විමුක්ති පෙරමුණ කරයුතු කර තිබූ අතර එම කථාව සජීවීව නැරඹු පිරිස මෑතකදී පාර්ලිමේන්තුවේ කථාවක් නැරඹු වැඩිම පිරිස බවට පත්ව ඇත එම කථාව ආරම්භයේ සිට ක්‍රමිකව ප්‍රේක්ෂකයන් අන්තර්ජාලයෙන් එකතුවූ අතර සාමාන්‍යයෙන් කථාවක ආරම්භයේදී සිටින පිරිස අවසානය වන විට ක්‍රමිකව පහල යන අතර එහෙත් අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයාගේ කථාව ආරම්භයේ සිට ක්‍රමිකව වර්ධනය වීම සුවිශේෂී තත්වයක් වන ලදී