පසුගිය සති දෙක පුරා ඇගලුම්හලේ 200 කට උණ රෝගයක් පැතිරිලා

ඇගලුම්හලේ තවත් පිරිසක් රට පුරා PCR සදහා ඉදිරිපත්වී නැහැ

මිනුවන්ගොඩ ඇගලුම් කර්මාන්ත ශාලාවේ සේවය කරන නිවාඩු ගොස් සිටින පිට පළාත්වල සේවකයින් බොහොමයක් PCR පරීක්ෂණයන් සදහා ඉදිරිපත් වී නොමැත ඊයේ දිනයේ නිවාඩු ගොස් සිටින සේවකයන්ට ලගම ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට හෝ රෝහලට ගොස් PCR පරීක්ෂණ සිදුකරගන්නා ලෙස දැනුම් දුන්නද බොහෝ පිරිසක් තවමත් ඒ සදහා ඉදිරිපත්වී නොමැත එලෙස නිවාඩු ගොස් සිටින සේවකයන් කිහිප දෙනෙකු ගේ pcr පරීක්ෂණ වාර්තා අනුව කොරෝනා අසාධිතයින් බවට හදුනාගෙන ඇත සෞඛ්‍ය අංශ සදහන් කරන්නේ මෙම ඇගලුම් කර්මාන්ත ශාලාවේ සේවකයින් 200 පමණ පසුගිය සති දෙක පුරාවට කැස්ස උණ රෝග ලක්ෂණ පෙන්වා ඇති බවත් ඔවුන් විවිධ ස්ථාන වලින් බෙහෙත් ලබාගෙන ඇත මෙවැනි වෛරස් උණ තත්වය සම්බන්ධයෙන් කර්මාන්ත ශාලාවේ පාලන අධිකාරිය අවශ්‍ය ක්‍රමවේදයන් ගත්තානම් මෙම රෝගය ආයතනය තුල පාලනය කරගැනීමේ අවස්ථාව ලැබෙන බව සදහන් කරයි දැනට ලැබී ඇති තොරතුරු අනුව ඊයේ සවස් කාලය වෙන තුරු ලබාගන්නා ලද සාම්පල PCR පරීක්ෂණ සදහා යොමුකර ඇති බවත් එමගින් කර්මාන්ත ශාලාවේ සේවක සේවිකාවන් 90 දෙනෙකුට කොරෝනා ආසාධනය වී ඇති බව වාර්තාවෙයි මෙම රෝගීන්ගෙන් වැඩි දෙනෙකු මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ප්‍රදේශවල පදිංචි කරුවන් බවට වාර්තාවෙයි ,මේනිසා එම ප්‍රදේශවල මහ ජනතාව දැඩි අවධානයෙන් කටයුතු කල යුතු බවත් සදහන් කරයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *