මිනුවන්ගොඩින් තවත් කොරෝනා පොකුරක් මතුවෙයි
මෙරට දෙවන කොරෝනා රැල්ල ආරම්භවූ මිනුවන්ගොඩ ප්‍රදේශයෙන් තවත් කොරෝනා පොකුරක් මතුව ඇති බවට වාර්තා වෙයි මිනුවන්ගොඩ උඩුගම්පොල ප්‍රදේශයේ පැවති විවාහ මංගල උත්සවයකට සහභාගී වූ 250 ක පිරිසගෙන් 131 දෙනෙකුට කොරෝනා ආසාධනය වී ඇති බව මිනුවන්ගොඩ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමින්ද සමරදිවාකර සඳහන් කරයි. මෙම උත්සවය සදහා ප්‍රදේශයේ දේශපාලන නායකයන් ඇතුළු පිරිසක් සහභාගී වී ඇති බවත් මංගල උත්සවක් උපරිම 50 නිවසකත් 150 ක් හොටලයකත් සීමා කිරීමට නියෝග කර ඇති සමයක මෙවැනි පිරිසක් හෝටලයට ගැනීම සම්බන්ධයෙන් හෝටලයේ හිමිකරුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව ද සදහන් කරයි