ඇවිලෙන ගින්නට පිදුරු දැමූ ආනමඩුවේ සිද්ධිය

පුත්තලමේ සිටින්නේ බූරුවන්ද

ආනමඩුවේ සිදුවීම ඇවිලෙන ගින්නට පිදුරු දැමීමක් විය මේ සිද්ධිය පුත්තලම දිස්ත්‍රීක්කය පුරා සැනකින් පැතිර යන ලදී කවුරු මොනවා කීවත් සමාජ ජාල තිබුනානම් තවත් මෙය දෙගුණ තෙගුණ වී ප්‍රසාරණය වනවා නිසැකය එහෙත් අපි සැම විටම කියන්නේ අභිමානවත් පිරිසක් කන්ද උඩරට සිටින බවයි. පුත්තලමේ සිටින්නේ බුරූවන් බවට ජන සමාජයේ මතයක් පවතී කේසේ වෙතත් උඩරට වන්ශක් කාර උගතුන්ට වඩා පුත්තලමේ බූරුවන් හොදය උන් කරපු වැඩේ නිසා ඇවිලෙන ජාතිවාදී ගින්නට පැන් පොදක් ඉසින ලදී

ආණමඩුව නගරයේ පිහිටි ආපන ශාලාවකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමේ කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 7 දෙනෙකු ආණමඩුව පොලීසිය විසින් අඩංත්අගුවට ගන්නා ලදි.අත්අඩංගුවට ගෙන ඇති  සැකකරුවන් වයස අවුරුදු 19 – 25 වයස් හි පසුවන්නන් වන අතර ඔවුනට එරෙහිව හදිසි නීතිය ක්‍රියාත්මක කිරීමේ පනත  අනුව අධිකරණමය ක්‍රියා මාර්ග ගන්නා බව පොලීසිය පවසයි.ගිනි තබා විනාශ කරන ලද ආපන ශාලාවට ආසන්නයෙන් ඇති වෙළඳසලක සවි කර තිබූ ආරක්ෂිත කැමරා පද්ධතියක දර්ශන උපයෝගී කරගෙන  විමර්ශන සිදු කිරීමෙන් පසු සැකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලීසියට හැකි විය.

අන්තවාදීන් කීපදෙනකු විසින් අද අළුයම (මාර්තු 11) ගිනිතබා විනාශ කරන ලද ආනමඩුව ‘මදීනා’ හෝටලය පැය කීපයක් ඇතුළත යළිත් පිළිසකර කර එහි ව්‍යාපාරික කටයුතු ආරම්භ කිරීමට ආනමඩුව වෙළඳ සංගමය සහ ප්‍රදේශවාසීහු පියවර ගත්හ. එම ස්ථානයට රැස් වූ සියලු ජන කොටස්වල මැදිහත්වීමෙන් ‘ආනමඩුව වෙළෙඳ සංගමය’ විසින් එක දිනක් ඇතුළත හෝටලය යථා තත්වයට පත්කරනු ලැබීම බොහෝ දෙනාගේ විශ්මයට හේතු විය.

අළුයම 2.15 ට පමණ යතුරුපැදි හතරකින් පැමිණි කණ්ඩායමක් විසින් එම ගිණි තැබීම සිදු කර ඇතැයි සැලකෙන අතර හෝටලයේ විශාල කොටසක් සම්පූර්ණයෙන්ම දැවී විනාශ වී ඇත.

ඒ සමග දේශපාලනඥයන්, නගරයේ ව්‍යාපාරික සංගමය සහ ආගමික නායකයන් එක්ව අද දවස තුළම එම හෝටලය කලින් තිබුණ තත්වයට පත් කර එය විවෘත කරන බව කියා සිටියහ. ඒ අනුව ආණමඩුවේ 250 කට වැඩි පිරිසක් ස්වේච්ඡාවෙන් හෝටලය ප්‍ර‍තිසංස්කරණය කිරීමට එක්වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *