මාධ්‍යට තොරතුරු දුන් තරුණයාගේ යතුරු පැදියට නාදුන කණ්ඩායමක් ගිනි තියලා.

සටහන සහ ජායාරූප කෑගල්ල සමන් විජය බණ්ඩාර
තම රැකියාවේ වැඩ අවසන් කොට යතුරු පැදියෙන් නිවස වෙත එමින් සිටි තිදෙරු පියෙකුට මුහුණ වසා ගත් සිව් දෙනෙක් විසින් මහ මග හරස් කොට එම පුද්ගලයා ඝාතනය කිරිම තැත් කිරිමේදි ඔහු පැන දිව ගිය පසු ඔහුගේ යතුරු පැදිය ගිනිපත් කිරිමේ ශෝචනිය කතා ප්‍රවෘත්තියක් ඊයේ 29 රාත්‍රීයේදි ගම්පොල පොලිස් බල ප්‍රදේශයේදි වාර්තා විය.
ගම්පොළ හෙම්මාතගම මාර්ගයේ අම්බුළුවාව ජෛව විවිධත්ව සංකීර්ණය ආසන්නයේ හෙම්මාතගම දිසාවට වන්නට ඇති විදුලි ට්‍රාන්ස්පොමරයක් ආසන්නයේ මෙම සිද්ධිය සිදු වි ඇත.
නාදුනන පුද්ගලයන් පිරිසක් විසින් සැලසුම් සහගතව සිට මෙම ක්‍රියාව සිදු කර ඇත්තේ එම්.ජි. ප්‍රසන්න කුමාර ( අම්බුළුවාව රාජා ) නැමැති තිදෙරු පියෙකු ඉලක්ක කර ගෙනයි. ඔහු පදිංචි වි සිටින්නේ මාවනැල්ල ප්‍රාදේශිය ලේකම් කාලාපයට අයත් අම්බලාව අක්කර සියය ප්‍රදේශයේය.
එදින රාත්‍රී 11.00 ත් 11.30 අතර කාලයේදි සිද්ධියට මුහුණ දුන් ප්‍රසන්න තම රැකියාව නියුතු ගම්පොළ සිංහාපිටියේ ලී මෝලෙහි වැඩ අවසන් කිරිමෙන් පසුව තමා සමග සේවය කරන මිත්‍රයෙකු ඔහුගේ නිවසට ගෙනවිත් ඇරවා තනිවම බයිසිකලයෙන් නිවසට පැමිණෙමින් සිටියදි අම්බුළුවාව ජෛව විවිධත්ව සංකීර්ණය ආසන්නයේදි මග හරස් කොට ඇත. එහි සිටි පුද්ගලයන් තමාට තර්ජනය කොට කිසියම් කරදරයක් කිරිමට උත්සාහ කර අවස්ථාවේ තමා පැමිණි බයිසිකලය එහි දමා පාර දිගේ සහ කැලෑ මාර්ගයේ ගොස් දිවි බේරා ගත් බව ප්‍රසන්න කුමාර පවසයි.
මිටර් 200 ක් පමණ දුර යන විට තමාගේ බයිසිකලය නැවැත්වු ස්ථානයේ විශාල ගිනි ජාලාවක් අහසට දුමාරට සමග යන බව අඩ සඳ එළිය ඇති එදින තමා යන විට දුටු බවද ප්‍රසන්න පවසයි.
මෙසේ තමාව ඉලක්ක කර ගනිමින් තමා ඝාතනය කිරිමට තැත් කර ඇත්තේ මෑතක සිදු වු සිද්ධියක් විය හැකි බව ප්‍රසන්න සැක පහල කරයි. එම සිදු විම ලෙස ඔහු පෙන්වා දෙන්නේ මාර්ගයේ රථ වාහාන වල ආරක්ෂාවට වංගු සහිත ස්ථානයක සවි කරන ලද ආරක්ෂිත යකඩ වැටක් ඉවත් කර නැවත සවි කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් මාධ්‍ය වෙත තොරතුරු ලබා දිම විය හැකි බවයි. මාධ්‍යවේදින් එහි ගොස් එය පරික්ෂාවට ලක් කිරිමේදි තමාද එහි සිටි පුද්ගලයන් කිහිප දෙනෙක් මාධ්‍යයට තොරතුරු දුන් නිසා තර්ජනය කර බවද ඔහු පැවසීය. ඒ සම්බන්ධයෙන් එදිනම ගම්පොල පොලිසියට පැමිණිල්ලක් කර බවත් එම පැමිණිල්ල අද 31 දින දෙපාර්ෂවය ගෙන්වා විභාග කිරිමට නියමිතව පැවැති බවද සිද්ධීයට මුහුණ පෑ ප්‍රසන්න කියයි.
තමා විශාල වශයෙන් සමාජ සේවාවන් සිදු කරන පුද්ගලයෙක් වන බවත් තමා රැකියාවට යන එන මාර්ගය මෑතක මං තීරු දෙකක මාර්ගයක් ලෙස සංවර්ධනය වි ඇති මාර්ගයක් වන බැවින්ද මාර්ගය අම්බුළුවාව කන්ද පසු කරමින් සුන්දරත්වයකින් සමන්විත ගමන් මාර්ගයක වැටි ඇති නිසා කැලි කසල දමන සංචාරකයන් පවා යන එන අවස්ථාවන් වල දැනුවත් කරමින් එම මාර්ගයේ පාරිත්‍යාගශීලින්ගේ දායකත්වයෙන් කැලි කසල නොදමා පරිසරය ආරක්ෂා කර ගන්නා ලෙස ජනතාව දැනුවත් කරන දැන්විම් ගණණාවක්ම ප්‍රදර්ශනය කිරිමට මුලිකත්වය ගෙන ක්‍රීයා කර පුද්ගලයෙකුද වන අතරම 2015 නාය ගිය අම්බුළුවාව කුණූ කන්ද වෙනුවෙන් දිවා රාත්‍රී හඩ නැගු සමාජ සේවකයෙකුද වන්නේය.
ප්‍රසන්න විසින් පසුගිය දිනක මාධ්‍ය දැනුවත් කරමින් රාජ්‍ය දේපොලක් ඉවත් කිරිමක් ගැන මාධ්‍යවේදියෙකු දැනුවත් කර තිබුණි. ගම්පොළ හෙම්මාතගම මාර්ගයේ අංක 24/4 හා 24/5 අතර වංගු සහිත ස්ථානයක ( එකේ කණූව ) සවිකර ඇති ආරක්ෂිත වැට පසුගිය ආගොස්තු 21 වැනිදා අප එහි යන විට ගලවා තිබුණි. අප එහි ගියේද ප්‍රසන්න සමාජ සේවයක් වශයෙන් අපට පෙන්වා දුන් වැරදි සහගත ක්‍රීයාව නිසාය.
මෙම වැට ඉවත් කර ඊට දින දෙකකට පසුව ආගොස්තු 23 දා එම ආරක්ෂිත වැටෙහි කොටසක් සවි කර ඇති අයුරු නැවත අපට නිරික්ෂණය විය. 21 වැනිදා එම ස්ථානයට ගොස් වැට ඉවත් කර ස්ථානයේ ඇති ගොඩනැගිල්ලේ හිමිකරුගෙන් ඒ සම්බන්ධයෙන් විමසිමක් කරන අවස්ථාවේ එම වැට තමා විසින් ගලවා ඉවත් කර බවත් එම ඉවත් කරන ලද වැට එම ගොඩනැගිල්ල ඇතුලත තිඛෙන බවත් අපට පෙන්විය. එහිදි එම වැට ගැලවිමට නිතීමය අවසරයක් ලැබි ඇති බව පවසමින් අප වෙත මාර්ග සංවර්ධන අධිකාරිය මගින් ලබා දුන් ලිපියක් පෙන්වන ලදි.
නමුත් එම ලිපිය පරික්ෂාවට ලක් කර විට දැක ගත හැකි වුයේ එම ලිපියේ එම නිවසට ප්‍රවේශ විමට අඩි 12 ක කොටසක් පමණක් ගලවා දැමිමට අවසරය ලබා දි ඇති අකාරයයි. එම සියලූම සිදුවිම් ජායාරූප සහ විඩියෝ මෙන්ම ගොඩනැගිල්ලේ අයිතිකරු වන එම්.ඩී.කේ. පෙරේරා අප සමග පැවසු අදහස් එම අවස්ථාවේ පටිගත කර ගන්නා ලදි.
සම්පුර්ණයෙන්ම ගලවා ඉවත් කරන ලද ආරක්ෂිත යකඩ වැටේ කොටසක් සවි කර ඇති බව නැවත නිරික්ෂණය වුයේ අද 23 වැනි දාය. එහි ගොස් අප ගොඩනැගිල්ලේ අයිතිකරුගෙන් ඒ සම්බන්ධයෙන් විමසිමක් කර අවස්ථාවේ ඔහු කලබලයට පත්වි එම සිද්ධිය සිදු වු ස්ථානයට පැමිණි සිද්ධීයට මුහුණ පෑ ප්‍රසන්න කුමාර මහතාට මාධ්‍ය වෙත තොරතුරු දුන් බව පවසා තර්ජනය කරමින් පරුෂ වචනයෙන් බැන වැදුනු අතර ඒවා සියල්ලට අපට එහිදි පටිගත කිරිමට හැකි විය.
එම දිනයේ මෙම සිද්ධීය සම්බන්ධයෙන් කඩුගන්නාව විධායක ඉංජිනේරු කාර්යාලයෙන් කරන ලද විමසිමකදි එහි නිලධාරියෙක් පැවසුයේ ආරක්ෂිත වැට සහ එම වංගු සහිත ස්ථානයේ අනවසර ඉදිකිරිමක් කර ඇති නිසා එහි අයිතිකරුට නඩු පවරන බවයි. ( විධායක ඉංජිනේරු මහතා කතා කරන ලද හඩ පටය ඇත )
මෙම මාර්ගය මාවනැල්ලේ සිට හෙම්මාතගම හරහා ගම්පොල දක්වා මං තීරු දෙකට පසුගිය රජය විසින් කෝටි 570 කටත් වඩා වැඩි මුදලක් යොදවා සංවර්ධන කර ඇත්තේ මාර්ගයේ අඩුපාඩුද රැසක් සහිතවයි. මෙම මාර්ගය කොළඹ සිට පැමිණෙන පිරිස් නුවරඑළිය නාවලපිටිය සහ ගම්පොල මහනුවර වැනි නගරයන් වලට පහසුවෙන් ගමන් කර හැකි මාර්ගයක් ලෙස භාවිතයට ගනි.
මෙම මාර්ගය කදු සහ බැවුම් රැසකින් සමන්විත වන බැවින් යකඩ වලින් ආරක්ෂිත වැටවල් යොදා ඇති අතර සමහර වංගු සහිත ස්ථාන වල ආරක්ෂිත වැටවල් නොමැති කමින් වාහාන අනතුරුද රැසක් මෑතක කාලයේ සිදු විය. මාර්ගයේ පවතින අඩුපාඩු මෙන්ම ජනතාව හිතා මතාව කරන වැරදි වගකිව යුතු ආයතන වලින් හිතා මතාම පැහැර හැරිම නිසා ඒවා මාධ්‍යයේ ප්‍රචාරය කිරිමට සහ ජනාධිපතිවරයාගේ අගමැතිවරයාගේ මෙන්ම වගකිව යුතු ඉහළ අංශ වල අවදානය යොමු කිරිමට විශාල මෙහෙවරක් සිදු කරන මෙවැනි පුද්ගයන් මෙන්ම මාධ්‍යවේදින්ද මෙවැනි පුද්ගයන්ගෙන් ආරක්ෂා කොට රට සුරක්ෂිත කිරිමට අවදානය යොමු විය යුතුව පවති.
සිද්ධීයට මුහුණ පෑ එම්.ජි. ප්‍රසන්න කුමාර ( අම්බුළුවාවේ රාජා )
මම ගම්පොළ සිංහාපිටියේ ලීමෝලේ තමයි වැඩ කරන්නේ වැඩ වැඩි වුනාම රෑත් වැඩ කරනවා. මාගේ වැඩ අවසන් කරලා මාගේ යාළුවෙක් ගිහින් දාන්න මම උඩුවැල්ලට ( අසුපිණි ඇල්ල කිට්ටුව ) ගියා. යාළුවා නිවසට දාලා ගම්පොලින් බයිසිකලයට ඉන්ධන රුපියල් 200 ගසා ගෙන අම්බුළුවාව හරහා ගෙදර එන්න ආවා.
ඒ එන අවස්ථාවේ අම්බුළුවාව ජෛව විවිධත්ව සංකීර්ණය පහතින් මම දැක්කා පස් හය දෙනෙක් ඉන්නවා. මම එක පාරම හිතුවා පොලිසියද කියලා ඊට පස්සේ මම හෙට් ලයිට් එක ගහලා ආපසු ඩිම් කරලා නැවත හෙඩ් එක ගැසුවා නැවත ඩිම් කරනවාත් එක්කම එතන හිටපු කෙනෙක් ඇසුවා උඹද අම්බුළුවාවේ රාජා කියන චණ්ඩියාද කියලා. මම එන ක්‍රමය හොඳ නැති නිසා බයිසිකලය අතහැරලා පැනලා දිවා. මට ළමයින් තුන් දෙනෙක් ඉන්නවා. අම්මා ඉන්නවා මම තමයි ඒ හැම කෙනෙක්ම බලා ගන්නේ මම විතරයි රැකියාවක් කරන්නෙත්. මාගේ ජිවිතය බේරුනා බයිසිකලය විනාශ වුනා. දැන් මට වැඩට යන්න එන්න ළමයි පාසල් එක්කරගෙන ගම්පොලට යන්න බයිසිකලයක් නැහැ. මට වෙන කිසි දෙයක් ඒපා ජනාධීපතිතුමනි මට මේකට සාධාරණයක් කරලා දෙන්න.
විහාරාධීපති හිමි ශ්‍රී බෝධීමළු විහාරස්ථානය අම්බලාව අක්කර සියය
රාජා අයියා කියන්නේ අපේ පන්සලේ හොඳ දායකයෙක් ඒ වාගේම සමාජ සේවයට ඇප කැප විමෙන් යුතුව සේවය කරන කෙනෙක්. ගමේ මෙන්ම අසල්වාස් ගම් කිසි කෙනෙක් රාජා අයියාට තරහක් තිබුණෙA නැහැ. සමාජ සේවය කරන නිසා සමහර වැරදි දේවල් පෙන්වා දෙනවා. පරිසරයට මෙන්ම රජයේ දේවල් විනාශ වෙන දේවල් ගැන වගකිව යුත්තන්ට කියන්න කිසි වේලාවක බය වෙන්නේ නැහැ. එහෙම කරපු සමාජ සේවයක් නිසා තමයි මේ විදිහට බයිසිකලය ගිනිබත් කරලා තියෙන්නේ ඒ වෙනුවෙන් මම හිතනවා ජනාධිපතිතුමාගේ අවදානය යොමු වෙයි කියලා. රාජා අයියාට සමාජ සාධාරණත්වය ඉටු වෙනකම් අපි බලාගෙන ඉන්නේ යැයිද උන්වහන්සේ පැවසිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *