මාවනැල්ල පාරේ ඉදි වන අනවසර ගොඩනැගිල්ලට නීතිය කොහිද // වීඩියෝ සහිතයි

ප්‍රාදේශීය සභාවේ කිසිදු අනුමැතියක් ගෙන නැහැ

කෑගල්ල සමන් විජය බණ්ඩාර

මාවනැල්ල නගරයේ මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ කිසිදු අනුමැතියකින් තොරව තට්ටු සහිත අනවසර ගොඩනැගිල්ලක් කඩිනමින් අවසන් කිරිමට පුද්ගලයෙක් කම්කරුවන් යොදා ගනිමින් බලහත්කාරයෙන් එම නිතී රිතී වලට යටත් නොවි ගොඩනැගිල්ල දෙවැනි දිනටත් ඊයේ 12 වැඩ ආරම්භ කර අද හෝ හෙට සතියේ නිවාඩු දින යොදා ගැනිමින් සිදු කරන කටයුත්තක් ගැන අපට වාර්තා විය.

 

මාවනැල්ල ප්‍රාදේශිය සභාවේ සභාපති අනුර චන්දන ජයවන්දල මහතා පවසන්නේ මෙම ඉදි කිරිමට සභාවේ කිසිදු අනුමැතියක් ලබා ගෙන නොමැති අතර මෙය අනවසර ගොඩනැගිලක් බවයි. පසුගිය සතියේ දිනක මෙම ස්ථානයේ අනවසර තට්ටු වෙළෙඳ ගොඩනැගිල්ලක් ඉදි කරමින් පවතින් අවස්ථාවේ මාධ්‍ය කණ්ඩායමක් එහි ගොස් අදාල ස්ථානයේ රහසිගතව විඩියෝ සහ ජායාරූප ලබා ගෙන මෙ සම්බන්ධයෙන් වගකිව යුතු බලධාරින්ගෙන් විමසීමෙදි එදින ආදාල ස්ථානයේ වැඩ නවත්වා ඉතා ඉක්මනින් එහි වැඩ කරන ලද කම්කරුවන් සහ අයිතිකරුවන් එම ස්ථානයෙන් පිට වි යන අයුරුද දැක ගත හැකි වු අතර එම දිනයෙන් පසුව තාවකාලිකව වැඩ නවත්වා තිබු ගොඩනැගිල්ල දින කිහිපයකට පසුව නැවත සතියේ රජයේ නිවාඩු දෙක ඉලක්ක කොට බලහත්කාරයෙන් හෝ වැඩ අවසන් කිරිමට මෙ වන විට ඉදි කිරිම් සිදු වෙමින් පවති.

ඒ අනුව මෙ වන විට කම්කරුවන් 10 කට ආසන්න ප්‍රමාණයක් යොදා ගෙන එහි ඉදි කිරිම් සිදු වන නිසාත් මෙම ස්ථානයේ අනවසර කටයුත්තක් බලහත්කාරයෙන් සිදු වන හෙයින් අප එම දිනයේ මාවනැල්ල ප්‍රාදේශිය සභාවේ සභාපති අනුර චන්දන ජයවන්දල මහතා මුණ ගැසි මාවනැල්ල සභාවේදි මෙ සම්බන්ධයෙන් විමසීමක් කර අතර එහිදි තොරතුරු දැන ගැනිමේ පණත යටතේ අදාල ස්ථානයේ සවිස්තරාත්මක විස්තරයක් ලබා දෙන ලෙස සභාවේ ලේකම්තුමිය වෙත පොරණයක්ද පුරවා අප මාධ්‍ය කණ්ඩායම මගින් ලබා දි පෝරණය ලබා දුන් බවට සභාව හරහා ලිඛිත ලියකියවිල්ලක්ද ලබා ගන්නා ලදි.
එහි ගිය අපට මාවනැල්ල ප්‍රාදේශිය සභාවේ සභාපති අනුර චන්දන ජයවන්ද මහතා නගරයේ සිදු වන ඉදිකිරිම සම්බන්ධයෙන් අදහස් දක්වමින් මෙසේ පැවසීය.

මෙම ස්ථානයේ අනවසර ඉදිකිරිමක් සිදු කරනවා කියලා සති තුනකට පමණ කලින් අපිට පැමිණිල්ලක් ලැබුණා. කාර්මික නිලධාරිනියක් යවලා ඒ සම්බන්ධයෙන් සියලූ අපි ඒ අය දැනුවත් කලා අවශ්‍ය වන අවසරය අරන් පමණක් ඉදි කිරිම් කරන්න කියලා ඔවුන්ට දැන්නුවා. ඉදි කිරිම් අවසරයකින් තොරව කලොත් අපි නාගරික සංවර්ධන අධිකාරියේ නියෝග ලැබි තිඛෙනවා අදාල පුද්ගලයාට ඒ අනුව අපි මෙ ස්ථානයේ කිසිදු ඉදිකිරිමක් කරන්න අවස්ථාව ලබා දෙන්නේ නැහැ අවශ්‍ය නිතීමය කටයුතු සිදු කරන්නත් බලාපොරොත්තු වෙනවා.

දැනට මාවනැල්ල නගරයේ අනවසර ඉදි කිරිම් ගණනාවක්ම තිඛෙනවා. ගිය පාර මාසික සභාවාරයේදි අපි තීන්දුවක් ගත්තා මාවනැල්ල නගරයේ අනවසර ඉදිකිරිම් සියල්ල ඉවත් කරන්න. ඉදිරියේදි මාවනැල්ල නගර සැලැස්මත් එක්ක නගරයේ අනවසර ඉදි කිරිම් ඉවත් කරන්න බලාපොරොත්තු වෙනවා. මෙවැනි අනවසර ඉදි කිරිම් කරන්න මම කිසිදු විදිහයේ බලපත්‍රයක් හෝ අවසරයක් ලබා දිලා නැති බවද මෙහිදි පැවසීය.

කෙසේ වෙතත් මෙම ස්ථානයේ සිදු වන අනවසර ඉදි කිරිම 12 සිකුරාදා සිදු වන අතර එම ස්ථානයට මහා මාර්ග දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියෙකුද මහා මාර්ග දෙපාර්තමේන්තුවේ වාහනයකින් පැමිණ අදාල ස්ථානයේ නැවති එහි ඉදිකිරිම් සිදු කරන ව්‍යාපාරිකයා සමග සාකජ්ජා කර යන අයුරුද එහි විඩියෝ ගත කරන ලද අප මාධ්‍ය කණ්ඩායම සතුව පවති.නිලධාරින් මෙන්ම ඉහළ පෙළේ දේශපාන උදව්වෙන් සිදු වන මෙම අනවසර ඉදි කිරිම මාවනැල්ල නගරයේ ජනතාවගේ දැඩි අප්‍රසාදයට පත් වි ඇති අතර එම ක්‍රියාව නැවැත්විමට මෙතෙක් බලධාරීන් අපොසත් වි මග හැරිමක් හිතා මතා සිදු කරන බවද ඔවුන් කියති. දේශපාලන බලය උපයෝගි කර ගනිමින් සිදු කරන මෙම ක්‍රියා නවත්වන්නට බැරි අපේ රටේ නිතීය හා දේශපාලඥයින්ගේ මෙවැනි කටයුතු වෙනුවෙන් යම් දිනක ජනතාව පිළිකුල් කරන දිනය තව වැඩි ඈතක නොවෙනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *