ධීවර කර්මාන්තය සංවර්ධනය කිරීමට නොර්වේ සමග එකඟතාවක්

තාක්ෂණික දැනුම ඔස්සේ මෙරට ධීවර කර්මාන්තය සංවර්ධනය

ශී‍්‍ර ලංකාවේ ධීවර කර්මාන්තය නව තාක්ෂණික දැනුම ඔස්සේ සංවර්ධනය කිරීමට උපරිම සහයෝගය ලබාදීම සඳහා නෝර්වේ රජයේ පාර්ලිමේන්තුව එකඟතාවය පළ කර තිබෙනවා. ඒ, කතානායක කරූ ජයසූරිය මහතාගේ උපදෙස් මත නෝර්වේ රාජ්‍යය බලා පිටත්ව ගිය ශී‍්‍ර ලංකා පාර්ලිමේන්තුවේ දූත පිරිසක් එරට පාර්ලිමේන්තුවේ නියෝජිතයන් සමඟ සිදුකළ සාකච්ඡවක දීයී. මෙම සංචාරයට රජයේ මෙන්ම විපක්ෂයේ මන්තී‍්‍රවරුන්ද ඇතුළු 15 දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් සහභාගි වුණා. එම දූත පිරිසේ ප‍්‍රධානත්වය දරනු ලැබුවේ ජාතික ප‍්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා විසින්.

සංචාරය පිළිබඳව අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ නව තාක්ෂණික දැනුම ඔස්සේ මෙරට ධීවර කර්මාන්තය සංවර්ධනය කිරීම සඳහා නොර්වේ රාජ්‍යයෙන් ලබාගත හැකි සහයෝගය පිළිබඳව එරට පාර්ලිමේන්තු නියෝජිතයන් සමඟ දීර්ඝ ලෙස අදහස් හුවමාරු කරගත් බවයි. ඉදිරි කාලසීමාව තුළ ඊට අදාළ වැඩසටහන් සකස් කිරීම පිළිබඳව නෝර්වේ සහ ශී‍්‍ර ලංකා පාර්ලිමේන්තු නියෝජිතයන් අතර තවදුරටත් අදහස් හුවමාරු වීමට නියමිත බවද අමාත්‍යවරයා සඳහන් කළා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *