ඇමෙරිකානු G.S.P. සහනය ඊයේ (4/22) සිට බලාත්මකයි.
2020.12.31 දක්වා බල පැවැත්වෙනු ඇති
ඇමෙරිකානු රජය ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකට ලබාදෙන G.S.P. බදු සහනය ඊයේ (4/22) සිට බලාත්මකව පවතිනවා.මේ අනුව ඇඟලුම් මත්ස්‍ය අපනයන ඇතුළු භාණ්ඩ රැසකට මෙම සහනය හිමිවෙනවා .ශ්‍රී ලංකාවේ ඇඟලුම් වල ප්‍රධාන ගැනුම් කරුවා වන්නේ ඇමෙරිකාවයි.ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට මෙය රුකුලක් වන බව පැවසිය යුතුයි.මෙම සහනය ක්‍රියාත්මක වීම සඳහා ඊට අදාල මුදල් පනතට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රුම්ප් අත්සන් තැබිය යුතුව තිබෙනවා.