ඇලුටෙක් ආයතනය 2018 මාස්කෝ සම්මානයෙන් පිදුම් ලබයි

සුපිරි තාක්ෂනය සහ යන්ත්‍ර සූත්‍ර සතු ලංකාවේ එකම ඇලුමිනියම් ආයතනය

මෙරට පරිසර හිතකර නිර්මාණ කලාවේ ප්‍රමුකතම ආයතනයක් වශයෙන් සම්මාන රැසක් දිනාගෙන ඇති නිට්ටඹුව ඇලුටෙක් ආයතනය මාස්කෝ 2018 සම්මානයෙන්ද පිදුම් ලබන්නට සමත්ව ඇත .වසර ගණනාවක සිට දේශීය වෙළද පොළ තුළ දිනෙන් දින තම නාමය ප්‍රචලිත කරගැනීම වෙනුවෙන් නව නිෂ්පාදන රැසක් වෙළද එක්කිරීමට ඇලුටෙක් ආයතනය සමත්වන ලදී. ඔවුන්ගේ නිෂ්පාදන අතර ඇලුමිනියම් පැන්ට්‍රි කබඩ් සුවිශේෂී ස්ථානයක් හිමිව ඇත. ඒ ඔබගේ නිවසට අවශ්‍ය ,අලංකාරය ,කල්පැවැත්ම සහ සධාරණ මිලගණන් වලින් ඔබට අවශ්‍ය ආකාරයටම සදා ගැනීමේ අවස්ථාව හිමිවන නිසාය.

තාක්ෂනය සහ ශක්තිමත් උපාංග වලින් තම නිෂ්පාදන සිදුකිරීමත් ඒ සදහා පුහුණු කාර්ය මණ්ඩලයත් නිරන්තරයෙන් කැපවී සිටිති අලවියෙන් පසු පාරිබෝගික අවශ්‍යතාවයන් වෙනුවෙන් දින 365 පුරාවටම කැපවී සිටීම ඇලුටෙක් ආයතනයේ තවත් ප්‍රමුක සේවාවකි. ලෝකයේ අතිනවීන ඇලුමිනියම් නිෂ්පාදන හා සමගාමීව සුපිරි තාක්ෂනය සහ යන්ත්‍ර සූත්‍ර සතු ලංකාවේ එකම ඇලුමිනියම් ආයතනය නිට්ටඹුව ඇලුටෙක් ආයතනයයි.

නිවාස ඉදිකිරීම කිරීම වෙනුවෙන් පරිසර පද්ධතියෙන් සමුගන්නා ගස් වැල් ප්‍රමාණය කොතෙක් දැයි කිව නොහැක වර්තමානයේ පරිසරය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් වඩාත් වැඩි අවධානයක් යොමුව ඇති නිසා පරිසරය සහ ගස් වැල් ආරක්ෂා කිරීම වෙනුවෙන් ඇලුටෙක් ආයතනය නිරතුරුව පෙනී සිටින බවත් එය මතු පරපුර වෙනුවෙන් ආරක්ෂා කිරීම වෙනුවෙන් නිවාස ඇතුළු ඉදිකිරීම් ශේෂ්ත්‍රයේ අවශ්‍යතා සදහා පරිසර හිතකාමී නිර්මාණ රැසක් හදුන්වාදීමට තම ආයතනය ප්‍රමුක කාර්යන් රැසක් ඉටුකරණ බව ඇලුටෙක් ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ අනිල් ද සිල්වා මහතා සදහන් කරයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *