කලකට පසු හොරගොල්ල සහ මැදමුලන එක්වෙයි!!!

කලකට පසු හොරගොල්ල සහ මැදමුලන එක්වෙයි 2005 වසරේ සිට විරසකයකට තුඩුදුන් චන්ද්‍රිකා මහින්ද ආරවුල නමැති ගිණි කන්ද වර්තමානයේ නිවෙමින් පවතින බවට ඉගි සපයමින් ඇත හිටපු ජනාධිපති තුමිය ශ්‍රී ලනිප පක්ෂයේ නායකත්වයෙන් ඉවත්කරමින් එහි නායකත්වයට පත් මහින්ද රාජපක්ෂ මහතා පත්වීම තුල දීර්ඝ කාලයක මිතු දමින් බැදුණු මෙරට ප්‍රධාන දේශපාල වලව් දෙකක් වන හොරගොල්ල වලව්ව සහ මැදමුලන වලව්ව දේශපාලනිකව විරසකයක් ඇතිවීම පසුගිය කාලය පුරාම දක්නට ලැබුණි.

දෙපාර්ශයම එකිනෙකාට චෝදනා කරගනිමින් කියා සිටියේ පක්ෂයේ අයිතිය තමන් සතු බවයි එහෙත් වර්තමානයේදී මේ දෙපාර්ශයම යලිත් මිතුදමක සේයාවක් මතුවෙමින් පැවතීම අනාගත දේශපාලනයේ කඩයිමක් වනු ඇත චන්ද්‍රිකා මැතිනිය යලිත් දේශපාලන පිටියේ තරග නොකලද එතුමියට කාර්ය භාරයක් ඇත ඒ එතුමියගේ සහ බණ්ඩාරනායක උරුමයේ අවසන් උරුමය ජනගත කිරීමේ අවශ්‍ය තාවය භාව දේශපාලන විචාරකයන් පෙන්වා දෙති ඒ නිසා චන්ද්‍රිකා මැතිනිය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පවුලේ සියලු දෙනාගේ ආශීර්වාදය ඒ සදහා අවශ්‍ය බව පෙන්වා දෙති කරුණු කෙසේ උවත් හිටපු ජනාධිපති තුමිය සහ මහින්ද රාජපක්ෂ මහතා අතර සුහද තාවයෙන් කටයුතු කරන බවට ඉගි කිහිපයක් පසුගිය කාලය පුරාම දක්නට ලැබුණි

එයින් මෑතකදී ඉන්දීය මහා කොමසාරිස් කාර්යාලයේ පැවති උත්සවය සහ මෙරට 72 දෙවන් නිදහස් දින උත්සවයන් අතරදීය හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද නොපැමිණි මෙරට ජාතික උත්සවය සදහා හිටපු ජනාධිපති තුමිය එකතුවීම දේශපාලනිකව කථා බහට ලක්වන්නේ එම නිසාය වර්තමානයේ දේශපාලන වේදිකාවේ සිදුවන බොහෝ සිද්ධීන් මත මෙවැන්නක් සිදු නොවෙතැයි කියා කිව නොහැකිය දේශපාලනයේ සදාකාලික මිතුරන් හෝ සදාකාලික සතුරන් නොමැති බවට වන කියමන පසක් කිරීමක් පමණි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *