හිනිදුම 13 හැවිරිදි කෙල්ලට 18 කොල්ලා බබෙක් දිලා
දැරිය පස්මස් ගැබිණියක බව පොලීසිය පවසයි
ගාල්ල හිනිදුම ප්රදේශයේ දහ අට හැවිරිදි තරුණයකු විසින් 13තුන් හැවිරිදි බාලවයස්කාර දැරියක් ගැබනියක් බවට පත්කොට ඇති අතර මෙම සිද්ධියට සම්බන්ද තරුණයා හිනිදුම පොලිසිය විසින් පෙරේදා (16)අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු දැරියගේ ඥාති පුත්රයකු වන අතර මේ වන විට දැරිය පස්මසක ගැබනියක් බවද පොලිසිය පවසයි. දැරිය හා සැකකාර තරුණයා වතු ආශ්රිත ප්රදේශයක පදිංචිව සිටින අතර දැරිය පාසල් ගොස් ඇත්තේ දෙවැනි පංතියට පමණක් බවද පොලිසිය කියයි.
දැරියගේ උදරය ඉදිරියට නෙරා තිබෙනු දැක මේ බව ඇයගෙන් මව විමසා තිබේ. පසුව මේ පිළිබද දැරියගේ මව පැමිණිලි කිරිමෙන් පසු සැකකාර තරුණයා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු මෙකි දැරියගේ ලොකු අම්මාගේ පුතා බව පොලිස් පරික්ෂණ වලදි අනාවරණය වි ඇත. සැකකාර තරුණයා වතු ආශ්රිතව කුලි වැඩ කරණ අයෙකි.
හිනිදුම පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති පො. ප දුණිවිල මහතාගේ උපදෙස් මත ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපති කාන්තා උප පොලිස් පරික්ෂිකා සංජිවනි මහත්මිය විසින් පරික්ෂන පවත්වනු ලැබිය.