අද හැන්දෑවේ හබරාදුව මාගල්තොට දුම්රිය අනතුර // කුඩා දරුවක් මිය යයි

තවත් පහක් ගාල්ල කරාපිටිය රෝහලට ඇතුලත් කර ඇත

ගාල්ලේ සිට මාතර දක්වා ගමන් කළ දුම්රියක් හබරාදුව මාගල්තොට ප්‍රදේශයේ දී කාර් රථයක ගැටී එම රථයේ ගමන් කළ මස හයක පමණ කුඩා දරුවකු මියගොස් ඇති අතර කාර් රථයේ ගමන් කළ තවත් පස් දෙනෙකු ගාල්ල කරාපිටිය රෝහලට ඇතුලත් කර ඇත.රෝගින්ගේ තත්ත්වය සම්බන්ධයෙන් රෝහල් අධ්‍යක්ෂක වරයා කිසිවක් නොකිය. අද හැන්දෑවේ මෙම අනතුර සිදුව ඇති අතර, අක්මීමන, වංචාවල පිරිසක් මෙම අනතුරට මුහුණ පා ඇති බව පොලිසිය පවසයි.හබරාදුව පොලිසිය හා ගාල්ල කරාපිටිය රෝහල් පොලිසිය එක්ව පොලිස් පරික්ෂණ ක්‍රියාත්මක කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *