ප්‍රථම වතාවට සිමෙන්තියෙන් ඉදිකරන ලද තොරණක් එලි දැක්වේ.(වීඩියෝ සහිතයි.)

 

විවර්ත කිරීම සඳහා යොදා ගත්තේද සිමෙන්ති පහනකි.

 

මෙවර වෙසක් පොහොය නිමිතිකොට ගෙන කඩවත රන්මුතුගල ප්‍රදේශයේ සිමෙන්ති උපයෝගී කොටගෙන බිතුසිතුවම් ආශ්‍රිත තොරණක් නිර්මාණය කර ඇත.මෙවැනි තොරණක් පිළිබඳව දැනගන්නට ඇති පරිදි වාර්තාවල සඳහන්ව නැති නැති බවට තොරණ ඉදි කිරීම සඳහා අනුශාසකත්වය සැපයු රන්මුතුගල ශ්‍රී විජයාරාමාධිපති ශාශ්‍රපති චන්ද්‍රජෝති හිමිපාණෝ පවසති.
ජද්දන්ත ජාතක කතාව නිරුපනය වන මෙම තොරණ ඉදිකර ඇත්තේ රන්මුතුගල පදිංචි මෝල්ඩින් ශිල්පී (පෙදරේරු) කේ.පී.ප්‍රදීප් මහතා වන අතර බිතු සිතුවම් ශිල්පී ඩබ්ලිව්.සිරිපාල මහතා සහ විදුලි ආලෝක කරන ශිල්පී ජීවන් මනෝජ් මහතා ඔහුට සහයෝගය දක්වා ඇත.
රන්මුතුගල සේසත හාඩ්වෙයාර් අධිපති බන්දුල කරුණාරත්න මහතා අනුග්‍රහය දක්වා ඇති මෙම තොරණ අඩි 45ක් පමණ උසය.මේ සඳහා රුපියල් ලක්ෂ 10 ක් පමණ වැයවී ඇත.මෙය කිරීම සඳහා සිමෙන්ති වලින් නිපදවන ලද අඩි 7.5 ක් පමණ උස පහනක් යොදා ගැනීමද කැපී පෙනුණු සිදුවීමක් විය.ලබන 6 වෙනිදා දක්වා රන්මුතුගල ගොනහෙන පාරේ සැතපුම් 1/2 ක් පමණ පැමිණ සේසත හාඩ්වෙයාර් ආයතනය අසලට පැමිණීමෙන් ඔබටත් මෙම නවම් අත්දැකීම ලබාගත හැකිය.

වීඩියෝව මෙතනින්

https://www.youtube.com/watch?v=BNVpM6V7C-k&feature=youtu.be

Leave a Reply

Your email address will not be published. Required fields are marked *