ෂැංග්‍රිලා හෝටලය අතර පිහිටි අක්කර තුනක භූමිය සිංගප්පුරු සමාගමකට

පසුගිය රජය සමයේ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කල මලික් සමරවික්‍රම මහතා කැබිනට් පත්‍රිකාවක් මගින් අදාල ඉඩම විදෙස් සමාගමකට විකිනීමෙදී එවකට විපක්ෂය නියෝජනය කල වර්තමාන රජයේ මන්ත්‍රීවරුන් එම විකිණීමට එරෙහිව හඩ නගමින් විදෙස් සමාගම් වලට රට විකුණන බවට සදහන් කරන ලදී ඔවුන් නියෝජනය කරන වර්තමාන රජය යටතේ එම ඉඩම නැවත විදෙස් රජයකට විකිණීම සිදුව ඇත. කොළඹ බාලදක්ෂ මාවතේ බේරේ වැව සහ ෂැංග්‍රිලා හෝටලය අතර පිහිටි අක්කර තුනක භූමි භාගය තුළ මහල් 30 ක වාණිජ කුලුනක් ඉදිකිරීම සදහා සිංගප්පුරු සමාගමකට ඇ.ඩො. මිලියන 43 ක මුදලකට ලබාදී තිබේ.

නව රජය බලයට පත්වීමෙන් පසු ක්‍රියාත්මක කෙරෙන පළමු විදේශ ආයෝජන ව්‍යාපෘතිය මෙය පෙරනියල් රියල් එස්ටේට් හෝල්ඩිංග්ස් සමාගම වෙත ලබාදීම සදහාවු කැබිනට් මණ්ඩල පත්‍රිකාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුදල්, ආර්ථික කටයුතු හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යවරයා ලෙස පසුගියදා ඉදිරිපත් කර ඇත. කෙසේ වෙතත් මෙම ගණුදෙනුව පිලිබදව සවිස්තරාත්මක තොරතුරු මේ දක්වා රජය විසින් ඉදිරිපත් කර නොමැත.

ඇ.ඩො. මිලියන 250 ක විදේශ ආයෝජන ව්‍යාපෘතියක් වන මෙමගින් නව නිවාස ඒකක 700ක් ඉදි කිරීමට නියමිත අතර මීට අමතරව සිල්ලර සහ ආහාර වෙළෙඳසල් සඳහාද ගොඩනැගිල්ල තුළ ඉඩකඩ ලබාදීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *