ගමක් ආක්‍රමණය කළ කාකයන් ගැන සොයා ගිය බිහිසුනු ගමන

මිනිසා මිහිතලයෙන් සමුගත් පසු කුහුඹුවන් අණසක පතුරන බව

ඉතා සුලබ සතෙක් වන කුහුඹුවා ඉංග්‍රීසි භාෂාවෙන් Ant ලෙස අප හඳුන්වයි.ලංකාවේ ගම්මානවල මේ සතා හදුන්වන්නේ කාකයන් ලෙසයි.කුහුඹුවාගේ විද්‍යාත්මක නාමය Disambiguation ද වේ. කුහුඹු විශේෂ ගණනාවක් ලෝකය පුරා ජීවත් වේ. එක් කුහුඹු ගුලක කුහුඹුවන් මිලියන ගණනක් ජීවත් වේ.

ඉතා විශිෂ්ට සන්නිවේදන ක්‍රමවේදයක් තිබෙන සතකු ලෙස කුහුඹුවා හැඳින්විය හැකිය. ඉතා සමඟියෙන් මෙන්ම සහයෝගයෙන් කටයුතු කරන අතර එක් කුහුඹු ගුලක කම්කරු කුහුඹුවන් හා සොල්දාදුවන් වෙන් වෙන්ව ජීවත් වේ. මිලියන ගණනක ජනපදයක් ලෙස ජීවත් වුවද බිත්තර දැමිය හැක්කේ කුහුඹු රැජනට පමණක් වීම විශේෂත්වයකි. කුහුඹුවන් පරිණත වීමත් සමඟ පිහාටු ඒමෙන් පියාඹීමේ හැකියාව ලැබේ. බොහෝවිට එය ඔවුන්ගේ ජීවිත කාලයේ අවසානය වන්නේ විවිධ සතුන්ගේ ගොදුරු බවට පත්වන නිසාය. කුහුඹුවන් මනිසාටද මරාන්තික ආකාරයට ගොදුර කරගන්නා තත්ත්වයක් ද දැකිය හැකිය. ඒ සම්බන්ධයෙන් කතා කරන විට කුහුඹුවන්ගෙන් අපමන කාලයක් තිසිසේ පිඩා විදින ගමක් සම්බන්ධයෙන් දුක හිතෙන කතාදරයකි. මෙම ගමට කුහුමු ව්‍යවසනය ආවේ අද ඊයේ නොවේ වසර ගණනාවක සිටයි ගම්මුන් එසේ පවසති.

ගාල්ල අක්මීමන මැතිවරණ කොට්ඨාසයේ බෝපෙ පෝද්දල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කුරුන්දකන්ද රක්‍ෂිතයේ වෙසෙන කුහුඹු විශේෂයක් රක්‍ෂිතය අවට ගම්වලට විශාල වශයෙන් පැතිරීම නිසා මහත් ව්‍යසනයක් ඇතිවී ඇතැයි බෝපේ පෝද්දල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේදී පැවසීය.

බෝපෙ පෝද්දල ප්‍රාදේශීය ලේකම් ලලින්ද ගමගේ මහතා පවසන්නේ රක්‍ෂිතයේ ගස්වල සිටි කළු පැහැති කුඩා කුහුඹු විශේෂයක් මෙසේ අවට නිවාසවලට තර්ජනයක් වන අයුරින් බෝවී පැතිරී යන බවයි.

ගාල්ල ලබුදූව ප්‍රදේශයේ නිවාසවලටත් කුහුඹුවන් පැතිරෙන්නට පටන් ගෙන ඇතැයි තමාට වාර්තා වූ බව ඒ මහතා තවදුරටත් අප සමඟ පැවැසීය. මෙවැනි කුහුඹු විශේෂයක් මීට පෙර තේ ඉඩම්වල සිටි බවට වාර්තා වූ බව ප්‍රාදේශීය ලේකම්වරයා කියයි.

කුහුඹුවන් ගමන් කළ පාරවල් නිවසේ හා ගොඩනැඟිලිවල බිත්ති පුරාම දක්නට ලැබෙන බවත් නිවෙස ඇතුළත මේ කුහුඹුවන් දැකිය හැකි බවත් හෙතෙම පැවැසීය.

මේ සම්බන්ධව හික්කඩුව වනජීවී කාර්යාලයට දැන්වූ විට එහි නිලධාරීන් පැමිණ පරීක්‍ෂා කර ඇති තර කෘමිනාශක වර්ගයක් භාවිත කර සතුන් විනාශ කළ හැකි බවත් ඒ සඳහා වාර්තාවක් සකස් කර තමන් වෙත යොමු කරන බව දැන්වූයේ යැයි ප්‍රාදේශීය ලේකම්වරයා පවසයි.

එච්.ඩබ්ලිව්.ආරියදාස මහතා  

උයා ගත්ත දේ කන්න බෑ. වියලා ගත් දේ නැවත ප්‍රයෝජනයට ගන්න බෑ.සෝදාගත්දේ පිරිසිදුවට තියා ගන්න බෑ. ගම පුරා ගස්පුරා, බිත්ති පුරා මේ හැතිකරය අපට වඳ දෙනවා.

එන්.ජී මුදිතා මහත්මිය

කුරුන්දකන්ද සහ අවට මේ තර්ජනයෙන් පීඩා විදින ප්‍රදේශවාසීන් පවසන්නේ කුමන කෘමි නාශකයක් භාවිත කළද දිනකට දෙකකට වඩා එමඟින් පාලනයක් නොවන බවයි. තම ඇඳුමක් වේළා ගැනීම සඳහා වැලක දමා තැබුවහොත් එම ඇඳුම යළි ප්‍රයෝජනයට ගැනීමට නොහැකි තත්ත්වයට කුහුඹුවන් විසින් සිදුරු කිරීමත් ඔවුන් ගමන් ගන්නා මාර්ගය ඇඳුමේ යළිත් සෝදා ඉවත් කළ නොහැකි ආකාරයට පැල්ලමක් සේ සිටින බවත් නිවෙසේ හාල් ඇතුළු ආහාරයට ගන්නා කිසිම දෙයක් අමතක වීමකින් හෝ වසා නොතැබුවහොත් විනාඩි ගණනාවකින් එය කුහුඹුවන් ගෙන් පිරී පවතිනවා.

අයි.එන් ආදිහෙට්ටි මහතා

මේ තත්ත්වය නිසා එදිනෙදාට අවශ්‍ය වන ආහාර පමණක් තම නිවෙස්වලට ගෙන ඒමට සිදුවී ඇතැයිද ඔවුහු පවසති.

වසර මිලියන ගණනකට පෙරාතුව මිහිමත සිය අණසක පතුරුවාගෙන සිටියේ ඩයිනෝසරයෝය. නමුත් ඩයිනෝසරයන් හදිසියේම වඳවීයාමෙන් වසර ලක්ෂ ගණනකට පසු මිනිසා මිහිමත සිය අණසක පතුරුවන්නට විය.

මිනිසා කෙදිනක හෝ මිහිතලයෙන් සමුගතහොත් මේ පොළෝ තලයේ අණසක පතුරුවනු ඇත්තේ කුහුඹුවන් බව විද්‍යාඥයෝ කියති. එයට ඔවුහු විද්‍යාත්මක කරුණු ද ගෙනහැර දක්වති. කුහුඹුවන් පිළිබඳව එදාද අද ද දැවැන්ත පරික්ෂන මේවන විට ලොව විද්‍යාත්මකව සොයමින් සිටිති.

ඔවුන් පවසන්නේ මිනිසා සමුගත් පසු කුහුඹුවන් අණසක පතුරන බව වුව ද මිනිස් වර්ගයා සිටිය දී ම ගාල්ලේ ගම්මානක සිය අණසක පතුරුවන්නට කුහුඹු විශේෂයක් සමත්ව සිටියි. එයින් පෙර කී විද්‍යාඥයන් පවසන දේ සත්‍යයක් යැයි වැටහේ.

ගාල්ලේ කුරුන්දකන්ද ගම්මානය ට ද වසර ගණනාවක සිට කුහුඹුවන්ගෙන් කර දරය හිරිහරය. අදවනවිට කුහුඹුවන් නිසා තම නිවෙස්වල ජීවත්වීමට නොහැකිව ගම හැරදමා යන්නට පවා ගම්වැසියන්ට සිදුව තිබේ. ගම්වාසිහු අසරණව බලා සිටිති.

කේ.ඒ කුසුමාවති මහත්මිය.

බෝපේ පෝද්දල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කුරුන්දකන්ද ගම්මානය මායිම්වන්නේ කුරුන්ද කන්ද රක්ෂිතයටය. ඒ රක්ෂිතයේ සිටි කුහුඹු විශේෂයක් දැන් ගම ආක්‍රමණය කරමින් සිටියි. ගැමියන් පවසන්නේ වසර  කිහිපයක සිට වර්ධනය වූ කුහුඹුවන් දැන් නිවෙස්වලට ම පැමිණ සිටිනවා.

ඩබ්ලිව්. ඩී ධර්මකාන්ති මහ්තිමය

ගස්වල කූඩු තනාගෙන ජීවත්වන මේ කුහුඹුවන්ට ගැමියන් පසන්නේ කාකයෝ යනුවෙනි. තරමක් විශාල කළු පැහැති මොවුන් ගස්වලත් විවිධ අහුමුළුවලත් කූඩු තනති. ඒ කූඩුවක් යනු දහස් ගණනක් කුහුඹුවන් ජීවත්වන සුවිසල් ජනපදයකි. අඟල් කිහිපයක කුඩා කූඩුවක සිට අඩි කිහිපයක් විශාල කූඩු දක්වා විවිද ආකාරයේ විවිද හැඩයේ කූඩු එහි මේ ගමේ දක්නට ලැබෙනවා.

ගමේ පදිංචිකරුවකු ඩී.එල් චන්දන  මහතා

අපි මේ කරදරය සම්බන්ධයෙන් නිලධාරින්ට දැන්වුවා.සම්බන්ධිකරණ රැස්වීමේ ද කතා කරන්න කියලා ප්‍රාදේශිය ලේකම් වරයාට පවසා තියනවා. යමක් අපට කරලා දෙන්න කියලා.අවුරුදු ගණනාවක් සිට මේ කරදරය තියෙන්නේ නිලධාරින් බලධාරින් මේ බව දන්නවා.දැන් අපිට කූඹි නිසා ගෙවල්වල ඉන්නත් බැරිවෙලා තියෙන්නේ. හැම ගහකම, සෑම අහුමුල්ලක ම මුන් කූඩු හදනවා හැමතැනම යනවා. කිසිම විදියකින් මර්ධනය කරන්න බැරිවෙලා. ගෙවල් ඇතුලටත් එනවා. බිත්තිදිගේ, බිම දිගේ යනවා. යන හැමතැනම ලොකු කලු පැල්ලමක් හිටිනවා. පේලි පේලි යනවා. අළු දාලා නවත්තන් හැදුවා. හරියන්නේ නැහැ. කෘමි නාශක දැම්මා. එතකොට එතන ඉන්න අය මැරෙනවා. නමුත් තවත් තැනකින් මතුවෙනවා. අපි වගාකරන හැම ගහකම කූඩු හදනවා. මේ කූඹි නිසා දැන් අපිට ගෙවල් අතහැරලා යන්න සිදුවෙලා. දැන් මුන් එන්න අරගෙන අවුරුදු දෙකක් තුනක් විතර වෙනවා. දැන් මාස කිහිපයක ඉදලා තමයි මේ තරම් කරදරයක් ඇතිවුණේ.අපට මාර කරදරයක් තමයි සිදුවෙලා තියෙන්නේ.ගිනි තිබ්බත් හරියන්න් නෑ.

මානෙල් චන්ද්‍රා මහත්මිය (52)

මේ කූඹි නිසා අපිට ගෙවල් අතහැරලා යන්න සිදුවෙලා තියෙන්නේ. පුදුම කරදරයක්. ගෙවල් ඇතුලේ ඉන්නත් බැහැ. කෑවොත් පුදුම විෂක් තියෙන්නේ.පලු ගහනවා. පුපුරු ගහනවා. බෙහෙත් ගන්න වෙනවා. කූඹි ආවට පස්සේ ගමේ අයට සෙම් අමාරුව වැඩි වුණා. දොස්තරලත් කියන්න ගත්තා කූඹි නිසා සෙම වැඩිවෙනවා කියලා. දැන් ගමම ලෙඩ වෙලා. හැම ගෙදරක ම කූඹි. ගෙවල්වල වයරින් පවා කාලා. හැම දේම විනාශ වෙනවා. මේක මර්ධනය කරන්න පියවරක් ගත්තේ නැතොත් අපිට ගම අතහැරලා යන්න වෙනවා.මේ ගැන අපි කියන්නේ වසර ගණනාවක සිටයි නමුත් විසදුමක් නෑ.

බෝපේ පෝද්දල ප්‍රාදේශීය ලේකම් ලලින්ද ගමගේ මහතා පවසන්නේ රක්ෂිතයේ ගස්වල සිටි කළු පැහැති කුහුඹු විශේෂයක් මෙලෙස අවට නිවාසවලට තර්ජනයක් වන ආකාරයෙන් පැතිරෙන්නට පටන්ගෙන ඇති බවයි. ඒ සම්බන්ධයෙන් දැනටමත් පරිසර අමාත්‍යාංශය, වනජීවී දෙපාර්තමේන්තුව හා ආපදා කළමනාකරණ ඒකකය සමග සාකච්ඡා කර අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කරමින් සිටින බව ද ගමගේ මහතා කියා සිටියේය.

ප්‍රාදේශීය ලේකම් ලලින්ද ගමගේ මහතා වැඩිදුරටත් මෙසේ ද කීවේය. “කුරුන්දකන්ද සහ කුරුන්ද කොට්ඨාසවල නිවාස නිවාස වලට මේ කූඹි තර්ජනය තියෙනවා. වනජීවී නිලධාරීන් පැමිණ මේ ගැන සොයා බැලුවා. කෘමිනාශකයක් මගින් සතුන් විනාශ කරන්නත් හැකි බව සාකච්ඡා කළා. එයට අවශ ප්‍රතිපාදන වෙන්කර ඉතා ඉක්මණින් සතුන් මර්ධනය කිරීමට අවශ්‍ය පියවර ගන්නවා.

වනජීවී දෙපාර්තමේන්තුවේ හික්කඩුව උද්‍යානභාරකරු කසුන් තරංග මහතා මෙසේ කීවේය.

“හායකයෝ කියා හඳූන්වන කුහුඹු විශේෂයක් තමයි මේ පැතිර සිටින්නේ. මේ සතා ආරක්ෂිත සත්ත්ව විශේෂයක් නොවන නිසා ගැමියන්ටම පාලනය කළ හැකියි. අපිට මේ සම්බන්ධයෙන් නිශ්චිත විසඳූමක් දිය නොහැකියි. මේ සතා ගස්වලපවා පැතිරී විශාල ගහණයක් දක්නට ලැබෙනවා. ඒ නිසා පාලනයත් අපහසුයි. කෘමිනාශක යොදා තාවකාලිකව මර්ධනය කළත් එය ස්ථිර විසඳූමක් නොවේවි. ජෛවපාලන ක්‍රමයක් ගැන අපි අවධානය යොමු කර තිබෙනවා. නමුත් ඒ සඳහා යම් කාලයක් ගත වනවා. ”

පරිසරවේදීන් මේ කුහුඹුවන් ගැන පවසන්නේ අපූරු කතාවකි.

ගැමි වහරේ “කාකයන්” “ගෙරි” “හාකන්” ලෙස හඳූන්වන මේ කුහුඹුවෝ මුළු ලෝකය පුරාම විසිරී පැතිරී සිටිති. ක්‍රෙමටොගාස්ටර් ලෙස හඳූන්වන මේ කුහුඹු ඝනයට ලෝකය පුරා කුහුඹු විශේෂ 420ක් පමණ අයත් වෙති. ඇතැම් රටවල මේ කුහුඹු විශේෂ හඳූන්වන්නේ ශාන්ත වැලන්ටයින්ගේ කුහුඹුවන් යනුවෙනි. ඒ ඔවුන්ගේ උදරය මිනිස් හදවතේ හැඩය ගන්නා බැවිනි. කෙසේ වෙතත් පොදු නමක් වන්කේ ඇක්‍රොබැට් යන්නයි. මේ කුහුඹුවෝ බඹරුන් මෙන් කූඩුවක් සාදති. ඒ ගොම සහ මැටි මිශ්‍රණයකිනි. කුහුඹු ජනපදයේ නායකත්වය දරන්නේ කුහුඹු රැජිනයි. අන් සියලු කෘමි විශේෂ සමග සටන් කර ඔවුන්ගේ ආහාර ද කොල්ල කා කෑම රැස්කිරීම මේ කුහුඹු ජනපදයේ සිරිත වී ඇත.

මේ කුහුඹුවන් නිසා ජීවිතය ගැටගහගන්නා අපූරු සත්ත්ව විශේෂයක් ද සිටියි. ඒ කුරුළු විශේෂයකි.

ශ්‍රී ලංකාවේ දී කොඩ කෑරලා හෙවත් දුඹුරු කෑරලා ලෙස හඳූන්වන මේ කුරුළු විශේෂය ඉංග්‍රීසි බසින් රුෆොස් වුඞ්පෙකර් ඍමදෙමි උදදාචැජනැර ලෙස හැඳීන්වේ. සත්ත්ව විද්‍යාත්මකව හඳූන්වන්නේ සෙලිඅස් බ්‍රැචියුරස් ක්‍ැකැමි ඉර්ජයහමරමි  යනුවෙනි.

මේ කුරුළු විශේෂය දකුණු හා ගිනිකොන දිග ආසියාවේ දක්නට ලැබෙන දුඹුරු පැහැති කෑරල විශේෂයකි. ශ්‍රී ලංකාවේ පහතරට සහ කඳූකරයේ මීටර 700ක් පමණ දක්වා ඉහළ කොටසේ කැලෑ පෙදෙස්වල ජීවත්වන මේ කෑරලුන් බිත්තර දමන්නේ ඉහත සඳහන් කළ කුහුඹුවන්ගේ ජනපද තුළය. මේ සොබා දහමේ අපූරු මිත්‍රත්වයකි.

කුහුඹුවන් විසින් සාදන ලද පාපන්දුවක් තරම් වූ ජනපදයක් තෝරාගන්නා කෑරලා මේ කූඩුවේ එක් බිත්තියක් හාරා කුහුඹුවන් සිටිය දී ම තම බිත්තර ඒ තුලට දමයි. මේ කුහුඹුන් තම මිත්‍ර කිරිල්ලියට කිසිදු හානියක් නොකරයි. කිරිල්ලියගේ බිත්තරයට හෝ ඇයට කිසිදු හානියක් නොකරන කුහුඹුවෝ කිරිල්ලියට බිත්තර රකින්නට ඉඩ දෙන්නේ පුදුම ආකාරයකිනි. කොඩ කෑරලාගේ බිත්තරය ද සුවිශේෂීය. එය අන් කුරුල්ලන්ගේ මෙන් වර්ණයක් නොගන්නා විනිවිද පෙනෙන බිත්තරයකි. ඇය වරකට බිත්තර 2-3ක් දමන්නීය.

ශ්‍රී ලංකාවේ දැකිය හැකි වූ කොඩ කෑරලුන්ගේ ඝහන ඝනත්වය පසුගිය කාලයේ ඉතා සීග්‍රයෙන් අඩු වූයේ මේ කුහුඹුවන්ගේ ජනපද අඩුවීම හේතුවෙනි. ඒ නිසාම කොඩ කෑරලා වර්තමානය වනවිට මෙරට දුර්ලභ කුරුල්ලකු බවට පත්ව සිටියි.

ලේපිට මහ-කෑරලා දිගින් 33 cm පමණ වන විශාල කෑරලෙකි. දර්ශීය කෑරල හැඩයෙන් යුත් මෙම පක්ෂීන්‍ට ඍජු සිළුවක් සහ දිගු ගෙලක් ඇත. උපවිශේෂ අතර වර්ණ ප්‍රභේදනයේ පුළුල් විවිධත්වයක් දැකගත හැක. බොහෝවිට මෙම පක්ෂීන්ගේ සලකුණු නොමැති රන්-කහ සිට අඳුරු දුඹුරු පැහැය දක්වා වන පිටක් සහ පියාපත් පිහිටයි. නිතඹ රතු පැහැති අතර, වල්ගය කළු පැහැති ය. පහළ පෙදෙස් අඳුරු සලකුණු සහිත සුදු (ඉරි හෝ පටි) හෝ ලා දුඹුරු පැහැති ය. හිස සුදු පැහැයට හුරු අතර, අඳුරු රටාවකින් යුක්ත විය හැක. නොඑසේනම් එය කහ, දුඹුරු හෝ රතු පැහැ විය හැක. ඍජු උල්වූ හොටය දිගු (හිසට වඩා දිගු ය) අතර, දිගු පාද ඇඟිලි සතරකින් යුත් යුගඅංගුලික පාදයකි. (ඇඟිලි දෙකක් ඉදිරියටත්, දෙකක් පසුපසටත් යොමුවූ) පාද ප්‍රධාන වශයෙන්ම අළු පැහැති ය. ඇසෙහි තාරා මණ්ඩලය සුදු පැහයේ සිට කහ පැහැය දක්වා විය හැක.

පරිණත පිරිමි ලේපිට මහ-කෑරලුන් හට සැමවිටම පාහේ රතු සිළුවක් ඇත. ගැහැනු පක්ෂීන්ගේ උපවිශේෂ අනුව වර්ණය වෙනස්වන සිළුව්ක ඇත. උදාහරණයක් වශයෙන් දැක්වුවහොත් සුදු ලප සහිත කළු පැහැති, කහ හෝ ලා පැහැ ලප සහිත දුඹුරු වැනි ස්වරූපයක් ගත හැක. ලාබාල පක්ෂීන් ද ගැහැනු පක්ෂීන් සේම අඳුරු සිළුවක් දරන අතර, තාරා මණ්ඩලය දුඹුරු පැහැති ය.

‍බටහිර ඝාට්ස් ලේපිට මහ-කෑරලා‍ගේ (C. l. socialis) හිසෙහි රටාන්; සිහින් සහ බෙදුණු කළු “උඩුරැවුල” හේතුවෙන් මොවුන් පෙනුමින් සමානDinopium කෑරලුන්ගෙන් වෙන්කර හඳුනාගත හැක.

සුදු-සහ-කළු-හිසැති ලේපිට මහ-කෑරල් උපවිශේෂ පා ඇඟිලි තුවන් දරන ඇතැම් Dinopium කෑරල් විශේෂවලට සමානත්වයක් පෙන්වයි. නමුත් ඔවුන් සමීප සම්බන්ධයක් නොදක්වයි. රත්-කෑරලා (D. benghalense) සහ පොදු රත්-කෑරලා (D. javanense) මෙන් නොව, ලේපිට මහ-කෑරලාගේ අඳුරු උඩුරැවුල් තීරු සුදු (මේ නිසා ඈතට නොපෙනේ) තීරුවලින් වෙන්වී ඇත. නමුත් stricklandi විශේෂයේ හැර, ඔවුන්ගේ පසුපස ගෙල සුදු (කළු නොවේ) පැහැති ය. ශ්‍රී ලංකාවේ පක්ෂීන් තුළ ද Dinopium විශේෂවල මෙන් අඳුරු පැහැය ගෙල තෙක් නොවිහිදේ. ශ්‍රී ලංකාවෙන් බැහැරව හමුවන කළු-සහ-සුදු-හිසැති මහ-කෑරලුන්ගේ ගෙලවල් පාර්ශ්විකව කළු පැහැයෙන් සීමා වූ සුදු පැහැ ගෙලකින් සමන්විත ය. නමුත් Dinopium විශේෂවල ඇත්තේ කළු ගෙලක් සහ ඉහළ පිටුපස පෙදෙසකි. ඔවුන්ගේ ගෙලෙහි සිහින් සුදු තීරු දැකගත හැක. මෙම කෑරලුන් ප්‍රමාණයෙන් කුඩා අතර, හිසට වඩා කෙටි හොටයක් සහ අඳුරු තාරා මණ්ඩලයකින් යුක්ත ය.

විශාල සහ කුඩා විශේෂයන්ගේ පිල්කළඹ තුළ සිදුවූ අභිසාරී පරිණාමය සෙසු කෑරලුන් තුළ ද දැකගත හැක. නිදසුන් ලෙස උතුරු ඇමරිකානු සිහින් පිහාටු සහිත කෑරලා (“Picoides” pubescens) සහ ස‍ලෝම කෑරලා (“P.” villosus), නිවර්තන ඇමරිකානු දුම්වන්-දුඹුරු කෑරලා (“P.” fumigatus) සහ ඇතැම්Veniliornis නැතහොත් පළලිරි කෑරලා (V. lignarius) සහ දාම් වැනි කෑරලා (V. mixtus) මෙන්ම ඇතැම් දකුණු ඇමරිකානු Piculus සහ “Picoides”විශේස දැක්විය හැක. මෙම කිසිදු පක්ෂියකු සමූහවාසී වශයෙන් ගැවසෙන බවක් වාර්තා වී නොමැත. ඔවුන්ගේ ප්‍රමාණයෙන් වෙනස්කම් සහ වාසස්ථාන අභිරුචි හේතුවෙන් එතරම් තරගකාරීත්වයක් ඇති නොවේ. මේ නිසා අනුකරණය පිළිබඳ සාමාන්‍ය සාධක වලංගු නොවන බැව් පෙනේ.

මෙම කෑරල් විශේෂය විවෘත වනාන්තර වාසස්ථාන සමග සම්බන්ධයක් දක්වයි. උදාහරණ වශයෙන් හිමාලයානු පාකඳු හෝ බටහිර ඝාට්ස් දැක්විය හැක‍. මෙම විශේෂය කඩොලාන වනාන්තරවල ද හමුවේ. මෙම විශේෂය මීට සමාන පෙනුමක් ඇති පොදු රත්-කෑරලා (Dinopium javanense) සමග සැසඳීමේ දී ඇතැම් වනාන්තර ප්‍රභේද සඳහා අනුවර්තනය වී ඇති බැව් පෙනේ. මේ අනුව ප්‍රදේශයේ ප්‍රමුඛව පවතින වනාන්තර වර්ගය අනුව, C. lucidus ඇතැම්විට වඩා වැඩියෙන් (උදා. තායිලන්තයේ) හෝ වඩා අඩුවෙන් (උදා. මැලේසියා අර්ධද්වීපය තුළ) D. javanenseට සාපේක්ෂව ව්‍යාප්ත වී පැවතිය හැක. නිදසුනක් ලෙස මැලේසියානු කඩොලාන වනාන්තර තුළ ලේපිට මහ-කෑරලා උසැති Avicennia alba ශාකවල ලැගීමට කැමැත්තක් දක්වන බැව් සොයාගෙන ඇත. නමුත් පොදු රත්-කෑරලා එම විශේෂය කෙරෙහි මෙන්ම Bruguiera parviflora සහ Sonneratia alba ශාක සඳහා ද විශේෂත්වයක් නොදක්වයි.

සෙසු කෑරලුන් සේම, ලේපිට මහ-කෑරලා ද උගේ හොටය ගස්වලින් ආහාර සාරා සොයාගැනීමට යොදාගනියි. උ‍ගේ යුගඅංගුලික (zygodactyl) පාද සහ රළු වල්ගය ආධාරයෙන් ගස්වල කඳට එදිරිව රැඳී සිටීමට උත්සාහ දරයි. දිගැති දිව ඉදිරියට විදීම මගින් දැව කොටස් අතර සැඟවී සිටින ආත්‍රොපෝඩාවන් ගොදුරු කරගනියි. ප්‍රදාන වශයෙන්ම කුඩා අපෘෂ්ඨවංශීන් මත යැපුණ ද, ලේපිට මහ-කෑරලුන් මල් පැණි උරාබීමට ද ප්‍රිය කරයි. ඔවුහු ගස්වල බෙණයක් තුළ සුදු පැහැ බිත්තර තුනක් හෝ හතරක් දමති.ව්‍යාප්ත වී සිටින ප්‍රදේශවල පුළුල්ව හමුවන ලේපිට මහ-කෑරලා IUCN ආයතනය විසින් අඩු අවදානමක් යොමු වූ විශේෂයක් ලෙස ප්‍රවර්ගීකරණය කොට ඇත.

පරිසරයේ ඇති විනාශය හා සංතුලනය වියකිගිය නිසාදෝ මේ ආකාරයට මේ ගමෙහි කුහුඹුවෝ රජ වී ඇත.ජනතාව අසරණ වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *