දරුවන් සසුනට පූජා කර නිවසක් නොමැතිව මහළු මඩමක් සොයන අසරණ මවගේ කදුළු කථාව

ස්වාමියා නොකළ වරදකට හිරේ දැම්මා අපිට ඉන්න තැනක් නැහැ

මගේ එක පුතෙක් බුදු සසුනට පූජා කළා.මගේ අනෙත් පුතත් බුදු සසුනට පූජා කරනවා. මගේ ස්වාමි පුරුෂයා බොරු වැරදිවැඩකට පිරිසක් විසින් උගුලක් අටවලා හිරේට දැම්මා මට ඉන්න ගෙයක් නෑ.අඩක් ඉදිකර තිබෙන නිවසේ තමයි මම ඉන්නේ  යැයි, ගාල්ල, හබරාදුව පණුගල්ගොඩ ගමේ වයස අවුරුදු 42ක් පමණ වන ඒ කාන්ති මහත්මිය පවසන්නීය.

වහලට සෙවිලි තහඩු සවිකර ඇති නිවසේ බිත්තිද ආවරණය කර ඇත්තේ ටකරන් වලිනි. ඇයගේ පොඩි පුතා නැතිනම් බාල පුතා දැනට පහ වසරේ ඉගෙන ගන්නා අතර ඒ පණුගල්ගොඩ ප්‍රාථමික විද්‍යාලයේ ය.විද්‍යාලයේ විදුහල්පති ඒ.වී ගාමිණි පොන්සේකා‍ හා ගුරුවරු පොඩි සුනෙත් සිසුවාට උපකාර කරන්නේ සුසුන් ගත වු  සුනෙත්ගේ අයියා මෙන් සුනෙත්ද ඉගෙන ගන්නට අති දක්ෂයෙකි නිසාවෙනි.

පුංචි සුනෙත් තම අහිංසක බලාපොරොත්තුව කීවේ තම මහන වු අයියා දේශනා කරන ධර්ම දේශනයක් අසා ඒ ආකාරයෙන් දැයි අපිට සිතේ.

අයියා මහනවෙලා ඉන්න නිසා මට අම්මා කිව්වා අයියා රෑට කන්නේ නෑ කියලා. ඒ නිසා මමත්  රෑට කන්නේ නෑ. උදේට දවල්ට විතරයි කන්නේ. අයියා වැඩිපුර කන්නේ නෑ. මහන උනාම සේරම අතහරිනවා කෑමත් සිමා කරන්න කියලා තමයි ලු මගේ අයියට පන්සලේ ලොකු හැමුදුරුවෝ කියලා තියෙන්නේ. අන්න ඒ නිසා මමත් අඩුවෙත් තමයි කෑම ගන්නේ සමහර දවසට අම්මා කියනවා අද කන්න දෙයක් නෑ කියලා. හුලං ඉස්කෝතුයි පොල් කෑලියි තමයි සමහර දවසට කන්නේ මට කන්න දෙන්නේ.අම්මත් කන්නේ එහෙමයි.බත් කැන්නේ හැසිදි දැවසක තමයි. අම්ම කියනවා අපි දුප්පත් නිසා කන්න නෑ කියලා.

මම අයියට කිව්වා ගෙයක් හදලා දෙන්න කියලා අයියා කිව්වා මල්ලියි අම්මයි පන්සලට එන්න කියලා.මමනම් කියන්නේ අපි පන්සලේ ගිහින් ඉදිමු කියලා.අම්මා නම් කියන්නේ එතකොට හාමුදුරුවන්ට භාවනා කරන්න අපි නිසා කරදර වෙයි කියලා.අයියා සාදු ඉන්න පන්සලට අමිමා මාව එක්ක යන්නේ නෑ.හදිසි දවසක තමයි අයියා මහන වෙලා ඉන්න පන්සලට අපි යන්නේ.අපි පන්සලට ගියාම අයියට කරදරයි කියාලා අම්මා කියනවා මට නම් තෙරෙන්නේ නෑ පන්සලට අපි පදිංචියට ගියාම අයියා සාදුට කරදර වෙන්නේ කොහොමද කියලා.මම අම්මට කිව්වා අපිට ගෙයක් නැති නිසා අයියා සාදු ඉන්න පන්සලට ගියාම අපිට අයියා සාදුට කරදරයි නම් අපි ගමේ පන්සලට ගිහිල්ලා ඉදිමු කියාල කෝ අම්මා එකටත්  බෑ කියනවා.

තාත්තා පොලිසියෙන් අල්ලගෙන ගියා ආයේ ආවේ නෑ. අමිමයි මමයි විතරයි ඉන්නේ. අපිට ඉන්න ගෙයක් හදලා දෙන්න කියාලා මම ඉල්ලනවා. එතකොට අම්මටයි,අයියා සාදුටයි,මටයි අපේ අලුත් ගෙදර ඉන්න හැකියි. අයියා සාදුටත් පුළුව්නේ මම ඉස්කොලේ යනවා වාගේ අපේ අලුත් ගෙදර ඉදගෙන පන්සල් යන්න. අපිත් පෝයට පන්සල් යනවා. අයියා සාදු පන්සලේ ඉන්නේ අපිට ගෙයක් නැති නිසා අපිට ගෙයක් තියනවා නම්,තාත්තා හිරේ ඉදන් ආවම අම්මයි මමයි අයියා සාදුයි අපේ ගෙදර ඉන්නවා. යැයි සුනෙත් පුංචි පුතා පවසයි.

මේ පුංචි පුතා පවසන කතාන්දරයේ කතා රැසක් කියවෙන බව දැකිය හැකිය. ඒ අහිංසක සුනෙත්ගේ අහිංසක සිහිනය සත්තකින්ම සමනල පැටවකුගේ කතාන්දරයක්ද යන්න සිතේ.

කෙසේ නමුත්,කොතරම් නොමිලයේ නිවාස ඉදිකර දෙන බැව් කියන රටක, නිවාස ආධාර දෙන බව කියන රටක, සහනාධාර දෙන බව කියනා  රටක මේ සුනෙත් පුතාලාට නිවසක් නැත. ජන සවිය ද,සමෘද්ධියද නැත. වෙනත් කිසිදු ආණ්ඩුවේ ආධාරයක් නැත.හිරේ සිටින පියාගේ දෙමාපියන් යම් සහයෝගයක් දේ. එය යාන්තමට ප්‍රමාණවත් නොනු නමුත් නොකා නොමැරි ඡීවත්වන්නට ප්‍රමාණවත්ය.මේ අහිංසක සුනෙත්ගේ අහිංසක බලාපොරොත්තුව ඉටුකරන්නට හැකි නම් අගනේය.

කාන්ති මහත්මිය පවසන්නේ දෙවැනි පුතාද මහන කරවා තමා වැඩිහිටි නිවාසයකට යනවාද නැන්ද යන්න පිළිබඳව ලඟදිම තිරයක් ගන්නා බවයි.  

මේ සමඟ අමුණා ඇති වීඩියෝ දසුන් හා පිංතූරවලින්ද තවත් කතාවක් දැකිය හැකිය. එයද මෙම සටහන කියවන පිරිසට දකින්ට කියවන්ට හැකියාව ඇත. එය අප සටහන් නොකරමු. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *