වෙඩි තැබීමේ සිද්ධිය සොයා බැලීමට පොලිස්පති ඇතුළු කණ්ඩායමක් මඩකලපුවට

කොස්තාපල්වරුන් දෙදෙනා කල්මුණේ සහ ගාල්ල ප්‍රදේශවල පදිංචිකරුවන්

අද උදෑසන 6 ට පමණ මඩකලපුව – වව්නතිව් පොලිස් වසමේ මාර්ග බාධකයක රාජකාරියේ නිරතව සිටියදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට මරු කැඳවමින් එල්ලවූ වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් පොලිස් පතිවරයාගේ නියමයෙන් CID විශේෂ කණ්ඩායම් යොදවා පුළුල් පරීක්ෂණය ආරම්බ කර ඇත. අද උදෑසන මළ සිරුරු සොයා ගත් පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා වෙඩි තබා ඝාතනය කර ඇති බව පොලීසිය පවසනවා. අදාල සිදුවීම වූ ස්ථානයට පොලිස්පතිතුමන් සහ අපරාධ පරීක්ෂණ කොට්ඨාශයේ ජේෂ්ඨ නියෝජය පොලිස්පති ඇතුළු කණ්ඩායමක් පිටත්ව ගොස් ඇත. .

ඔවුන් දෙදෙනාගේ මළ සිරුරු අද උදෑසන 6 ට පමණ මඩකලපුව – වව්නතිව් මාර්ගයේ වව්නතිව් ප්‍රදේශය ආසන්නයේ පිහිටි පොලිස් මාර්ග බාධකය අසල තිබියදී සොයා ගත්තා.වව්නතිව් පොලීසියට අනුයුක්තව රාජකාරි කළ මෙම පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා කල්මුණේ සහ ගාල්ල ප්‍රදේශවල පදිංචිකරුවන්.ඔවුන්ගේ වයස අවුරුදු 32 ක් සහ 28 ක් බවයි පොලීසිය සඳහන් කළේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *