මාවනැල්ලේ සිදුණු වැවක හදිසියේ අඩි 15 ජලය පිරිලා // නිධානය නිසා බව ගම්මු කියති

ජායාරූප හා සටහන මාවනැල්ල සමන් විජය බණ්ඩාර

රට පුරා නියගයක් තිබියදි වැස්ස නොමැතිව වේලි ගිය ඉඩෝරයේ මාවනැල්ල අඹදෙනිය, අරකොටවැල්ල පබුරුදෙනිය පතහ වැව ( අරකොටවැල්ල වැව ) පිටාර මට්ටමට දින දෙකක වැනි කාලයකදි එකවිට ජලය පිරි ඇති අතර මෙම අපූරු සිද්ධිය නැරඹිට ඊයේ පෝහෝය දින සිට එම ගම්මානයේ වැව නැරඹිමට විශාල පිරිසක් පැමිණෙන බව ගම්වාසීන් පවසයි.
මෙම වැව අසබඩ ගම්මානයේ ඉඩම් කට්ටි කොට පසුගිය 2016 වසරේ නාය ගිය අරණායක සාමසර කන්ද ඇතුලූ ගම්මාන වල ජනතාව පදිංචි කර ඇති අතර නිවාස 200 කට ආසන්න ප්‍රමාණයක් මෙහි පවති.

වැවට ඉහළින් ඇත්තේ ගලවා ඉවත් කරන ලද රබර් ඉඩමක් වන අතර වැවට පහත කොටසේ අස්වැනු කැපු කුඹුරු දැක ගත හැකියි. වැවට අඩි 20 ක් පමණ පහතින් ගලා බසින අම්බුළුවාවේ සිට මා ඔය තෙක් ගමන් කරන කුඩා පවති. කෙසේ වෙතත් මෙම සිදු විමෙන් පසුව මෙම වැව නැරඹිමට පැමිණෙන ජනතාව සහ රථ වාහාන පාලනයට හෙම්මාතගම පොලිසියේ නිලධාරින්ද එහි ගොස් සිටුනු දැක ගත හැකි වු අතර රාත්‍රී 10 පමණ වන තෙක් විවිධ ප්‍රදේශවලින් පිරිස් මෙම අපූරු සිද්දිය නැරඹිමට පැමිණෙමින් සිටි අතර හෙම්මාතගම පොලිසියේ වැඩ බලන පොලිස් ස්ථානාධිපති එදිරිසිංහ මහතා පැවසුයේ අදාල සිද්ධිය සම්බන්ධයෙන් මාවනැල්ල ප්‍රාදේශිය ලේකම් ප්‍රියංගනි පෙතන්ගොඩ මහත්මිය දැනුවත් කර බවයි.

මෙම වැව පිහිටි ස්ථානයට මිටර් 500 ක පමණ පහතින් නිවසක පසුගියදා භූගත තිබු නිධානයක් ගොඩ ගෙන ඇති අතර එහි තිබි ඇත්තේ ග්‍රැම් 635 ක් බරුති සරස්වති පිළිමයකි. එම සිදAධියට අදාලව සැකකරුවන් දෙදෙනෙක්ද මේ වන විට පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසුව රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. මෙම ගම්මානයේ බොහෝ දෙනෙකු පවසන්නේ මෙම සිද්ධීයත් ගමේ ඉපැරණි පුරා විද්‍යා වටිනාකමත් හේතුවෙන් මෙම සිද්ධිය සමහර විට වැස්ස නොමැති වියළි කාලයක හාස්කමක් මෙන් සිදු වන්නට ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් එහි ගිය අපට අදහස් දැක්වු අරකොටවැල්ල රණබිම ගොවි සමිතියේ සභාපති ටි. ආර්. ටි. බණ්ඩාර අදහස් දක්වමින් මෙසේ පැවසිය.

මේ දින වල වියළි දේශගුණයක් තමයි තියෙන්නේ මෙම ප්‍රදේශයේ ලිං වල ජල මට්ටමත් කුඩා ඔයෙහි ජල මට්ටමත් ඉතා අඩුවෙන් තමයි පැවතියේ වැවෙත් අඩි 6 ක විතර ජල මට්ටමක් තමයි තිබුණා දැන් අඩි 14 ක් විතර ජලය පිරිලා තියෙනවා. ඊට සාපෙක්ෂව පහල ඇති වෙල් වල සහ ලිං වල ජල මට්ටමත් වැඩි වේලා තිඛෙනවා අඩි දෙක තුනකින්. වැව උතුරන්න තව අගල් දෙකක් විතර තමයි තියෙන්නේ.

වැව ඇදුවේ මෙම ස්ථානයේ ප්‍රධාන උල්පතක් තිබුණු නිසා. තාම අපිට හිතා ගන්න බැහැ මෙම ස්ථානයේ මෙහෙම වුනේ මොන හේතුවක් නිසාද කියලා. ඉස්සර කාලයේ අපේ මුතුන් මිත්තන් නම් කියනවා මෙම ස්ථානයේ රහස් ගංගාවන් භූගතව තිබුණා කියලා. ඒ රහස් ගංගාවකින් මතු වු ජල පහරක්ද දන්නෙත් නැහැ. ඒ කාලේදි එහෙම රහස් ගංගා තිබුණා කියලා අදටත් මිනිස්සු කියන්නේ ආරෙක් කියලා සතෙක් මේ ප්‍රදේශයෙන් මතු වු නිසා කියලාත් කියනවා. එම ආරා රාජසිංහ රජතුමා වැවට දාලා කෙටුවාලූ ඊට පස්සේ ඒ හරහා ගමේ නම අරකොටවැල්ල වුනා කියලාත් කියනවා.

ඒ වාගේම තවත් සමහර අය මෙහෙම කතාවකුත් කියනවා පසුගිය 4 වැනිදා මේ නාය ගිය අයට නිවාස දිලා පදිංචි කරලා ඉන්න ගම්මානයේ නිවසක භූගතව කැණිමක් සිදු කරලා දොනාවක් සකස් කරලා සරස්වති ප්‍රතිමාවක් අරන් එක අනුරාධපුර ගල්නෑව ප්‍රදේශයට අරන් යන්න සුදානම් කරගෙන ගමෙන් පිට වෙන කොටම පොලිසියෙන් අල්ලා ගත්තා. දැන් දෙන්නෙක් අත්අංඩගුවට පත් වේලා මෙහි බලපෑමකට මේක සිදු වුනා කියලා සමහර අයගේ විශAවාසයක් තිඛෙනවා.


කෙසේ වෙතත් 2004 මේ ස්ථානයේ වැවක් හදන්න මුල් ගල තිබ්බේ මාවනැල්ල සහකාර ප්‍රාදේශිය ලේකම් අරුණ සමන් මහතා තමයි මේකට මූලික වේලා වැව සැදිම පටන් ගත්තේ. අපි මුලින්ම වැවක් නොවෙයි ඉල්ලූවේ පතහක් අඩි 20 සහ 40 ප්‍රමාණයේ නමුත් සහකාර ප්‍රාදේශිය ලේකම්තුමා අපිට වැවක සංකල්පය දාලා මේ ස්ථානයේ කුඹුරු ඉඩම් හිමියන් දෙන්නෙකුට තිබුණු කොටසට මුදල් දිලා මෙම ස්ථානයේ වැවක් නිර්මාණ කලා.

ඒ කාලයේ මාවනැල්ල ආසන සංවිධායක විල්සන් පිරිස් මහත්තයා මේකට මූලික වුනා වැව නිර්මාණය කරගන්න. ඉන් පස්සේ අපේ සමෘද්ධිය හරහා ලක්ෂ දෙකක මුදලක් වියදම් කරා ඒ වාගේම මිය ගිය රත්නපුරේ මන්ත්‍රී රංජිත් සොයිසා මහත්තයාගේ සහයෝගයෙන්ද ලබා ගෙන එතුමා මාර්ගයෙන් ලක්ෂ 4 ක මුදලක් ලබා ගෙන මෙම වැව නිර්මාණය කලා යැයිද පැවසු අතර එහි ගිය අපට එම ස්ථානය නැරඹිමට එන යන සහ ගම්මානයේ බොහෝ දෙනෙකුම පැවසුයේ මෙම සිද්ධිය පුදුම සහගත සිදුවිමක් වන බවයි.

සිද්ධීය සම්බන්ධයෙන් අදහස් දැක්වු මාවනැල්ල ප්‍රාදේශිය ලේකම් ප්‍රියංගනි පෙතන්ගොඩ මහත්මිය.
අපි මේ සම්බන්ධයෙන් භූ විද්‍යා හා පතල් කැණිම් එකට දන්වා තිඛෙනවා. ඔවුන් පැමිණ ආදාල සිද්ධීය සම්බන්ධයෙන් වාර්තාවක් නිකුත් කරන තෙක් සිද්ධිය සම්බන්ධයෙන් හේතුවක් අපිට කියන්න අමාරුයි යැයිද පැවසිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *