දළදා පෙරහැරෙ අලි ඇතුන්ගේ ඇදුම්වලට කියා සිල් මාතාවක් හොරට මුදල් එකතු කරලා

ශ්‍රී දළදා මාලිගාවේ ලාංජනය ඇතුලත් කොට එම රිසිට් පත් සකස් කර ඇත.

කෑගල්ල සමන් විජය බණ්ඩාර
ඓතිහාසික ශ්‍රී දළඳා මාළිගාවේ පැවැත්වෙන ඓතිහාසික 2019 ඇසළ පෙරහැර මංගල්‍යයේ අලි ඇදුම් වෙනුවෙන් මුල්‍යධාර වශයෙන් යැයි පවසමින් ව්‍යාජ රිසිට් පත් යොදාගෙන හෙම්මාතගම නගරය ඇතුලූ නගර කිහිපයක මුදල් එකතු කරන ලද සිල් මාතාවක් පිළිබඳ තොරතුරු මේ වන විට ආරක්ෂක අංශ වලට තොරතුරු ලැබි ඇති බව හෙම්මාතගම පොලිසිය අද 30 පවසයි.
ශ්‍රී දළදා මාලිගාවේ ලාංජනය ඇතුලත් කොට එම රිසිට් පත් සකස් කර ඇති අතර ශ්‍රී දළදා මාලිගාවේ දුරකථන අංකයකයක් සහ ෆැක්ස් අංකයද එහි ඇතුලත් එම රිසිට් පතේ දකුණු කෙළවරේ 2019 ඇසළ පෙරහැර අලි ඇදුම් වෙනුවෙන් මුල්‍යාධාර ලෙස සඳහන් කර ඇත.
හෙම්මාතගම නගරයේ කඩ සාප්පු කිහිපයකින් 29 සෙනසුරාදා මුදල් එකතු කරමින් සිටියදි හෙම්මාතගම ප්‍රාදේශිය එක්සත් බෞද්ධ සුභ සාධක මණ්ඩලයේ නිලධාරින්ට මෙම සිල් මාතාව හමු වි ඇත්තේ ඔවුන්ට හෙම්මාතගම 73 වැනි පෙරහැර වෙනුවෙන් මුදල් එකතු කරමින් නගරයේ යමින් සිටියදිය.
පසුව නිලධාරින් විසින් අදාල සිල් මතාවගෙන් විස්තර විමසා ඇති අතර ඇය මහනුවර තෙල්දෙනිය ප්‍රදේශයේ සිල් මාතාවක් වන බව පවසා ඇත. නමුත් ඇය සතුව පැවැති උප්පැන්න සහතිකයේ ඉපදි ඇති ලිපිනය ගම්පහ ප්‍රදේශය ලෙස සඳහන්ව තිබි ඇත.
හෙම්මාතගම බෞද්ධ බල මණ්ඩලයේ නිලධාරින් විසින් ඇය සතුව පැවැති රිසිට් පතක පොටෝ කොපි පිටපතක් ශ්‍රී දළදා මාලිගාව වෙත ෆැක්ස් කර ඇති අතර දළදා මාලිගාවේ කරුණාරත්න නැමැති වගකිව යුතු නිලධාරියෙක් හෙම්මාතගම බෞද්ධ බල මණ්ඩල නිලධාරින්ට පවසා ඇත්තේ මෙම රිසිට් පත ව්‍යාජ එකක් වන බවයි. එමෙන්ම මාලිගාවේ පෙරහැර වෙනුවෙන් මුදල් එකතු කිරිමට කිසිම සිල් මාතාවක් මෙ වන විට යොමු කර නොමැති බවද නිලධාරින්ට පවසා තිබුණි.
කෙසේ වෙතත් සිල් මාතාව සිදු කරන ලද්දේ වංචාවක් බව දළදා මාලිගාව මගින් පැය දෙක තුනකට පසුව දැනුම් දෙන විට ඇය ප්‍රදේශය අත හැර ගොස් ඇත. නමුත් නගරයේ සි.සි.ටි.වි කැමරා පද්ධති වලින් ඇය ආරක්ෂක අංශ වලට හදුනා ගත හැකි අතර මෙවැනි වංචනික පිරිස් ගැන මහජනතාව මෙන්ම ව්‍යාපාරිකයන් දැනුවත් විම වර්තමාන කාලයේදි ඛෙහෙවින් වැදගත් වන බවත් මේ සම්බන්ධයෙන් ඉදිරි පරික්ෂණ හෙම්මාතගම පොලිසිය විසින් සිදු කරන බවද පොලිස් ස්ථානාධිපති මෙෂාන් ඉන්දුක ද සිල්වා අප කරන ලද විමසිමකදි පැවසිය. අප කරන ලද සොයා බැලිමකදි මාවනැල්ල ඇතුලූ නගර කිහිපයකම මෙම සිල් මතාව විසින් මුදල් එකතු කර ඇති අතර සමහර ව්‍යාපාරික ස්ථාන වලින් විශාල මුදල් ඇයට ලබා දි ඇති බවද හෙලි විය.
මෙවැනි අකාරයෙන් සිදු වන සියලූ වංචා දුෂණ අක්‍රමිකතා සම්බන්ධයෙන් එම පුද්ගයන් පිළිබඳව ලගම ඇති පොලිසිය දැනුවත් කර ඔවුන් නිතීය ඉදිරියට පැමිණිය යුතු බවත් බෞද්ධ ජනතාවගේ මුදුන් මල්කඩ බදු ශ්‍රී දළදා මාලිගාව වැනි ස්ථානයක යම් කටයුත්තක් සිය ජීවන වෘත්තිය කර ගැනිමට හෝ මුදල් වංචා කිරිමට යොදා ගන්නේ නම් ඔවුන්ට විරුද්ධව දැඩි නිතීයක් ක්‍රියාත්මක කර යුතු බවද මේ සම්බන්ධයෙන් අදහස් දැක්වු මහා සංඝරත්නයේ හිමිවරුන් කිහිප දෙනෙකුම මාධ්‍ය වෙත පැවසිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *