බූස්ස බන්ධනාගාර රැදවියන්ට අහාර ගෙනයන භාජනයක් තුල උල් පිහියක් මතුවෙයි!!

බූස්ස බන්ධනාගාරයේ රදවා සිටින සිරකරුවන් පිරිසකට ආහාර රැගෙන ගිය භාජනයක තිබි උල් පිහියක් බන්ධනාගාර නිලධාරීන් විසින් අද (21) දහවල් සොයා ගෙන තිබේ.

බන්ධනාගාර නිලධාරීන් විසින් ආහාර භාජන විශේෂ පරීක්ෂාවකට ලක්කර තිබෙන අතර එහිදී අගල් 07 ක් පමණ දිගින් යුත් මෙම උල් පිහිය සොයා ගෙන ඇත.

බූස්ස බන්ධනාගාරයේ පාතාල රැදවියන් 27 දෙනෙකු සුවිශේෂී සිර කුටියක රදවා තිබෙන අතර එම සිර කුටියට ආහාර රැගෙන ගිය භාජනයක තිබි මෙම උල් පිහිය සොයා ගෙන තිබෙන අතර ඒ නිසාම මෙම සිද්ධිය පහසුවෙන් බැහැර කල නොහැකි බව බන්ධනාගාර ආරංචි මාර්ග සදහන් කරයි.

බූස්ස බන්ධනාගාරයේ රැදවියන්ට ආහාර රැගෙන යෑමට පෙර ඒවා බූස්ස බන්ධනාගාරය තුල ස්ථාපිත කර තිබෙන පොලිස් විශේෂ කාර්යය බලකා කදවුරේ නිලධාරින් විසින් පරීක්ෂා කරන අතර ඔවුන්ගේ පරීක්ෂාවේදීද මෙම උල් පිහිය හමු වි නොමැති අතර ඒ සම්බන්ධයෙන්ද පරීක්ෂණ කණ්ඩායම් වල අවධානය යොමු වී තිබේ. පොලිස් විශේෂ කාර්යය බලකායට මෙම උල් පිහිය හමු නොවුනාද එසේත් නොමැති නම් මෙම පරීක්ෂාවෙන් පසුව ආහාර භාජනයට උල් පිහිය ලැබුණාද යන්න සම්බන්ධයෙන්ද සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන කණ්ඩායම් වල අවධානය යොමු කර ඇත.

පොලිස් විශේෂ කාර්යය බලකාය අල් පිහිය ආහාර භාජනයට යොමු කළාද නැතිනම් එය දැක නොදැක්කා සේ සිටියාද යන්න සම්බන්ධයෙන්ද පොලීසියේ අවධානය යොමු වි තිබේ. බන්ධනාගාර නිලධාරීන් විසින් උල් පිහිය ආහාර භාජනයට යොමු කර එය විශේෂ කාර්යය බලකා නිලධාරින්ට හමු නොවන්නට හැකියාවක් තිබෙන බවද එසේ නම් ආහාර පරීක්ෂාවේ දෝෂ තිබෙන බව පිළිගත යුතු බවද පොලීසියේ මතය වි තිබේ. මුළුතැන්ගෙයි පිහියක් අත් වැරදීමකින් ආහාර භාජනයකට වැටෙන්නට හැකියාවක් නොමැති බවද පොලීසිය කියයි.

කංජිපානි ඉම්රාන්, කොස්ගොඩ තාරක වැනි දරුණු ඝණයේ අපරාධකරුවන් 27 දෙනෙකු මෙම විශේෂ සිර කුටියේ රදවා තිබෙන අතර මෙම උල් පිහිය ඔවුන් අතට පත් වූවා නම් එය වඩාත් විනාශ කාරී ක්‍රියාවන් සදහා යොදා ගැනීමේ හැකියාව තිබූ බවද බූස්ස බන්ධනාගාරයේ උසස් නිලධාරියෙක් ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *