පාසල් සිසුවෙකු එකවර පුද්ගලයන් 100 ට විෂබීජ හරණය කරන යන්ත්‍රයක් නිපදවයි!!

සාදා නිමකර කඹුරුපිටිය  මූලික රෝහලට නොමිලේ බාරදීම අද

ලොව පුරා ජනතාව මහත් ආන්දෝලනයකට සහ භීතියට පත්ව ඇති මොහොතක මාතර ඌරුමුත්ත ප්‍රදේශයේ පාසල් සිසුවෙකු සහ ඔහුගේ අසල් වැසියෙකු විසින් එකවර පුද්ගලයන් සියදෙනෙකුට (100) විෂබීජ හරණ දියර ඉසිය හැකි යන්ත්‍රයක් නිර්මාණය කිරීමට සමත්ව ඇත ඇදිරිනීතිය පවතින සමයේ තමන් විසින් ඉතා අපහසුවෙන් සොයාගත් තම නිර්මාණය කර අද දින කඹුරුපිටිය රෝහල භාරදීමේ පුවතක් වාර්තා වී ඇත.

එකවර තප්පර දහයක් පහළොවක්  වැනි කෙටි කාලයක් තුළ දී  විෂබීජහරණ  දියර ලීටරයකින් ස්වයංක්‍රීයව  විෂබීජහරණය කිරීමේ නව නිපයුම් උපකරණ කුටියක් දින දෙකක දී සාදා නිමකර කඹුරුපිටිය  මූලික රෝහලට නොමිලේ බාරදීම අද (03) සිදු කෙරුණි .

මෙම උපකරණය සාදා නිමකර ඇත්තේ ඌරුමුත්ත අල්මේදා මහා විද්‍යාලයේ 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන  (16) හැවිරිදි  එච්.ජී. මදුෂාන් නැමති පාසල් සිසුවා සහ ඔහුගේ අසල්වාසියකු වූ (32) හැවිරිදි ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවකු වන උදාර ශ්‍රී  වික්‍රම යන දෙදෙනා ය .

මෙම  නව නිපයුම් කුටිය ඉදිකිරීම  සඳහා මොවුන්  දෙදෙනා රුපියල් 40000– 50000 අතර මුදලක්  වැයවී ඇති අතර මෙමගින් පුද්ගලයකු ඉතා කෙටි කාලයක් තුළදී  සම්පූර්ණයෙන්ම විෂබීජහරණය සිදුවන බව එම නිර්මාණකරුවන් දෙදෙනා පැවසීය.

මෙම කුටිය අද (3) කඹුරුපිටිය මූලික රෝහලේ වෛද්‍ය අධිකාරි  රංජිත් ධර්මකීර්ති මහතාට බාර දුන් අතර ඒ මහතා කියා සිටියේ  මින් ඉදිරියට මෙම කුටිය රෝහල් කාර්ය මණ්ඩලයේ ප්‍රයෝජනයට ගන්නා බවත් සහ මෙවැනි නිර්මාණ සිදු කරන  පුද්ගලයන් හඳුනාගෙන ඔවුන් දිරිමත් කර ඒවා අප රට තුළම නිෂ්පාදනය කරන එක  කාලෝචිත ක්‍රියාවක් බවයි .

මෙම තරුණයන්  දෙදෙනා මෙම නව නිපැයුම් උපකරණ කුටිය දිවයිනේ ඕනෑම රෝහලක හෝ ආයතනයක් වෙත සකසා දීමට සූදානම් බවත් ඒ සඳහා  ඔවුන්ගේ දුරකථන අංකය වන 0777490820 ට ඇමතීමෙන් ඔවුන් සම්බන්ධ කර ගැනීමට හැකි බව නව  නිපැයුම්කරුවෝ පැවසූහ.

Lankadeepa>>>

Leave a Reply

Your email address will not be published. Required fields are marked *