රටම වහන්න වුණේ රෝගීන් හතර දෙනෙක් නිසා // මහජන සෞඛ්‍ය වරයෙකු කියයි

රෝගේ තියාගෙන හැම තැනම පතුරවන් ගිහිල්ලා

කෑගල්ල සමන් විජය බණ්ඩාර

අපිට අද රට වහන්න වුනේ හතර දෙනෙකුගේ ක්‍රියාකාරිත්වය නිසා ඔබ ඒ බව මාධ්‍යයෙන් මේ වන විටත් දැනගෙන ඇති. ඒ හතර දෙනා නිසා තමයි ලංකාව අද වහලා තියෙන්නේ ඒ අය මේ රෝගේ තියාගෙන හැම තැනම පතුරවන් ගිහිල්ලා සියකට දෙසියකට හාරසියකට පතුරවාගෙන ගිහින් දැන් ඒ අයත් අල්ලාගෙන නිරෝධායනයට ලක් කරලා තියෙනවා යැයි හෙම්මාතගම බල ප්‍රදේශයේ මහජන සෞඛය පරික්ෂක ජේ.එම්. ජනක තිලකරත්න මහතා අද 16 උදෑසන හෙම්මාතගම නගරයේ නොමිලේ මුඛ ආවරණ ඛෙදා දිමේ අවස්ථාවකට එක් වෙමින් පැවසිය.

මෙම මුඛ ආවරණ හෙම්මාතගම වෙළෙඳ සංගමය මගින් නගරයට පැමිණි සියලූ ජනතාවට ඛෙදා දුන් අතර ඒ සඳහා වෙළෙඳ සංගමයේ සමාජිකයින් මෙන්ම හෙම්මාතගම පොලිසිය සහ සෞඛ්‍ය බලධාරින්ද එක් වි සිටි අතර නගරයේ ජනතාව දැනුවත් කරමින් වැඩි දුරටත් අදහස් දැක්වු මහජන සෞඛ්‍ය පරික්ෂක ජනක මහතා මෙසේද පැවසිය.

අපිට මේ වන විට ලොකු අවදානමක් තියෙනවා මාවනැල්ල ප්‍රදේශයට ඊට හේතුව තමයි ගුවන් තොටුපලේ වැඩ කරපු කාන්තාවක් ඉන්නවා වරකාපොල ප්‍රදේශයේ කොවිඩ් ආසාදනය වුන එයා සමග සමීපව ඇසුරු කරපු දෙදෙනෙක් ඉන්නවා මේ වෙන කොට නිරෝධායනය කරලා මාකෙහෙල්වල සහ දාස්වත්ත ප්‍රදේශයේ ( මාවනැල්ලට සහ හෙම්මාතගම නගර වලට ලග ප්‍රදේශයක් ) ඒ නිසා ඒ අයටත් මේ වන විට හැදිමේ අවදානම වැඩි වෙන්න පුළුවන්. ලගින්ම ඇසුරු කර බවට සී.සි.ටි දර්ශන පවා අපි ලග තියෙනවා.

එවැනි රෝගීන්ගෙන් එයා නිරෝධායනය නොකරානම් බැරිවේලා හරි හෙම්මාතගම පැත්තටත් ආවානම් අපිට ලොකු අවදානමක් තියෙනවා හෙම්මාතගමත් මේ රෝගය ව්‍යාප්ත වෙන්න. එහෙම වුනත් මාස තුනක්වත් හෙම්මාතගම නගරය වසා දමයි එහෙම රෝගින් වාර්තා වුනොත් එහෙම නොවේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා වාගේම අපි පරිසම් වෙමු. එහෙම තත්වයක් උදා වෙන්න එපා කියලා අපි ප්‍රාර්ථීනා කරමු.

තවත් වැරද්දක් තමයි මහජන සෞඛ්‍ය පරික්ෂක මහත්තයා හමුවෙන්න එන අපේ ජනතාව සමහර විට මා ගාවට ඇවිත් මා සමග කතා කරන්නේ මුඛ ආවරණය ගලවලා. මට ඒක හරි කණගාටුදායක තත්වයක් මොකද මං එක අත්විදපු දෙයක් සමහර විට කොරෝනා වෛරසය පි.එච්.අයිටත් තිබුණොත් එහෙම කතා කරන අයටත් බෝ වෙනවා. මොකද අපි කෑගල්ල දිස්ත්‍රික්කය පුරාම ඇවිදිනවා. රටේමත් ඇවිදිනවා. ඒ නිසා හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා මහජන සෞඛ්‍ය පරික්ෂක නොවෙයි අම්මා තාත්තා කතා කලත් මුඛ ආවරණය දාගෙන කතා කරන්න මේ රෝගය පහව යනකම්

අපි දැකලා තියෙනවා සමහර සිල්ලර් සහ වෙනත් ව්‍යාපාරික ස්ථාන වල ඉන්න මහත්වරුන් බඩු ජනතාවට විකුණන්නේ මුණ ආවරණය ගලවාගෙන හෝ බාගෙට දාගෙන එකත් මින් පස්සේ කරන්න එපා මේ ප්‍රදේශවලට රෝගීන් වාර්තා වෙන්න ගත්තොත් හරි ඔය දියුණු රටවල වාගේ මේ රෝගය පාලනය කර ගන්න බැරි වුනොත් අපි හැම කෙනෙකුටම දුක් විදින්න වෙනවා ඔබ සෞඛ්‍ය අංශ කියන දේවල් පිළිපැද්දේ නැත්නම් යැයිද පැවසිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *