මාවනැල්ලේ මහ දවල් නීති කඩමින් ඉදිකිරීම් // පිටුපස දේශපාලන හස්තයක්

මාධ්‍යටත් මුදල් දීමට තැත් කරලා

නිතීවිරෝධිව ලෙසින් හා පදිකයන්ට අවහිර වෙන අයුරින් මාවනැල්ල නගරයේ සිදු වෙන ඉදිකිරිමක් නැවැත්විමට මෙ වන තෙක් බලධාරීන් කටයුතු නොකිරිම නිසා එම අනවසර ගොඩනැගිල්ල පුද්ගලයෙකු විසින් බලහත්කාරයෙන් ඉදි කරන අයුරු අපට පසුගිය 12 හා 13 වැනි දිනයන්හිදි දැක ගත හැකි විය.

මෙම ස්ථානයට අප යන විටත් එම ස්ථානයේ පදික මංතීරුව අවහිර වන අයුරින් ගොඩනැගිල්ල ඉදි කිරිමට ගෙනා භාණ්ඩ ගොඩ ගසා තිබුණි. මෙ සම්බන්ධයෙන් අප මාවනැල්ල ප්‍රාදේශිය සභාවේ සභාපති එජාපයේ අනුර චන්දන ජයවන්දල මහතාගෙන් විමසු විට එතුමා පැවසුයේ මෙම ඉදි කිරිමට සභාවේ කිසිදු අනුමැතියක් ලබා ගෙන නොමැති අතර මෙය අනවසර ගොඩනැගිලක් වන බවයි.

පසුගිය ඔක්තොම්බර් 08 වැනි දින මෙම ස්ථානයේ අනවසර තට්ටු වෙළෙඳ ගොඩනැගිල්ලේ වැඩ ආරම්භ කර පැවැති අවස්ථාවේ අප මාධ්‍ය කණ්ඩායමක් එහි ගොස් අදාල ස්ථානයේ රහසිගතව විඩියෝ සහ ජායාරූප ලබා ගෙන මෙ සම්බන්ධයෙන් වගකිව යුතු බලධාරින්ගෙන් විමසීමෙදි එදින ආදාල ස්ථානයේ වැඩ නවත්වා ඉතා ඉක්මනින් එහි වැඩ කරන ලද කම්කරුවන් සහ අයිතිකරුවන් එම ස්ථානයෙන් පිට වි යන අයුරුද දැක ගත හැකි වු අතර එම දිනයෙන් පසුව තාවකාලිකව වැඩ නවත්වා තිබු ගොඩනැගිල්ල දින කිහිපයකට පසුව නැවත සතියේ රජයේ නිවාඩු දෙක ඉලක්ක කොට බලහත්කාරයෙන් හෝ වැඩ අවසන් කිරිමට ඔක්තොම්බර් 13,14 යන සෙනෙසුරාදා ඉරිදා දින යොදා ගෙන තිබුණි.

ඒ අනුව එදින කම්කරුවන් 10 කට ආසන්න ප්‍රමාණයක් යොදා ගෙන එහි ඉදි කිරිම් කඩිමුඩියේ සිදු වන නිසාත් මෙම ස්ථානයේ අනවසර කටයුත්තක් බලහත්කාරයෙන් සිදු වන හෙයින් අප එහි නැවත වැඩ ආරම්භ කරන ලද පළමු දිනයේම ( 12 ) මාවනැල්ල ප්‍රාදේශිය සභාවේ සභාපති එජාපයේ අනුර චන්දන ජයවන්දල මහතා මුණ ගැසි මාවනැල්ල සභාවේදි මෙ සම්බන්ධයෙන් විමසීමක් කර අතර එහිදි තොරතුරු දැන ගැනිමේ පණත යටතේ අදාල ස්ථානයේ සවිස්තරාත්මක විස්තරයක් ලබා දෙන ලෙස සභාවේ ලේකම්තුමිය වෙත පොරණයක්ද පුරවා අප මාධ්‍ය කණ්ඩායම මගින් ලබා දි පෝරණය ලබා දුන් බවට සභාව හරහා ලිඛිත ලියකියවිල්ලක්ද අප ලබා ගත්තාය.
එහි ගිය අපට මාවනැල්ල ප්‍රාදේශිය සභාවේ සභාපති එජාපයේ අනුර චන්දන ජයවන්ද මහතා නගරයේ සිදු වන ඉදිකිරිම සම්බන්ධයෙන් එදින 12 අදහස් දක්වමින් මෙසේ පැවසීය.

මෙම ස්ථානයේ අනවසර ඉදිකිරිමක් සිදු කරනවා කියලා සති තුනකට පමණ කලින් අපිට පැමිණිල්ලක් ලැබුණා. කාර්මික නිලධාරිනියක් යවලා ඒ සම්බන්ධයෙන් දැනුවත් කලා අවශ්‍ය වන අවසරය අරන් පමණක් ඉදි කිරිම් කරන්න කියලා ඔවුන්ට දැන්නුවා. ඉදි කිරිම් අවසරයකින් තොරව කලොත් අපි නාගරික සංවර්ධන අධිකාරියේ නියෝග ලැබි තිඛෙනවා අදාල පුද්ගලයාට ඒ අනුව අපි මෙ ස්ථානයේ කිසිදු ඉදිකිරිමක් කරන්න අවස්ථාව ලබා දෙන්නේ නැහැ අවශ්‍ය නිතීමය කටයුතු සිදු කරන්නත් බලාපොරොත්තු වෙනවා.

දැනට මාවනැල්ල නගරයේ අනවසර ඉදි කිරිම් ගණනාවක්ම තිඛෙනවා. ගිය පාර මාසික මාවනැල්ල ප්‍රාදේශිය සභාවාරයේදි අපි තීන්දුවක් ගත්තා මාවනැල්ල නගරයේ අනවසර ඉදිකිරිම් සියල්ල ඉවත් කරන්න. ඉදිරියේදි මාවනැල්ල නගර සැලැස්මත් එක්ක නගරයේ අනවසර ඉදි කිරිම් ඉවත් කරන්න බලාපොරොත්තු වෙනවා. මෙවැනි අනවසර ඉදි කිරිම් කරන්න මම කිසිදු විදිහයේ බලපත්‍රයක් හෝ අවසරයක් ලබා දිලා නැති බවද මෙහිදි කිව යුතුයි. නමුත් සතියේ නිවාඩු දින වල ඉදිකිරිම් වුනොත් අපිට වලක්වන්න ක්‍රමවේදයකුත් නැහැ.

එතුමාගේ අදහස් විමසීම සිදු වන අතරවාරයේ මාවනැල්ල ප්‍රාදේශිය සභාවේ සභාපති අනුර චන්දන ජයවන්දල මහතාගේ නිල කාමරයට පැමිණි මාවනැල්ල ප්‍රාදේශිය සභාවේ එජාපයේ ඒ.සී.යු.එම්.අස්කර් මහතා සහ එම අනවසර ගොඩනැගිල්ල ඉදි කරන ව්‍යාපාරිකයා පැමිණ පැවසුයේ.

මෙම වෙළෙඳ සැල ඉදි කරන ස්ථානයේ තිබු ඔහුගේ ඉඩමට මාවනැල්ල නගරයේ මාර්ගය පුළුල් කිරිමේදි මිට අවුරුදු ගණනාවකට ඉහතදි මාර්ග සංවර්ධන අධිකාරිය මගින් එම ඉඩම මාර්ගයට ලබා ගැනිමේදි රුපියල් ලක්ෂ 16 ක වන්දි මුදලක්ද ගෙවු බවයි. එමෙන්ම දැනට සිදු වන ඉදිකිරිම නිතී විරෝධි ඉදිකිරිමක් වන බවද ඔහු පිළිගන්නා ලදි. එම සියලූ හඩ පට හා එහි සිදු වු සියලූ සංවාද අප රහසිගතව විඩියෝද කර ඇත.

මෙම සියලූ විස්තර ලබා ගත් අපි පිටව යෑමට සුදානම් වු අවස්ථාවේ සභාපතිවරයාගේ කාමරයෙන් එළියට පැමිණි මාවනැල්ල ප්‍රාදේශිය සභාවේ ඒ.සී.යු.එම්.අස්කර් මහතා මාධ්‍යයේ අපෙන් ඉල්ලා සිටියේ මෙම පුවත විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය හරහා යෑම වලක්වා ගැනිමට හැකි නම් ඒ සඳහා උදව්වක් අප මාධ්‍යවේදින්ට කර හැකි බවත්ය.
තවද පසුගිය 12 වැනි සිකුරාදා නගරයේ සිදු වන නව ඉදිකිරිම සිදු වන ස්ථානයට මහා මාර්ග දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියෙකුද මහා මාර්ග දෙපාර්තමේන්තුවේ වාහනයකින් පැමිණ අදාල ස්ථානයේ නැවති එහි ඉදිකිරිම් සිදු කරන ව්‍යාපාරිකයා සමග සාකජ්ජා කර යන අයුරුද එහි විඩියෝ ගත කරන ලද අප මාධ්‍ය කණ්ඩායම සතුව විඩියෝවක්ද ඇත.

නිලධාරින් මෙන්ම ඉහළ පෙළේ මාවනැල්ල කැබිනට් ඇමැතිවරයෙකුගේ දේශපාන උදව්වෙන් සිදු වන මෙම අනවසර ඉදි කිරිම මාවනැල්ල නගරයේ ජනතාවගේ දැඩි අප්‍රසාදයට පත් වි ඇති අතර එම ක්‍රියාව නැවැත්විමට මෙතෙක් බලධාරීන් කටයුතු නොකිරිම ඔවුන් හෙළා දකියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *