පාරේ අවුරුදු 20 ක් වැඩකළ විශ්‍රාමිකයා බැංකුව ලග අසරණ වෙයි!!

අවුරුදු 20 ක් නගරයේ කම්කරුවෙකු ලෙස වැඩ කළා විශ්‍රාම වැටුප ගන්නේ කොහොමද බැංකුව වහලා

ජායාරූප හා සටහන කෑගල්ල සමන් විජය බණ්ඩාර
හෙම්මාතගම නගරයේ පිහිටා ඇති ලංකා බැංකුව කිසිදු දැනුම් දිමකින් තොරව වසා දැමිම හේතුවෙන් අද 02 විශ්‍රාම වැටුප් ලබා ගැනිම පැමිණි බොහෝ දෙනෙක් දැඩි අපහසුතාවයකට ලක් වු අතර විශ්‍රාම වැටුප ලබා ගැනිමට නොහැකිව නැවත නිවස වෙත ගමන් කරන ලදි. හෙම්මාතගම අවට විවිධ ප්‍රදේශවලින් ඇදිරි නිතී කාල සීමාවේ පැමිණි විශ්‍රාමිකයින් බොහෝ දෙනෙක් ලංකා බැංකුව විවෘත කරනු ඇතැයි සිතා එහි රැඳි සිටි නමුත් බැංකුව උදෑසන 9 පසු වුවද විවෘත නොවිය.
මේ සම්බන්ධයෙන් හෙම්මාතගම ග්‍රාම නිලධාරි සෙනරත් විරසිංහ මහතා හරහා මාවනැල්ල ප්‍රාදේශිය ලේකම් ප්‍රියංගනි පෙතන්ගොඩ මහත්මිය පවා දැනුවත් කරමින් ක්‍රියා සිටියේ බැංකුව වැසිම හේතුවෙන් වයවෘද්ධ විශ්‍රාමිකයන් අසරණ වි ඇති බවයි.

පසුව එතුමන් විසින් හෙම්මාතගම පොලිස් ස්ථානාධිපතිවරයාද දැනුවත් කර අතර පොලිසිය පැමිණ බැංකුව තව පැයකින් පමණ විවෘත කරන බව විශ්‍රාමිකයන්ට දැනුම් දුන් අතර එය දැනුම් දෙන ලද්දේ උදෑසන 9.20 ට පමණ වන අතර පොලිසිය පැවසුයේ ප්‍රාදේශිය ලේකම්තුමියගේ ඉල්ලිම අනුව බැංකු කළමණාකාරතුමන් සමග සාකජ්ජා කර පසු පොලිසියට බැංකු කළමණාකරු විසින් පැයකින් බැංකුව විවෘත කරන බව පැවසු බවයි.

කෙසේ වෙතත් පොලිසිය විසින් ප්‍රකාශ කර නිසා විශ්‍රාමිකයන් එහි රැදි සිටි අතර මේ වන විට රජයේ සේවය කර විශ්‍රාම සුවයෙන් පසුවෙන විවිධ රෝගාබාධ වලට ලක් වුවන්ද දැඩි අපහසුතායෙන් පැමිණ එහි රැදි සිටිනු දැක ගත හැකි වු අතර වයස අවුරුදු 87 ක් වන කෑගල්ල නගරසභාවේ වසර 20 ක සේවා කාලයක් සම්පුර්ණ කල මුත්‍රා බට යොදා ගෙන දැඩි අපහසුතාවයෙන් සිටි රෝගියෙක්ද එහි වු අතර තවත් රෝගි තත්වයේ පසුවුන්ද එහි විය. ඔවුන් බැංකුව ඉදිරිපිට ඇති කඩ පිල් වල ඉදගෙන අපසුවෙන් සිටනු දැක ගැනිමට අපිට හැකි විය.

කෙසේ වෙතත් උදෑසන 10.15 ට පමණ නැවත පොලිසියෙන් පැවසුයේ බැංකුව හෙට දිනයේ විවෘත කරන බවට පොලිසිය වෙත එහි කළමණාකරු විසින් දැනුම් දිමක් සිදු කර ඇති බවයි. එම පණිවිඩය හෙම්මාතගම ග්‍රාම නිලධාරි සෙනරත් විරසිංහ මහතා විසින් එහි සිටි විශ්‍රාමිකයන්ට දැනුම් දුන් අතර අද දිනයේ විශ්‍රාමික අයට විශ්‍රාමික වැටුප ගැනිමට අවශ්‍ය නම් හමුදා බස් රථයක් බැංකුව අසලට ඒවා මාවනැල්ල නගරයේ ලංකා බැංකුව වෙතින් එය රැගෙන දිමට කටයුතු කරන බවද පැවසිය.

විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටුප සකස් කිරිමේ ලොකුම කාර්ය භාර්ය කරනවා

එය කෙසේ වෙතත් අප මාධ්‍ය විසින් මාවනැල්ල ප්‍රාදේශිය ලේකම් ප්‍රියංගනි පෙතන්ගොඩ මහත්මියගෙන් මේ සම්බන්ධයෙන් කර විමසිමකදි එතුමිය මෙසේ පැවසිය.
මේ සම්බන්ධයෙන් මම දිසාපතිතුමා පවා දැනුවත් කරලා තියෙන්නේ ඒ වාගේම දිසාපතිතුමා විසින් ලංකා බැංකුවේ සභාපතිතුමාටම කතා කලා ඒ අනුව විෂයභාර අමාත්‍යවරයාද දැනුවත් කලා ඉදිරි ක්‍රියා මාර්ග ගන්න කියලා.

ඇත්තෙන්ම ප්‍රාදේශිය ලේකම් කාර්යාලය මගින් විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටුප සකස් කිරිමේ ලොකුම කාර්ය භාර්ය කරනවා. අපි දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව මගින් තමයි බැංකුවේ ගිණුම් වලට දමන්නේ එහෙම කරන එක ලංකා බැංකුවට තියෙන්නේ ගෙවන්න විතරයි. ඒ දේ විශ්‍රාමික අයට අපහසුතාවයකින් තොරව කරලා දෙන එක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඒ අනුව දිසාපතිතුමාට ලංකා බැංකු සභාපතිවරයා පවසා තිඛෙනවා හෙට දිනයේ කොහොම හරි ලංකා බැංකුව විවෘත කරලා දෙනවා කියලා.

එහෙම කියලාත් බැංකුව විවෘත කලේ නැත්නම් කුමක්දැයි සිදු කරන්නේ යැයි අප කල විමසිමකදි එතුමිය පැවසුයේ වාහන මගින් විශ්‍රාමිකයන් මාවනැල්ල නගරයට ගෙනවිත් එහි ඇති ලංකා බැංකුවෙන් ඔවුන්ගේ විශ්‍රාම වැටුප ලබා දිමට කටයුතු කරන බවයි.

කෙසේ වෙතත් සමහර විශ්‍රාමිකයන් විසින් බැංකුව වසා ඇති නිසා දිප්පිටිය නගරයට මෙන්ම මාවනැල්ල නගරයේ ඇති බැංකු ශාඛා වෙත ගොස් සිය විශ්‍රාමික වැටුප ලබා ගැනිමට එදින කටයුතු කර අතර තවත් බොහෝ දෙනෙක් හිස් අතින්ම නිවස වෙත යන ලදි. ඒ යන සමහර දෙනෙක් පැවසුයේ ජාතියේ මහා පහන් ටැබ කියලා කිවාට රජය කියන විදිහට නෙවෙයි මේ බැංකුව වැඩ කරන්නේ එහි කළමණාකරුට හා සේවකයන්ට ඔනෑ විදිහට වන බවයි.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *