ශ්‍රීලනිප සංවිධායකයන් පිරිසකගෙන් ජනපතිට ලිපියක්

අළුයට ගිනි මෙන් ශ්‍රීලනිප අර්බුධය දේශපාලන කුණාටුවක ඇරඹුමක් ද

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අභ්‍යන්තරයේ අර්බුධය හමුවේ ඩාර්ලි පාරේ තිබෙන පක්ෂ කාර්යාලය පසු ගිය සතියේ දොරගුළු ලෑමට සිදුවිය ඒ ජනාධිපතිවරයා විදෙස් සංචාරයක් සදහා තායිලන්තය බලා යෑමට ගුවන්තොටුපලට පිටත්වීමෙන් අනතුරුවය පොලිස් විශේෂ කාර්ය බලකාය පැමිණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලය ඉබි යතුරු දමා වසා යතුර මරදාන පොලීසියට භාරදුන් බවට වාර්තා විය. වර්තමානයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බොහෝ අසන සංවිධායකයින් හිටපු ජනපතිනී චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියට හිතවත් පිරිසක් බවට පත්ව ඇත ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය ඇල්ලීම සදහා පිරිසක් උත්සහ ගන්නා බවට වාර්තා වීමෙන් අනතුරුව මෙම තීරණය ගන්නට ඇති බව ට වාර්තා වෙයි.

එහෙත් ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් රෝහණ ලක්ෂමන් පියදාස මහතා සදහන් කලේ අලුත් අවුරුද්ද නිසා කාර්ය මණ්ඩලයට නිවාඩු ලබාදුන් බවයි . නවතම තත්වය තවදුරටත් සංකීර්ණ වෙමින් පවතින බවට වාර්තාවේ ඒ හිටපු ජනාධිපතිතුමිය පසුගිය දින කිහිපයේ සිදුකල ක්‍රියාකාරකම් හේතුවෙනි පසුගිය සමය පුරාම වර්ෂ අවසානයේදී දිවංගත සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය සිහිපත්කර පින්කම් රැසක් කතරගම පූජා නගරය කේන්ද්‍ර කරගෙන සිදුකරන ලදී මෙම අවස්ථාව සදහා හිටපු ජන්ධිපතිතුමිය සහ යට හිතවත් දේශපාලන කණ්ඩායම් සහ පිරිස් එතුමිය සමග මෙම පින්කම් සදහා සහභාගී වන ලදී .

එම පිංකම් අවසානයේදී හම්බන්තොට ප්‍රදේශයේ ප්‍රබල දේශපාලන නායකයෙකුගේ නිවසෙහි විශේෂ සාකච්චාවක් පවත්වා ඇති බවට කරුණු අනාවරනය වෙයි .එසේම ඊයේ රාත්‍රියේ නව වසරට සුභාපැතීම සදහා හිටපු ජනාධිපතිතුමියගේ කොළඹ පිහිටි නිවසට ආසන සංවිධායක වරුන් 35 ක් පමණ සහභාගී වී ඇති බවට වාර්තා වෙයි මෙහිදී ජනාධිපතිවරයාට හිතවත් සහ තවමත් ජනාධිපති තුමන් යටතේ තිබෙන අමාත්‍යංශ කිහිපයක තනතුරු දරන අසන සංවිධායක වරුන් කිහිප පොළක්ම පැමිණ ඇත,මෙහිදී හිටපු ජනපතිනිය ඉදිරියේදී ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් කිසිදු උපදෙසක් ලබා නොදීමට ප්‍රවේසම් වී ඇත.

එහිදී සංවිධායකවරුන් ජනපතිට ලිපියකින් දැනට පවතින තත්වය සම්බන්ධයෙන් දැනුවත් කිරීමට එකෆ්ග වී ඇත ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරියේදී එජාපය හෝ පොහොට්ටුව සමග කිසිදු සන්ධාන ගතවීම සිදු නොවිය යුතුබවට සහ ඉදිරි මැතිවරණ සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ය වශයෙන් තරග කිරෙමේ අවශ්‍යතාවය පෙන්වා දීමය. මීට අමතරව පක්ෂ නායකත්වයයේ කිසිදු වෙනසක් සම්බන්ධයෙන් සාකච්චා වී නොමැත එහෙත් දේශපාලන විචාරකයන් සදහන් කරන්නේ පවතින තත්වය තුල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි ගමන්මග වෙනුවෙන් ඉදිරියේදී ජනාධිපතිවරයාට තීන්දු තීරණ රැසක් ගැනීමට සිදුවනු ඇති බවයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *