මිනුවන්ගොඩ පොහොට්ටු බලමණ්ඩල රැස්වීමේ දී මාධ්‍යවේදියෙකුට තර්ජනයක්

බලමණ්ඩල රැස්වීමෙන් ඉවත්වන ලෙස බල කරලා

ඊයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටුවෙ) මිනුවන්ගොඩ ආසන බළ මණ්ඩළ රැස්වීමෙ ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයගෙ කතාව වීඩියෝ කරන්න ආපු සමාජ මාධ්‍ය ජාලයක ප්‍රධාන මාධ්‍ය වේදියෙකු වන සුජීව මහේෂ් මහතාට අදාල රැස්වීමේ කටයුතු සිදු කරගැනීමට ඉඩ නොතබා ඔහු එම ස්ථානයෙන් ඉවත් කිරීමට එම ස්ථානයේ මාධ්‍ය භාරව කටයුතු කරන ලද ප්‍රසන්න රණතුංග මහතාගේ මාධ්‍ය කටයුතු භාරව සිටින ප්‍රදීප් කුමාර මහතා විසින් කටයුතු කර තිබෙන බවට වාර්තා වෙයි.

අදාල මාධ්‍ය වේදියා තම Face book පිටුවේ මෙලෙස සටහන් කර තිබුණි.

අද පොහොට්ටුවෙ මිනුවන්ගොඩ ආසන බළ මණ්ඩළ රැස්වීමෙ ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයගෙ කතාව වීඩියෝ කරන්න ආපු සුජීව මහේෂ් ( Sujeewa Mahesh ) ගෙ කණෙන් අල්ලා එලියට දාලා..
සුජීවය කියන්නෙ මහින්ද එක්කම ඉඳලා, ප්‍රසන්නව ගොඩ දාන්න ෆේස්බුක් එකේ හම්බානෙක ගේමක් දුන්න එකෙක්.. සුජීව කියන්නෙ අපි හැමෝම දන්න ගම්පහ සිංහයෝ පේජ් එකේ ඔර්ජිනල්ම ඇඩ්මින්වරයා..

එහෙව් එකාගෙ කණෙන් අල්ලලා එළියට දාල තියෙන්නෙ වෙන කවුරුත් නෙමෙයි, ප්‍රසන්නගෙම මාධ්‍ය ලේකම් වෙච්ච ප්‍රදීප් කුමාර..හපොයි..!!

( මම හැමදාම කියන්න වගේ උඹල ඕකුන්ට ස්වේච්ඡාවෙන් වැඩ කරන්න එපා. බලය නැතුව මෙහෙම නම්, බලය ගත්තම කොහොම වෙයිද ? වැඩක් කරන්, බුලක් කෙළගෙන ගෙදරට වෙලා හිටපල්ල බං )

One thought on “මිනුවන්ගොඩ පොහොට්ටු බලමණ්ඩල රැස්වීමේ දී මාධ්‍යවේදියෙකුට තර්ජනයක්

  • January 20, 2019 at 12:36 pm
    Permalink

    සුජීව මහේෂ් මහතා මාධ්‍යවේදියෙකු නොවේ ඔහු සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකි අඩුම තරමින් ඔහු වෙබ් ම්ධ්‍යවෙදියෙකුද නොවේ ඔහු මාධ්‍යවේදියෙකු ලෙස හදුන්වදිමම වරදකි අනෙක මා ඔහුට තර්ජනය කලේ නැත මෙම රැස්වීමේදී ප්‍රසන්න රණතුංග මහතා කරන කතාව පක්ෂයේ අභ්‍යන්තර කාරණා සහිත බැවින් වීඩියෝ නොකරන ලෙස පැමිණ සිටි සියලු ජාතික මාධ්‍යවේදීන්ගෙන් හා සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ගෙන් ඉල්ලා සිටියේ අප කලින් ගත් තීරණයක් අනුවය පොදු තීන්දුවක් වූ එයට සියලු දෙන එකග වූ අතර සුජීව මහතා පමණක් ඊට එකග වුයේ නැත ඔහු දිගින් දිගටම වීඩියෝ කල බැවින් ජාතික මාධ්‍ය නියෝජිතයන් ඒ පිළිබද ප්‍රශ්න කරන විට මා මැදිහත්ව එය නතර කිරීමට කටයුතු කලෙමි එහිදී තර්ජනය කිරීමක් හෝ ඔය කියන පරිදි කනෙන් අල්ල එලියට දැමීමක් සිදු වුයේ නැත ඒ නිසා මෙම පුවත වැරදිය

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *