අලුත්ගමදී මාධ්‍යවේදියෙකුට මැර පිරිසක් නිවසට පැමිණ පහර දෙයි

මාධ්‍යවේදියා සහ බිරිද තුවාල ලබා රෝහල් ගත කෙරේ

අලුත්ගම ප්‍රාදේශීය මාධ්‍ය වේදියෙකු වශයෙන් කටයුතු කල මාධ්‍යවේදී තුසිත කුමාර ද සිල්වා මහතා සහ ඔහුගේ බිරිඳ ඊයේ සවස (6) නිවසට පැමිණ පුද්ගලයන් පිරිසක් බැන තර්ජනය කරමින් පහරදීම සිදුකර ඇත. සිද්ධියෙන් මාධ්‍යවේදියා සහ ඔහුගේ බිරිද තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි අලුත්ගම පොලිසිය කියයි.

සිද්ධියෙන් පසු මාධ්‍යවේදියා සහ ඔහුගේ බිරිද රෝහල් ගතකර ඇත මේ වන විට තුසිත කුමාර ද සිල්වා මහතා සහ ඔහුගේ බිරිඳ අලුත්ගම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන අතර ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බව අලුත්ගම රෝහලේ ප්‍රකාශකයකු සඳහන් කළේය.

අදාල පහරදීමට පැමිණි පුද්ගලයන් තුසිත මහතාගේ නිවසට හානි කර ඔහු සන්තකයේ තිබූ ජංගම දුරකතනය සහ රුපියල් 5000 ක මුදලක් ද පැහැරගෙන ගොස් ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *