චීනයට දින දෙකකින් රෝහලක්!!! මීගමුවේ රෝහල වසර හතරක් තවමත් හදනවා

චීනය මුල් කරගනිමින් ආරම්භවූ කොරෝනා වෛරසය නිසා පීඩාවට පත් රෝගීන් වෙනුවෙන් දින හයකින් රෝහලක් ඉදිකිරීමට චීන බලධාරීන් කටයුතු කල අතර දින හයක් නොව දින දෙකකින් අදාල රෝහලේ ඉදිකිරීම් සම්පුරණයෙන් අවසන් කිරීමට චීනයට හැකිවිය එමෙන්ම රෝහලේ සියලු සයන කටයුතු ද ආරම්භ කිරීමට පියවර ගන්නා ලදී රෝගීන් දහසකට නේවාසිකව ප්‍රතිකාර ගතහැකි මෙම රෝහල වූහාන් නගරය ආසන්නයේ හුවැන්ගැන්ග් ප්‍රදේශයේ ඉදිකළ රෝහල අද විවෘත කෙරිණි.

එසේම මේ සතිය අවසානය වනවිට වූහාන් සිට කිලෝමීටර් 75ක පමණ දුරකින් තවත් රෝහලක් සෑදීමට චීනය සැලසුම් කරමින් සිටී චීනයේ තත්වය එසේ වුවද මෙරට ප්‍රධාන රෝහලක් වන මීගමුව මහා රෝහල වසර හතරකට අසන්න කාලයක් ඉදිකිරීම් සිදු කලද තවමත් එහි ඉදිකිරීම් අවසන් කිරීමට නොහැකිවීම මෙරට දේශපාලකයන් නිලධාරීන් ඇතුළු වගකිව යුතු සියලු දෙනාම ලැජ්ජාවට පත්විය යුතුය

වසර 2500 ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියන අහස සිඹින මහා දාගැබ් සැදූ මහා නොදෙවෙනි ජලාශ ඉදිකළ අපේ මුතුන් මිත්තන් කල ඒ සුරු විරුකම් පමණක් ශේෂව ඇත ලාංකීය ජන සමාජයේ රෝහලක් ඉදිකිරීමට නොව පැවති රෝහල නවීකරණය කිරීමට මෙතරම් කාලයක් ගැනීම තුල අප කෙතරම් අවාසනාවන්ත ජාතියක් ද තවමත් ඉබි ගමනින් වැඩ සිදුවන මීගමුව මහ රෝහලේ වැඩ නිමවෙන්නේ කවදාද???

මෙරට ප්‍රධාන ගුවන්තොටුපල ආසන්නයේ ඇති මෙම රෝහල නවීකරණය කිරීමට මෙතරම් කාලයක් ගැනීම අනුමැත කල හැකිද?? රෝහල සදා වසර 15 ක් ගියතැන ගරා වැටෙන තත්වයට නිර්මාණය කල මීගමුව මහ රෝහල අද නැවත ප්‍රතිනිර්මාණය වෙනුවෙන් මෙසේ කල් මරණ අවස්ථාවක ලෝකය පුරා වසංගත අවධානමක් පැනනැගී ඇති මොහොතක මීගමුව වැනි සංචාරකයන් විශාල පිරිසක් සිටින පර්දේශයක රෝහලක් නැවත ප්‍රතිසංස්කරණය කිරීමට ගතව ඇති කාලය සුළුවෙන් තැකිය හැකිද මහජන සේවකයිනි රාජ්‍ය සේවකයිනි ඔබ සමස්ථ ජාතියෙන්ම සමාව ගත යුතු නොවේද ???

Leave a Reply

Your email address will not be published. Required fields are marked *