එකම රටේ තාරුණ්‍යයේ වීරයෙක් සහ වසලයන් පිරිසක්

කොල්ලන් පිරිසක් පස්ස පෙන්න අතරේ කොල්ලෙක් දුම්රියක් ගොඩ දමයි

පස්ස පෙන්වමින් ගල් උඩ දුවන කොල්ලන් අතරේ කැම්පස් කොල්ලා කළ අප්පඩ හුඩු පටිට වැඩේ මෙන්න…..

ගල් උඩට නැග ලෝකයටම පස්ස පේන්නන කොල්ලන් සමහරක් සිටින අපමණ ලංකාවේ කෝච්චියක් දුවන්නට තාක්ෂණය දී සුපිරි ආතල්, පට්ට ,එළ කිරි, බ්‍රෝවෙක්, බුවෙක්, පොරක්, කොල්ලෙක්, වැඩිඩෙක්… පිළිබඳව මුහුණු පොතේ ලියවෙන අලුත්ම කතාන්දරය මෙන්න

යාපනයේ සිට කොළඹ කොටුව බලා ධාවනය වූ අංක 4021 දරන නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රිය ඉකුත් 19වැනිදා කාර්මික දෝෂයකට ලක් වී දුම්රිය කාර්මික ශිල්පීන්ටද යථා තත්ත්වයට පත් කළ නොහැකිවීමෙන් මගීන් දැඩි අපහසුතාවට පත්ව ඇති අතර එහිදී එම දුම්රියේ ගමන් කළ සර සවි සිසුවකු ඉදිරිපත් වී එම දෝෂය යථා තත්ත්වයට පත්කිරීමෙන් පසු දුම්රිය යළිත් ධාවනය කිරීමට හැකි වී තිබේ.

මෙලෙස එම දුම්රිය දෝෂය නිවැරදි කර ඇත්තේ මොරටුව ජර්මානු කාර්මික ආයතනයේ අධ්‍යපනය ලබා මේ වනවිට පෞද්ගලික විශ්වවිද්‍යාලයකින් වැඩිදුර අධ්‍යපනය හදාරන ජනිත් දිමන්ත විතානාරච්චි නමැති සිසුවෙකි.

මෙම දුම්රිය එදින පස්වරු 4.27ට අනුරාධපුරයෙන් පිටත්වීමෙන් පසු මහාගල්කඩවල කැළෑබැද ප්‍රදේශයේදී කාර්මික දෝෂයකට ලක්ව නැවතී ඇති අතර එහි පැමිණි දුම්රිය කාර්මික ශිල්පීන් ද විනාඩි45ක් පමණ උත්සාහ කළ ද දෝෂය නිවැරදි කිරීමට නොහැකි වී ඇත.

ඒ හේතුවෙන් මෙම දුම්රිය වෙනත් දුම්රිය එන්ජිමක් මගින් ගල්ගමුව දුම්රිය ස්ථානය දක්වා ගෙන ගොස් එතැන සිට කොළඹ කොටුව දක්වා ගමන් කිරීම සඳහා මගීන්ට ගමන් පහසුකම් සලසන බව දුම්රිය බලධාරීන් මගීන්ට දැනුම් දී ඇත.විශාල බෑග රැගත් විදේශිකයින් ඇතුළු මගීන් රැසක් මෙම දුම්රියේ සිට ඇති අතර රාත්‍රියද උදාවෙමින් තිබූ බැවින් ඔවුන් මුහුණ පා ඇත්තේ දැඩි අසීරුතාවකටය.

ඒ අවස්ථාවේ මගීන් අතර සිටි මෙම සිසුවා ඉදිරිපත් වී තමාට දුම්රියේ දෝෂය නිවැරදි කළ හැකි බව දුම්රිය තාක්‍ෂණ ශිල්පීන්ට පවසා තිබේ.එම අවස්ථාවේ ඔහුට එම අවස්ථාව ලබා දී ඇති අතර ඔහු ඇතැම් මගීන්ගේ ද සහය ඇතිව විනාඩි 20ක පමණ කාලයකදී දුම්රියේ කාර්මික දෝෂය නිවැරදි කර ඇති අතර ඉන්පසු යළිත් දුම්රිය කොළඹ කොටුව දක්වා ගමන් අරඹා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *