කෑගල්ලේ සිංහල ගමක් මැදට මාතර මුස්ලිම් පිරිසක් දාලා ගමේ උණුසුම් තත්වයක්

නිවසේ රැදි සිටින පිරිසට දින 14 ක් නිරෝධායනයට ලක් වන ලෙස සෞඛ්‍ය අංශ දන්වයි

මාවනැල්ල හෙම්මාතගම පොලිස් බල ප්‍රදේශයේ සිංහරාජගම ගම්මානයේ වතු අධිකාරිවරයෙකුවරයෙකුට අයත් නිවසකට මාතර ප්‍රදේශයේ පිරිසක් ( මුස්ලිම් ) පසුගිය ඇදීරි නිතී කාල සීමාවේ පැමිණිමේ සිද්ධියක් මුල් කර ගනිමින් අද 09 ඒ අවට පිහිටා ඇති අල්පිටිය හා සිංහරාජගම වැනි ප්‍රදේශවල ස්වාමින් වහන්සේලා හා ප්‍රදේශවාසින් උණුසුම් තත්වයක් ඇති කර ගත් අතර පසුව එය සමතයකට පත් කිරිම සෞඛ්‍ය අංශ ප්‍රධානින්ට මෙන්ම පොලිසියේ ඉහල පෙලේ නිලධාරින් වරුන්ට මැදිහත් විමට සිදු විය.

ගම්වාසින් බලධාරින් පැමිණිමට පෙර වගකිය යුතු අංශවලින් ඉල්ලා සිටියේ වෙනත් ප්‍රදේශයක සිට පැමිණි මෙම නිවාසයේ සිටින 14 කට ආසන්න පිරිස වහාම නිරෝධායණ මධස්ථානයකට යවා නිරෝධායනය කරන ලෙසයි. එම පිරිස නිරන්තරයෙන් ගම්මානයේ සැරි සරන බවත් කඩ වලට මෙන්ම ගම්මානයේ 500 කට වැඩි පිරිසක් බිමට මෙන්ම වෙනත් කටයුතු වලට ජලය ගන්නා සහ දිය නෑමට භාවිතා කරන බඹරගහ ඇල මාර්ගයේ මේ පැමිණි පිරිසද භාවිතයට ගන්නා නිසා වසංගත තත්වයක් මේ පිරිසට තිබුණහොත් එය ගම්මානය පුරාම පැතිර යන පවසන්ට විය.

පසුව ගම්වාසින් පිරිස අදාල පිරිස රැදි සිටින නිවස අසලට ගොස් එහි පුද්ගලයෙකු නිවසේ කඩුල්ල අසලට ගෙන්වා විමසිමක් කර අතර එහි සිටම එහි සිටි ස්වාමින් වහන්සේලා විසින් මාවනැල්ල ප්‍රාදේශිය ලේකම් ප්‍රියංගනි පෙතන්ගොඩ මහත්මියටත් හෙම්මාතගම පොලිසියේ ස්ථානාධිපති මෙෂාන් ඉන්දුක සිල්වා මහතාටත් දුරකථනයෙන් කතා කර අතර මහජන සෞඛ්‍ය පරික්ෂකවරයාද ඇමැතිය. එහිදි රජයේ නිලධාරින් විසින් එහි සිටි ස්වාමින් වහන්සේලාට සහ ගම්වාසින්ට පැවසුයේ මෙම නිවස්නේ රැදි සිටින පිරිස අප්‍රේල් 8 වැනි දින සවස වගකිය යුතු අංශ ගම්වාසින් විසින් දැනුවත් කිරිමෙන් පසුව එම නිවසේම දින 14 ක් නිරෝධායනයට ලක් කර ඇති බවයි.

ගම්වාසින් නැවත වතාවක් එහි සිට පවසන්නට වුයේ මෙම පිරිස නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත රැගෙන යන ලෙසයි. තවද ගමේ තරුණයන් පිරිසක් පැවසුයේ මෙම ගම්මානයට පැමිණි ගම්මානයේ පදිංචි පිරිසක් පිට පළාත් වලින් පැමිණි බව පවසා ඔවුන් ඊට පසු දිනයේම ඇදිරි නිතී බලපත්‍ර සකස් කර එම පළාත් සහ ප්‍රදේශ වලට පිටත් කර ඇති බවයි. ස්වාමින් වහන්සේලා මෙන්ම ගම්වාසින් මාධ්‍ය වෙත පැවසුයේ ගමේ තවත් පිරිසකට එක් නිතීයක් නම් මොවුන්ට තවත් නිතීයක් ක්‍රියාත්මක කරන්නේ කෙසේද යන්නයි.

කෙසේ වෙතත් තත්වය උණුසුම් වු බැවින් එම ස්ථානයට පැමිණි හෙම්මාතගම පොලිසියේ නිලධාරින් විසින් සෞඛ්‍ය අංශ මෙන්ම ඉහල පොලිස් නිධාරින් එම ස්ථානයට ගෙන්වා එම නිවසේ රැදි සිටින පිරිසට දින 14 ක් නිරෝධායනයට ලක් වන ලෙසත් ඔවුන්ට ගමේ කිසිම ස්ථානයක නිකරුනේ සැරිසැරිමෙන් වැලකි කටයුතු කරන ලෙසත් එම නිවස්නේ අයිතිකරුගේ වත්තේ වැඩ කරන කම්කරුවන් සිව් දෙනෙක්ද නිරෝධායනට ලක් කරන බවටත් පොරොන්දු විමෙන් පසුව ස්වාමින් වහන්සේලා හා ගම්වාසින් එම ස්ථානයෙන් විසිර ගියේ මෙම පිරිසගෙන් යම් වැරදි ක්‍රියා පිලිවෙතක් හෝ ඇල මාර්ග වලින් දිය නාමින් ගම්වාසින්ගේ සෞඛ්‍ය ගැටලූ වලට ප්‍රශ්නයක් ඇති වන ලෙස වැඩ කටයුතු කර හොත් නිතීමය කටයුතු ඉදිරියට කරන බව පවසමිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *