මිනුවන්ගොඩ නගර සංවර්ධනය නගරාධිපතිගේ අභිමතයට යටවෙලා

නගරාධිපති වරයාගේ ක්‍රියාකලාපයට විරෝධයක්

මිනුවන්ගොඩ නගරය එක් ස්ථානයක මේ දිනවල කඩිනම් සංවර්ධනයක් ක්‍රියාත්මකව ඇත ඒ නාගරික සංවර්ධන අධිකාරියේ උපදෙස් මත නගරය මැද ස්ථානයක් තෝරාගෙන තුරු වදුලක් නිර්මාණය කිරීමයි. එහෙත් මේ සංවර්ධන ව්‍යාප්තිය පසු පස නගරධිපති වරයාගේ හිතගියාවට අනුව ක්‍රියාත්මක තවත් සංවර්ධන ක්‍රියාවලියක් මේ සමග ක්‍රියාත්මක කිරීමයි ඒ දැනට නාගරික සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාත්මක ව්‍යාප්තිය පිටින් දමා එම ස්ථානයේ සිට මිනුවන්ගොඩ නගරයේ පිටත වටරවුම් මාර්ගය දක්වා නව මාර්ගයක් ඉදි කිරීමයි.

මේ සදහා මිනුවන්ගොඩ නගර සභාව තෝරාගෙන ඇත්තේ පුගලික ඉඩමක් බවට චෝදනා එල්ල වී ඇත. මේ සම්බන්ධයෙන් අදාල ඉඩමේ හිමිකරු මිනුවන්ගොඩ පොලීසියේ අවස්ථා තුනකදී පැමිණිලි කර ඇත අනතුරුව මිනුවන්ගොඩ පොලිස් ස්ථානාධිපති තුමන් විසින් මිනුවන්ගොඩ නගර සභාවේ නගරාධිපති වරයා සහ අදාල ඉඩමේ හිමි කරු අවස්ථා තුනකදී පොලිස් ස්ථානයට කැදවා ගැටළුව විසදීම සදහා අවශ්‍ය පියවර ගනු ලැබුවද කිසිදු එකග තාවයකින් තොරව පරීක්ෂණ අවසන්ව ඇති බවට වාර්තා වෙයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ඉඩමේ හිමිකරු සදහන් කර සිටියේ තමන් වසර 16 ක කාලයක සිට හිමිකම් තිබූ මෙම ඉඩමේ පුර්ණ අයිතිය තමන් සතු බවටත් ඒ සම්බන්ධ අව්ශ්‍ය සියලු ලිපි ලේඛන මා සතුව තිබෙනවා මේ ඉඩම මීට අවුරුදු 16 ක සිට අයිතිය තියෙනවා.මේක අසාධාරණ ක්‍රියාවක් අයි මේ වාගේ බලහත් කාරකම් කරන්නේ මීට ඉස්සෙල්ල නගරාධිපති වරුන් හතර දෙනෙක් පාලනය කළා ඒ කවුරුත් මේ දේපලට බල පෑම් කලේ නැහැ. වත්මන් නගරාධිපති වරයා බලයට පැමිණි දවසේ ඉදල මේ ඉඩමට ආරවුල් ඇති කරනවා. ඒකට රහසක් තියෙනවා .

නගරාධිපති තුමාගේ පියාට අයත් ගොඩනැගිල්ලක් මෙම ඉදිකිරීමට නියමිත මාර්ගට ආසන්නව තියෙනවා ඒ නිසයි මේ කටයුත්ත කරන්නේ මෙම මාර්ගය කෙසේ හෝ ඉදිකිරීමට නගරාධිපතිවරයා කටයුතු කිරීමේ රහස එයයි. එමගින් අදාල ගොඩනැගිල්ලේ පිටුපස කොටසද ප්‍රධාන මාර්ගයකට යාකිරීමේ උත්සාහයක් තමයි මේක .මේ සම්බන්ධයෙන් අපි මිනුවන්ගොඩ පොලීසියට පැමිණිලි කළා සියලු ලිපි ලේඛන සහිතව අයිතිය තහවරු කළා.පොලිස් ස්ථානාධිපතිවරයා උත්සාහ කලේ ගැටලුව සාධාරණව විසදන්න එහෙත් නගරාධිපති වරයා ඒ සියල්ල මායිම් කලේ නැහැ ඔහු හිතුවක් කාරී ලෙස කටයුතු කරනවා.

මේ සදහා අපි නීතිමය පියවර අරගෙන තියෙන්න පොලීසිය කියන්නෙත් අධිකරණය මගින් ගැටලුව විසදගන්න කියලා මේ දවස්වල උසාවිය නිවාඩු ඉතින් නගරාධිපති තුමන් කියා සිටින්නේ තමන්ට මෙම සංවර්ධන ක්‍රියාවලිය වසර අවසන්වීමට පෙර අවසන් කලයුතු නිසා මෙම සංවර්ධන ක්‍රියාවලිය නතර කිරීමට නොහැකි බව කීවා.

ජනතා මුදලින් පාලනයවන ආයතන කටයුතු කල යුත්තේ ජනතාව පීඩාවට පත් කිරීමට නොව ජනතාවගේ සුව පහසුව උදෙසාය. නගරය මැදින් මාර්ගයක් ඉදි කිරීම කිසිම ගැටළුවක් නැහැ එහෙත් පුද්ගලික ඉඩමකින් කොහොමද බලහත් කාරයෙන් පාරවල් සාදන්නේ අනෙක මේ මාර්ගය සෑදීමෙන් ජනතාවට ලැබෙන සෙත නොවෙයි බලල තියෙන්නේ ඔවුන්ගේ පුගලික අවශ්‍ය තාවය අපි කියන්නේ නීතියට ඉඩ දෙන්න අපිට අයිති නැතිනම් කිසිම ගැටළුවක් නැහැ පාර කපන්න.ඒක බලහත් කාරයෙන් කරන එකයි වැරැද්ද??

පක්ෂ විපක්ෂ සියලු දෙනා චෝදනාවට ලක්වේ

මිනුවන්ගොඩ නගරය අවස්ථා ගණනාවකදී සංවර්ධන ක්‍රියාවන්ට ලක්වන ලදී එම කිසිදු සංවර්ධන යෝජනාවක අහලකවත් නොතිබූ මෙම මාර්ගය තකහනියේ ඉදිකිරීමේ අවශ්‍යතාවය කුමක්ද කියා නගරයේ ජනතාව දන්නා කරුණකි. මිනුවන්ගොඩ නගර සභාව මෙම යෝජනාව සම්මත කරගෙන මුදල් පවා වෙන්කර ගැනීම සහ අදාල කොන්ත්‍රාත්තුව සදහා ටෙන්ඩර් අනුමැතිය සහ කොන්ත්රත්කරුට අනුමැතියද ඇතුළු නගර සභාව පාර්ශවයේ කලයුතු සියලු කාර්යන් නිසි පරිදි සපුරා ගැනීමට මිනුවන්ගොඩ නගර සභාවේ නගරාධිපති නීල් ජයසේකර මහතා සමත්ව ඇත. තත්වය මෙසේ වුවද මෙම යෝජනාවට විරුද්ධ වී තිබුණේ නගර සභාවේ විපක්ෂ නායක ශ්‍රී මාල් මාරසිංහ මහතා පමණක් විරුද්ධ වී ඇති බවට වාර්තා වෙයි.

මිනුවන්ගොඩ නගර සභාවට 1998 දී මෙම ඉඩම් කොටස පවරා ගැනීමක් සිදු කර තිබුණද 2001 වර්ෂයේදී එවකට සිටි නගරාධිපති වරයා විසින් මෙම ඉඩම් කොටස සදහා වර්තමාන අයිතිකරුට අනුමැතිය ලබාදී ඇත .කෙසේ වෙතත් මෙම පවරා දීම හරහා එදා (2001වර්ෂයේ ) සභාපතිවරයා තම බලතල ඉක්මවා ගොස් සිදුකල ක්‍රියාව කිසිසේත් අනුමත කල නොහැක. එමෙන්ම වර්තමාන සභාපති වරයාද මිනුවන්ගොඩ නගරයට කිසිදු ප්‍රයෝජනයක් නොවන මෙම මාර්ගය ඉදිකිරීමත් එය තවත් පුද්ගලයෙකුගේ පුද්ගලික ඉඩමකින් මෙම මාර්ගය ඉදි කිරීම ද කිසි සේත්ම අනුමත කල නොහැකිය.

වර්තමාන මිනුවන්ගොඩ නගරාධිපතිවරයා දීර්ඝ කාලයක් නගර සභාව නියෝජනය කරන ලද මන්ත්‍රීවරයෙකි. අවස්ථා කිහිපයකදී මිනුවන්ගොඩ නගර සභාවේ විපක්ෂ නායක දූරය හොබවා ඇත. පසුගිය පළාත් පාලන මැතිවරණයේදී නගර සභාවේ නියෝජිතයෙකු වශයෙන් පත්ව නගරාධිපති වරයා වශයෙන් පත්වන ලදී. දිගු දේශපාලන ගමනක් යාමට හැකි තරුණ නායකයෙකු වශයෙන් නගරාධිපති වරයා කටයුතු කිරීම ඔහුගේ දේශපාලන ගමනට යහපත් වනු ඇත.

මිනුවන්ගොඩ වර්තමාන දේශපාලන පක්ෂ විපක්ෂ ඉහල බල අධිකාරිය මේ සම්බන්ධයෙන් නිහඩ ප්‍රතිපත්තියක් අනුගමනය කරක්මින් ඇත ,ඒ ඔවුන්ගේ දේශපාලන වාසිය නිසාය , සියලු දෙනා දැනගත යුතු වන්නේ තමන් මේ සිදුකරන්නේ ජනතා බදු මුදලින් ජනතා සේවයක් බව සිතිය යුතුය.හිතුමතේ ජනතා බදු මුදල් වියදම් කිරීම වරක අතිගරු ජනාධිපති තුමන් ප්‍රකාශ කල පරිදි ලබන ආත්මයේදී කපුටන් වී උපදින කථාවෙන් මෙම සටහන අවසන් කරමි

2 thoughts on “මිනුවන්ගොඩ නගර සංවර්ධනය නගරාධිපතිගේ අභිමතයට යටවෙලා

  • December 26, 2018 at 3:46 pm
    Permalink

    මෙය සම්පුර්ණ අසත්‍ය ප්‍රවෘත්තියකි හුදෙක් සභාපති තුමා සහ නගර සභාව අප කිර්තියට පත් කිරිම සඳහා ගන්නා ලද්දා වු වෑයමකි මෙයි සත්‍ය තොරතුරු ඔනෑම කෙනෙකුට නගර සභාවෙන් පැමින ලබාගත හැක

    Reply
    • December 27, 2018 at 9:29 am
      Permalink

      තවත් අවශ්‍ය කරුණු සහ තොරතුරු ඕනෑ තරම් අප සතුව ඇති නිසා අපගේ පුවත සම්බන්ධයෙන් ගැටළුවක් ඇත්නම් විමසන්න (0779621276)

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *