වැස්ස අරම්භ වූ පසු කාලගුණ අනාවැකි කියන රටක්

අද දිනයේ අනපේක්ෂිත මහ වැස්සත් සමග අද දිවයිනේ ප්‍රදේශ රැසක දෛනික ජන ජීවිත අඩාල විය.ඒ, ප්‍රධාන නගර කිහිපයකම මහ මාර්ග ජලයෙන් යටවීම හේතුවෙනි.මේ නිසා ජනතාව දැඩි අපහසුතාවයක පත්වන ලදී මෙහි ඇති සිද්ධිය නම වැස්ස හෝ ජලයෙන් යටවීමට වැඩ මෙරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද දිනයේ වහින බවත් එම වැස්ස දැඩි බවත් දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට කාලගුණය අයහපත් බවත් සදහන් කරමින් අද උදෑසන වැසි බර කාලගුණය ඇතිවී පැය බාගයකට පසුව අදාල නිවේදනය නිකුත්කිරීම හරහා මෙරට කාලගුණ අනාවැකි පිලිබදව නැවත සිහිපත් කිරීමට අවශ්‍ය බවට සාක්ෂි සහිතව ඔප්පු කිරීම සිදු කරන ලදී

ලෝකයේ දියුණු රටවල් තම කාලගුණ අනාවැකි සති මාස ගණන් තිබියෙදී සදහන් කිරීමට හැකි පසුබිමක මෙරට කාලගුණ අනාවැකිය දෙන්නේ වැස්ස අත්වී පැය භාගයකට පසුව වීම හාස්‍ය උපදවන තැනකට තල්ලු වී ඇත ඕනෑම කෙනෙකුට දවසම වසින බවට අද උදෑසන කාලගුණය දෙස බැලීමේදී සදහන් කිරීමට හැකිය මෙවැනි දෙයක් කල් තබා හදුනා ගැනීමට බැරි කාලගුණ අනවකියේ තරම කෙතරම්ද යන්න පැහැදිලිය සුනාමිය ඇතිවූ දින සිට මෙරට කාලගුණ අනාවැකි සම්බන්ධයෙන් විශේෂ උනන්දුවක් දක්වන ජනතාවට අද දිනයේ ලැබුණු පණිවුඩයෙන් තහවරු වන්නේ මෙරට කාලගුණ අනාවැකි තවමත් යාවත්කාලීන නැතිනම් නිසි සොයාබැලීමක් සිදු නොකරන බවට ඉගියක් නොවේදැයි ජනතාව ප්‍රශ්න කරයි

අහස දෙස බලා දවසම වසින බවට ජනතාවට දියහැකි අනාවැකිය පවසන්නට තරම් හැකියාවක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සතුව තිබේද ???

  • අද අලුයම ආරම්භ වූ වර්ෂාව උදෑසන පැය කිහිපයක්ම පැවැතුණි.
  • ඉන් වැඩි බලපෑමක් එල්ල වූයේ බස්නාහිරට හා දකුණටයි.
  • මාර්ගය ජලයෙන් යටවීම හේතුවෙන් දැඩි රථ වාහන තදබදයක් ද ඇති විය.
  • අද පෙරවරුවේ වැඩිම වර්ෂාපතනය ලැබුණේ කටුනායකටය.
  • උදෑසන 8.30 සිට සවස 5.00 දක්වා ලබාගත් වාර්තා අනුව එම අගය මිලිමීටර් 170.7 ක් වේ.
  • ලැබුණු වර්ෂාවත් සමග කටුනායක ආශ්‍රිත මාර්ග ද ජලයෙන් යටවිය.
  • මේ අතර දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොළඹ දෙසට පැමිණෙන මංතීරුවේ ඉමදූව සිට පින්නදූව දක්වා කොටස අද පෙරවරුවේ තාවකාලිකව වසා දැමුණි.
  • ඒ, 102 වැනි කිලෝමීටර කණුව ආසන්න ප්‍රදේශයේ සිදු වූ පස් කඩා වැටීමක් හේතුවෙන් ය.
  • තව ද බදුල්ල – මහියංගන මාර්ගයේ දුන්හිද පහළ වංගුව ප්‍රදේශයේ පස් කන්දක් කඩා වැටීමෙන් රථ වාහන ධාවනයට බාධා එල්ල විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *