බස්රථය තුළ නිවෙස් හිමි කාන්තාව දැවී අළුවෙයි // වීඩියෝ සහිතයි

පුරුෂයා අසල වෙළද සැලකට ගිය අවස්ථාවේ ම ගින්න හටගෙන

ගම්පහ අස්ගිරි වල්පොල ජම්බුවත්ත වත්ත ප්‍රදේශයේ නිවසක නවතා තිබූ බස්රථයක් ගිණි ගැනීමට ලක්ව ඇත මෙම ගින්නෙන් එම නිවෙසේ කාන්තාව බස් රථය තුළම දැවී අළුවී ගොස් ඇත . අද උදෑසන 10 ට පමණ මෙම ගින්න හටගෙන ඇත .සිද්ධියෙන් මියගොස් ඇත්තේ නිවෙස් හිමි කාන්තාව වන 56 හැවිරිදි මල්කාන්ති කරුණාතිලකය. නිවසේ කොටසක් ද ගින්නෙන් විනාශවී ඇත අයගේ ස්වාමි පුරුෂයා අසල වෙළද සැලකට ගිය අවස්ථාවේ ම ගින්න හටගෙන තිබේ. සිද්ධිය වාර්තා වන පරිදි මෙම නිවසේ යුවළ ජීවත්ව ඇති අතර ඔවුන් දෙදෙනාගේම දෙවෙනි විවාහයන් වන අතර ඔවුන්ට මුල් විවාහ වල ළමුන් සිටියද මෙම විවාහයේ දරුවන් නොමැති බව වාර්තා වෙයි.

මියගොස් ඇති කාන්තාව සහ සැමියා කලක සිට ගම්පහ ප්‍රදේශයේ පාසල්වලට ළමුන් ප්‍රවාහනය කිරීම මෙම බස් රථයෙන් සිදුකර ඇත.පසුව කාන්තාව රෝගාතුර වී ඇත එක් අවස්ථාවකදී ඇය නිවාස අසල ළිදට පැනීමට උත්සාහ කර තිබේ.නිවසේ සියලු පාලන කටයුතු කරමින් පාසල් ළමුන් ප්‍රවාහන ව්‍යාපාරය කාන්තාවගේ මූලිකත්වයෙන් සිදු කර ඇත. තම රෝගයන් නිසා කාන්තාව දැඩි සිත්තැවුලට පත්ව සිට ඇත.ප්‍රථමයෙන් බස් රථයේ ගින්න හටගෙන තිබේ මියගිය කාන්තාව බස්රථයේ රියදුරු අසුනේම දැවී අළුවී ගොස් ඇත ඇයගේ සිරුරේ ඉතා සුළු කොටස් ප්‍රමාණයක් පමණක් ඉදිරි පස අසුනේ තිබී හමුවී ඇත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *