නාවික හමුදාවේ 95 දෙනෙකුට කොරෝනා අසාධනය වෙයි

නිවාඩු ලබා සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයින් ගෙන්වා ගැනීමට රට පුරා ඇදිරිනීතිය පනවයි

නාවික හමුදාවේ 95 දෙනෙකු කොරෝනා වෛරසය අසාධනය වීමෙන් මේ වනවිටත් රෝහල් ගත කර ප්‍රතිකාර ලබාදෙමින් සිටින බවත් ත්‍රිවිධ හමුදාවේ සියළුම නිලයන් සදහා නිවාඩු අවලංගු කර ඇති නිසා දැනට නිවාඩු ගොස් සිටින සියලුම නිලයන් වහාම තමන් සේවය කල ස්ථානයට වාර්තා කරන ලෙස යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

වැලිසර නාවික හමුදා කඳවුරෙන් හඳුනාගෙන ඇති කොරෝනා ආසාදිතයින් ගණන 68කි.දැනට නිවාඩු ලබා ගොස් සිටින සෙබළුන් 27 දෙනෙකුට කොරෝනා ආසාධනය වී ඇත. මේ වනවිට එම ආසාධිත සෙබළුන් සමග සමීපව කටයුතු කල සෙබළුන් සහ සමීපතම පුද්ගලයන් සම්බන්ධයෙන් කඩිනමින් සොයා බලමින් සිටින බවත් වාර්තා වෙයි හෙට දිනයේ රටපුරා නැවත ඇදිරිනීතිය පැනවූයේ නිවාඩු ගොස් සිටින සෙබළුන් නැවත ගෙන්වා ගැනීමේ පහසුවට බව වාර්තා වෙයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *