වසරකට මෙරටින් ක්‍ෂය රෝගීන් 9000 ක්

වසරකට මෙරටින් ක්‍ෂය රෝගීන් 9000 ක් හමුවෙනවා එහෙව් රටේ කුරුදු සිගරට් ප්‍රවර්ධනය කිරීම හරිද කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් කුරුදු සිගරට් ප්‍රවර්ධනය කිරීම නිෂ්පාදනය කිරීමේ වැදගත් කම පසුගියදා සදහන කරන ලදී මෙරට වසරකට හමුවන ක්‍ෂය රෝගීන් සහ එම රෝගයේ ව්‍යාප්තිය සම්බන්ධයෙන් කරන පැහැදිලි කිරීමකි

●       හඳුනානොගත් ක්‍ෂය රෝගීන් 4,000ත් 5,000ත් අතර

          ප්‍රමාණයක් මෙරට සමාජයේ සිටිනවා.

●       ශ්‍රී ලංකාවෙන්, වසරකට ක්‍ෂය රෝගීන් 8,500ත් 9,000 ත් අතර ප්‍රමාණයක් හමුවෙනවා.

●       වසරකට 500-600ත් අතර පිරිසක් ක්‍ෂය රෝගයෙන් මිය යනවා.

          ක්‍ෂය රෝග මර්ධන හා ළය රෝග පිළිබඳ ජාතික වැඩසටහනේ

          ප්‍රජා වෛද්‍ය සුවනි දසානායක

●       වසරකදී වාර්තාවන ක්‍ෂය රෝගීන්ගෙන් 3%ක් අවුරුදු 15ට අඩු දරුවන්.

          විශේෂඥ වෛද්‍ය එන්.එච්.එස් නදීකා

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත අනුව හඳුනා නොගත් ක්‍ෂය රෝගීන් 4,000ත් 5,000ත් අතර සංඛ්‍යාවක් මෙරට සිටිය හැකි බව ක්‍ෂය රෝග මර්ධන හා ළය රෝග පිළිබඳ ජාතික වැඩසටහනේ ප්‍රජා වෛද්‍ය සුවනි දසනායක මහත්මිය පවසන්නීය.

සුවනි දසනායක මහත්මිය මෙසේ ද පවසන්නීය. මිලියන දහයක් පමණ ක්‍ෂය රෝගීන් මේ වන විට ලෝකයේ සිටිනවා. කොරෝනා වසංගතයට පෙර වසරකට වැඩිම රෝගීන් සංඛ්‍යාවක් මිය ගියේ ක්‍ෂය රෝගයෙන්. වසරකට ක්‍ෂය රෝගීන් 8,500ත් 9,000 ත් අතර ප්‍රමාණයක් ශ්‍රී ලංකාවෙන් හමුවෙනවා. ඉන් 250ක පමණ ප්‍රමාණයක් වයස අවුරුදු 15ට දරුවන්. ක්‍ෂය රෝගය හේතුවෙන් ශ්‍රී ලංකාවේ සිදුවන මරණ සංඛ්‍යාව 500ත් 600ත් අතර වෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත අනුව හඳුනා නොගත් ක්‍ෂය රෝගීන් 4,000ත් 5,000ත් අතර සංඛ්‍යාවක් මෙරට සමාජයේ සිටිනවා. ආසාදිතයෙකු කහින විට හෝ කිවිසුම් යවන විට පිටවන බැක්ටීරියා මගින් මේ රෝගය පැතිරෙනවා. ක්‍ෂය රෝගය පෙනහළු තුළ පමණක් නොව හිස කෙස් සහ නියපොතුවල හැර ශරීරයේ වෙනත් ඕනම තැනක, ඕනෑම වයස් කාණ්ඩයක කෙනෙක්ට වැළඳිය හැකි යැයි ද කීවාය.

ක්‍ෂය රෝග මර්ධන හා ළය රෝග පිළිබඳ ජාතික වැඩසටහනේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය එන්.එච්.එස් නදීකා මහත්මිය මෙසේ පැවසුවාය. ශ්‍රී ලංකාවේ හඳුනාගන්නා ක්‍ෂය රෝගීන්ගෙන් 3%ක පමණ ප්‍රමාණයක් අවුරුදු 15ට අඩු දරුවන්. එම ප්‍රමාණය මීට වඩා වැඩිවිය හැකි බවට ඇස්තමේන්තුකර තිබෙනවා. දරුවන්ගේ ක්‍ෂය රෝගය හඳුනා ගැනීම අපහසුයි. දිගු කාලයක් පවතින හඳුනා නොගත් උණ, කෑම අරුචිය, ක්‍ෂය රෝගයේ ලක්ෂණ විදියට හඳුන්වන්න පුළුවන්. දරුවෙක්ට මෙවැනි රෝග ලක්ෂණ තියෙනවනම් ළඟම ඇති ළය රෝග සායනයට හෝ රජයේ රෝහලකට යොමු වෙන ලෙස ඉල්ලා සිටිනවා. එක්ස්-කිරණ පරීක්ෂාවකින්, සෙම පරීක්ෂණයකින්, ක්‍ෂය රෝගය තිබේදැයි පරීක්ෂා කර ගත හැකියි. ක්‍ෂය රෝග ආසාදිතයෙක්ට ලබා දෙන ප්‍රතිකාර අඛණ්ඩව නිසි ලෙස අනුගමනය කිරීමෙන් රෝගය සම්පූර්ණයෙන් සුව කළ හැකියි. ආසාදිතයෙක් නිසි ප්‍රතිකාර අඛණ්ඩව ලබා නොගතහොත් උග්‍ර නිව්මෝනියාව, මෙනින්ජයටිස් වැනි රෝගවලට ලක්ව ජීවිතය නැතිවීමේ අවධානමක් තියෙනවා යැයි ද කීවාය. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *