ඇදිරි නීතිය කඩකළ පුද්ගලයන් 7619 ක් සහ වාහන 1864 ක් අත්අඩංගුවට

රජය මගින් නව කොරෝනා වයිරසය ව්‍යාප්ත වීම වැළැක්වීම සදහා ඉකුත් (20) සිට පනවා රට පුරා පනවන ලදී මෙම කාලසීමාව තුල ඇදිරි නීතිය උල්ලංගනය කල පුද්ගලයන් 7619 දෙනෙක් සහ වාහන 1864 අද (31) දහවල් වනවිට දිවයින පුරා පොලිස් ස්ථාන මගින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මුලස්ථානය සදහන් කරයි .

අද දින එනම් මාර්තු 31 දින පෙරවරු 6.00 සිට දින දහවල් 12.00 දක්වා කාලය තුළ පමණක් පුද්ගලයන් 261 දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර වාහන ද 96 ක් අත්අඩංගුවට ගත් බවද පොලිස් පවසයි. ඇදිරිනීතිය කඩ කරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනිම සදහා කොළඹ නගරය තුළ සිදුකළ විශේෂ මෙහෙයුමකදී ඇදිරිනීතිය කඩකල පුද්ගලයන් 195 දෙනෙක් වාහන 110 ක් ද අත්අඩංගුවට ගත් බව පොලිසිය සදහන් කරන ලදී .

ඇදිරි නීතිය කඩ කර ධාවනය කරනු ලබන සියලූ වාහන කොරෝනා වසංගතය අවසන් වනතුරු මුදා නොහරින බවද අදාල වාහන පොලිස් භාරයේ තබාගන්නා බවද පොලිස් මුලස්ථානය වැඩිදුරටත් සදහන් කරන ලදී

Leave a Reply

Your email address will not be published. Required fields are marked *