මේ තෙල් නැති කාලේ කරත්ත හොදයි රාලේ

කරත්තයේ පුරාණයේ සිට අද කාලයේ තෙල් කරන්තය දක්වා 

 

තාලෙට ඇසෙයි ගොනුගේ රහුගෙඩි සද්දේ

හිතට දුකයි ගොනු කර හැප්පෙන සද්දේ

කඳුවල ගොඩලි ඇති පාරේ වන මැද්දේ

පව් කළ ගොනුගෙ නහපොට දෑතට ඇද්දේ

 

හනික යමං පුල්ලි ගොනෝ බයිස්කෝප් සිංදුවත් සී.ටී. ප්‍රනාන්දුගේ බරබාගේ සිංදුවත් එම්. එස්. ප්‍රනාන්දුගේ පුල්ලි ගොනා පුරුදු කාරයා සිංදුවත් තවමත් අපේ දෙසවන පිළිරැව් දේ. නිහාල් නෙල්සන්ගේ “එපා එපා මස් කන්නට කිරි අම්මාගේ” ගීතය මෙන්ම සුනිල් එදිරිසිංහගේ “බානෙන් බැඳ රජරට පෙදෙසින්නේ” යන ගීතයත් ජනතාව ගවමස් කෑමෙන් වළක්වා ගැනීමට ප්‍රබල බලපෑමක් කර ඇත.ගොන් පොර ස්පාඤ්ඤයේ ජාතික ක්‍රීඩාවයි ස්පාඤ්ඤයේ ක්‍රීඩාවකි.

ගාලු පළාතේ සිට කතරගම සහ තිස්‌ස බලා වන්දනාකරුවන් කරත්තවලින් හා පයින් පැමිණ ගමේ නුගගස සෙවණේ ලැගුම් ගත් බව මතකය. වළං පැණි මාළුදෙල් ආදී දෑ වෙළඳාම සඳහා ඔබ මොබ ගෙන යෑවුණේ අත් ඈතට පාවෙමින් වේගයෙන් ගමන් ගත් කත්කරුවන් විසිනි. කරත්තද අපේ ගමේ මෑතක්‌ වනතෙක්‌ම තිබිණි ගාල්ලේ පැරණි කරත්තකරුවකු වැඩි දෙනෙක් මේවන විට මිය ගොස්ය.ඔවුනගේ දරැවන් මේරස්සාවට එන්නේ නැත ඒ සමාජයේ ඇති උස් මහත් කමයි තත්වය නිසාය.

ඒ කාලයේ නම් සරුයි. අද අයර් අඩුයි. නමුත් වරදක් නෑ.වාහන අඩු කලයේ අපටත් කලක් තිබුණා. නමුත් දැන් වාහන වැඩියි. අපිට එහෙමම කියලා රස්සාව කරන්න හැකියාවක් නෑ. බර ප‍්‍රමාණය ගමනේ දුර ආදිය ගැන හිතලා තමයි. හැයර් වලට කුළිය කියන්නේ වරදක් නෑ. අපිත් රටපුරා වාගේම ගාල්ලේ කරත්ත රස්සාව කරලා ජීවත් වෙනවා.අවුලක් නෑ කරත්ත රස්සාව දාල යන්නේ නෑ. එදානම් සරුයි. අද නම් ඉතිං වරදක් නෑ.පටවන බරේ හැටියට ගෙනියන දුරකාලය අනුව හැයර්වලට මිල ගණන් අය කරන අපේ කාලයේ රියදුරු බලපත් නැති පොලිසියෙන් කිසිදු දිනක දඬ ගහන්නේ නෑ. රථවාහන පොලි සියේ අය ගණන් නොගන්නා වු අපි අපේ පාඩුවේ කරත්ත රස්සාව කරගෙන යනවා.

මෙම කරත්ත රස්සාව සිදුකරන්නේ ඉතාම අසිරුවෙනි

එවක මාතරවැලිගමබද්දේගමවඳුරඹ ආදී ප්‍රදේශවලට බඩු රැගෙන ගියෝය. දැන්නම් ගාලු නගරයේ කඩවල් කිහිපයකට පිටි අදින එක විතරයි කරන්නේ. දැන් නම් මේ රක්‍ෂාව කරගෙන කිහිප දෙනා මෙම කරත්ත ර්සාව සිදුකරන්නේ ඉතාම අසිරුවෙනි. බොහෝම අමාරුවෙන්. එදිනෙදා වියදම ද සොයා ගන්නේ හරි අමාරුවෙන්. දැන් මේ රක්‌ෂාව අභාවයට යමින් ඇතිබව මාතර ගාල්ල කරත්ත රස්සාව තවමත් සිදුකරන කරත්ත කරුවෝ පවසති.

තිරික්‌කල රේස්‌වලටත්, ඒ කාලයේ මම සහභාගිවෙලා ජයග්‍රහණ ලබා ගතහැකි විය අද ඒ තරග නැත්තටම නැතිව ඇත්තේ ස්ව අහිංසාවාදය නිසා බව කරත්ත කරැවෝ පවසති. අවිස්‌සාවේල්ල, දෙවුන්දර, ගන්දර, වැලිගම යන ප්‍රදේශවල මෙන්ම රටපුරාම කරත්ත තරග තිබිණි. මගේ ගොන් බැඳි කරත්තයෙන් මඟුල් සවාරිද යන අවස්ථාද අද සමාජයේ දැකිය හැකිය.ඒ නව යුවළට රැගදෙන්නටය. හම්බකරගෙන කන සතා කිසිදාක මස්‌ කඩයට නොදෙන කරත්ත කරුවෝ එකලද මෙකලද සිටිති.

ගාල්ලේ මාතර කරත්ත කරුවන්ට ගොන්නු පහක්‌හයක්‌ විතර බැඳලා ඇති අවස්ථාද ඇති බව ඔවුන් පවසයි. එකල ගාලු නගරයේ කරත්ත හැත්තෑපහක්‌ සීයක්‌ විතර තිබුණු බව කරත්ත කරුවෝ කියති. දැන්නම් කරත්ත පහක්වන් ගාල්ල නගරයේ දැකිය නොහැකිය. ඒ කාලයේ පුන්නක්‌කු රාත්තලක්‌ ශත පහයි. දැන් පුන්නක්‌කු කිලෝව රුපියල් හැටයි විතර වෙනවා. පුරුදු රක්‌ෂාව හින්දා කරගෙන යනවා.

මේ කර්මාන්තය අපේ පාරම්පරික කර්මාන්තයක්‌. දිනකට භූමිතෙල් ලීටර් දෙසීයක්‌, තුන්සීයක්‌ වෙළෙඳාම් කළහැකි කරත්තයකි. දැන් භූමිතෙල් වෙළෙඳාම අඩුයි. ඒ නිසා සතියකට දින දෙක තුනක්‌ තමයි වෙළෙදාමේ යන්නේ. අනිත් දිනවල කුලීවැඩ කරනවා. බොහොම අමාරුවෙන් තමයි මේ කර්මාන්තය කරගෙන යන්නේ යැයි මතර හා ගාල්ලේ තෙල් කර්ත කරුවෝ කියති.

සිංහලේ මහා ගත් කතුවර මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ “ගම්පෙරළිය” හා “කළුවර ගෙදර” නව කතා වෙතටයි. විශේෂයෙන් ගම් පෙරළියෙහි එදා ගමන් බිමන් ගිය මේ තිරික්‌කලය හෙවත් ගොන් කරත්තය පිළිබඳව තැනින් තැන අපූරු විස්‌තර වික්‍රමසිංහ මහතා ගෙන හැර දක්‌වා ඇත. එහි එන කයිසාරුවත්තේ මුහන්දිරම් පවුලේ කරත්තයට ගොනකු වෙනුවට එදා බැඳ තිබුණේ මහලු වැහැරුණු අශ්වයෙකි.

තිරික්‌කලයබක්‌කි කරත්තය වාගෙම බර භාගෙත් එදා ගම්මානවලට බොහෝ ප්‍රයෝජනවත් වුණා තේ, කෝපි, ගම්මිරිස්‌, මිනිරන්, වියන ලද පොල් අතු නගරවලට අරං ගියේ බර භාගෙන්. නගරෙ ඉඳල ඒවගෙ පටවගෙන ජාඩි, ලුණු, කරවල, හාල්, එළවළු වගේ දේවල් ගමට ගෙනාව. මේවත් පටව ගෙන එන යන කොට කරත්ත, තිරික්‌කල බක්‌කිවලින් නැගුණු සීනු හඬ ඈතින් ඈතට රැව් දුන්නා. කරත්තකරුවන් තමන්ගෙ දරුවන්ට දක්‌වන ආදරය,කරුණාව, ගෞරවයම මේ කරත්ත ඇදගෙන ගිය ගවයන්ටත් වුහ.

හඳයලපයසුද්ද කියල ඔවුන්ට ආමන්ත්‍රණය කළහ. හොඳ තණ කොළපුන්නක්‌කු ඔවුන්ට කන්න දුන්නා. කවුරුත් ගව මස්‌ අනුභව කළේ නෑ. අප කුඩා කල පාසල් පන්ති කාමරයකදී ඉගෙන ගත් යමන් කළුවෙ ගෙදර යන්න නම් කරත්තකරුවෙකුත්ගවයකුත් අතර ඇති වූ හෘදයාංගම සංවාද පෙළක්‌ දැක්‌වූ කවි පෙළයි. අපට මතක හැටියට එය ගෙන තිබුණේ ගුණදාස අමරසේකරයන්ගේ භාව ගීත පොතිනි.

රපුරා කරත්ත රස්සාව අද පත්ව ඇති ඛේදජනක තත්ත්වය පිළිබඳව එම කරත්තකරුවෝ අප මග පැවසුහ.

එම්. එස්. එම්. යෙහියා මහතා 60

මම කරත්ත රස්සාවට ඇවිත් අවුරුදු 40ක් වෙනවා . එදා මම ගාල්ලෙ ඉඳලා බඩු අරගෙන ගම්බද කඩවලට ඒවා ගෙනත් දුන්නා. බද්දෙගමට, වැලිගමට,විතරක් නෙවෙයි මාතරටත් මම එදා බඩු ඇද්දා. උදේ බඩු පටවල ගාල්ලෙන් පටන් ගත්තහම හැන්ද වෙනකොට මාතරට යනවා. ආපහු එළිවෙන ජාමෙට මම ගාල්ලට එනවා. මම කවදාවත් මට හම්බකරල දීපු සතෙක් මුදලට විකුණලා නැහැ. සතා වයසට ගිහින් මැරුණහම වළලනවා. කරත්තෙ බැඳපු හරකට වැඩිය බර එන විදියට බඩු පටවන්නේත් නැහැ. ඒ මගේ හැටි.

ඒ. කේ. චන්ද්‍රදාස මහතා මම කරත්ත රස්සාවට බැස්සේ මීට අවුරුදු 41  කට කලින් 1975 දී.

අපි දිනපතාම උදේ 9.00 ට විතර ගාලු නගරයට ගිහින් නියමිත තැන්වල කරත්ත ගහගෙන ඉන්නවා.   සමහර මුදලාලිලා තවම අපේ කරත්තවලට බඩු ටිකක් පටවනවා. දවසකට රුපියල් හාර පන්සීයක් හොයා ගත්තත් කීයක්වත් හොයාගන්න බැරි දවසුත් තියෙනවා. දැන් ගාල්ලෙ බර කරත්ත, තිරික්කල අවසාන වී ගෙනයි යන්නේ. තව ටික කාලෙකින් අපිත් එක්කම කරත්ත යුගයත් ඉවර වේවි. අවුරුදු තිහ හතළිහක් කරත්ත දැක්කුවට අපට විශ්‍රාම වැටුපක්වත් නැහැ.

ඇම්. කේ. පියසේන මහතා – මම දැනට අවුරුදු 53 ක් කරත්ත රස්සාව කරනවා.

මුලින්ම මම ගොනයි කරත්තයයි ගත්තෙ රුපියල් 135 ටයි. අපි කරත්තෙන් ගාලු ගිහින් හාල්, පිටි, සීනි, පටවගෙන එනවා.  ගාල්ලේ ඉඳල යක්කලමුල්ලට හාල් ගෝනියකට රුපියලයි. සීනි පිටිවලටත් එහෙමයි. හාල් මිටි දුසිමක් ගෙනාවොත් රුපියල් 12යි. දැන් එක ගෝනියකට රුපියල් 50ක් ගෙව්වත් අපට කුලී ගමන් ලැබෙනවා අඩුයි.  ලොරි, අත්ට්‍රැක්ටර්, ත්‍රීවිල්වලට තමයි දැන් හොඳ. ඉංගී‍්‍රසි කාලෙ හරකට පාරක් ගහන්නත් තහනම්.  ගැහුවොත් අපිටත් කෝටු පාරක් වදිනවා. මගේ ජීවිතේ හොඳම කාලෙ කරත්තෙටම තමයි ගෙවුනේ.

එම්. එච්. සෝමරත්න මහතා – 

මම අවුරුදු 41 ක් තිස්සේ කරත්තෙන් දර ගෙනත් කඩවලට දානවා. දරුවො තුන්දෙනයි, බිරියයි ජීවත් වුණේ මේ රස්සාවෙන් තමයි.  ඇල්පිටියෙන් තමයි දර ගේන්නෙ. ගාල්ලට ගෙනත් ගාල්ලෙ ඉඳන් මම කරත්තෙන් කඩවලට දානවා. රුපියල් හාර පන්සීයක් දවසකට හොයා ගන්න පුළුවන්. හරකුන්ට පුන්නක්කු දෙන්නත් අද ලොකු විදයමක් යනවා. කරත්තයක් කැඩුනොත් හදාගන්න රුපියල් තිස් හතළිස් දාහකුත් මදි.

එම්. එච්. එම්. නිසාම් මහතා 50  රුපියල් හාර පන්සීයක් තියා රුපියල් 100ක් හොයාගන්න බැරි දවසුත් තියෙනවා.

අපි හත් අටදෙනාගෙන් පස්සෙ ගාල්ලෙ කරත්තෙ යුගය ඉවර වේවි. හරියට රික්ෂෝ යුගය ඉවර වුණා වගේ. කිසිදු රාජ්‍ය හෝ රාජ්‍ය නොවන සංවිධානයක අනදීමක් නොමැති වැඩි පඩි වැඩවර්ජන නැති, විශ්‍රාම වැටුප් නොලැබෙන කරත්ත රස්සාව මෙසේ ක්‍රමයෙන් අභාවයට යමින් පවතී.අප කුඩා කාලයේ හිමිදිරි පාන්දර පොල් අතු පටවාගත් කරත්ත ගමන් කරන හඬ මුසුව අපට මතකය. නමුත්, අද කරත්තයක් ගමේ හෝ නගරයක දැක ගත නොහැකිය.ඉදහිට නගරවල දැකිය හැකි රිවස් නැති ලංකාවේ සකස් කළ එකම වාහනය කරත්තය බව කවුරුත් නොදන්නවා නොවේ.

ගාල්ල,මාතර,හම්බන්තොට,මොනරාගල,කොළඹ,ගම්පහ,කෑගල්ල,කුරුණැගල කළුතර වාගේ සෑම ස්ථානයකම නගරයකම කරන්න දැක ගත හැකිය.

රුපියල් දෙසීය,රුපියල් පන්සීය වශයෙන් හැයර් එකකට ගන්නට හැකිය. ගාල්ලේ කරත්ත කරුවන් හතර දෙනාම නගරයේ කොටස් බෙදාගෙන තම කරත්ත රස්සාව කරන්නේ එකමතු කම පෙන්වා ලමිණි.තම කටයුතු ඉටුකර දෙන ගවයාට හරකාට ගෙච්චී වැලක් හෝ සීනුවක් බෙල්ලේ ගැට ගහන්නේ සංගිත මිහිරියාවක්ද ගෙන දෙන ආකාරයටය.ගොන් බානට මිනිබැදපන් නද දෙන්න යන්නෙන් සඳහන් කරන්නේ ඒ නිසාය.

තම රස්සාවට සවිය දෙන ගොනාට කරත්ත කරුවා සලකන්නේ තම පවුලේ කෙනෙක් ලෙසින්ය. ආදරයද දක්වන්නේ එසේය. කරුත්ත කරවෝ කිසි දිනක තම කරත්තයේ බැදි ගොනා මස්කඩයට දෙන්නේ නැත. දක්කන්නේ නැත. ඒ ආකාරයේ මහඟු ගුණ වලින් හෙබි කරත්ත කරුවෝ කියන කතා රසවත්ය. මිහිරිය. මේ අපේ කාලයේ  කරත්ත කැවනගේ හඬමුසුවයි.

වසර විස්සක් පමණ කරත්ත රැකියාවේ නිරතව සිටින ගාල්ලේ උෂාන් මහතා හතළිස් අටවන වියෙහි පසුවන දරු පවුල් කාරයෙකි.

ගෙදර වියදම සරිකරන්නට හෙතෙම පාන්දරින්ම ගාල්ලට තම රිවස් නැති වාහනයෙන් කරත්තයෙන් එන අතර සමහර දිනවල දී තම පා පැදියේ හෝ ගෙදර යන අතර තම කරත්තය ගාල්ලේ නතර කර තියෙන අවස්ථාද දැකිය හැකිය.

හයර් අඩුයි.බරේ හැටියට තමයි.ගෙවීම්.මුදල් අය කර ගන්නේ. අනික ටැක්කර් වෙනත් වාහන වල තමයි කවුරුත් යන්නේ අපට යම් අඩු අවස්ථාවක් තමයි ලැබෙන්නේ. නමුත් රස්සාව කරනවා. කරත්ත රස්සාව ගොඩ දාගන්න බෑ. එම නිසා.මෙම කර්මාන්ත කරුවනගේ ආරක්ෂාව හා මෙම කර්මාන්තයේ පැවැත්ම සඳහා වැඩසටහනක් ඇති කරන්න හැකි නම් හොදයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *