දෙමව්පිය ගුණ දන්නා දරුවන් සියක් ආයු ලැබූ මෑණියන්ගේ උපන්දිනය සමරයි

හාමුදුරුවරු 120 නමකට පිඩුසිගා දානය පිළිගන්වයි

සිය දෙමව්පියන් මහ මග දමා යන යුගයක තම මෑනියන්ගේ 100 වැනි උපන් දිනය සැමරීම ස`දහා හමුදුරුවරු 120 නමකට පිඩුසිගා දානය පිළිගන්වා එම මාතාවට දිර්ඝායුෂ ප‍්‍රාර්ථනා කිරීමේ අවස්ථාවක් නිට්ටඹුව කලල්පිටිය ප‍්‍රදේශයෙන් වාර්ථාවේ.

මෙසේ උපහාරයට ලක් වූයේ දරුවන් පස් දෙනෙකුගේ මවක් සහ මුණුබුරු මිණිබිරියන් 14 දෙනෙකුගේ මිත්තනියක් වන ශ‍්‍රියාලතා පතිරත්න නැමති මාතාවකි.

වර්ෂ 1917 සැප්තැම්බර් 14 වැනිදා මෙලොව උපත ලද ඇය පස්යාල මහා විද්‍යාලයෙ ආදි ශිෂ්‍යාවක වන අතර විශ‍්‍රමික ගුරු මාතාවකි. 1944 දී යුග දිවියට පත් වූ ඇය ¥වරු තිදෙනෙකුගේ හා පුතුන් දෙදනෙකුගේ සෙනෙහෙබර මවක් වූවාය.

ඇගේ බාල පුත‍්‍රයා මේ වන විට මෙලොව හැර ගොස් හමාරය. සිය දරුවන් සියල්ලම රැුකියාවල නිරත වන අතර මුණුබුරන් හා මිණිබිරියන් ද උසස් රැුකියා වල නිරත වන අතර එක් අයෙක් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ අධ්‍යන කටයුතු වල නිරත වේ.
වර්ෂ 1940 සැප්තැම්බර් 02 දින වේයන්ගොඩ දඩගමුව කනිෂ්ඨ විදුහලට සිය මුල්ම ගුරු පත්වීම ලද ඇය පුරා වසර 33 ක් ගුරුවරියක වශයෙන් තම ශිල්පීය ඥානය දහස් ගනණක් වූ දරු දැරියන්ට ලබා දී 1973 වර්ශයේ ඇය විශ‍්‍රාම ගොස් ඇත.

කිවුලේවාඩිය , මීගහකිවුල, ගොමගොමුව,හාපිටිගම,ගම්පහ පරාක‍්‍රම,පස්යාල ආදී පාසල් වල සිය සේවා කටයුතු සිදු කල බව ඇය අප සමග පැවසුවාය.

ඇගේ ජීවිත කාලය තුල මස් මාංශ අනුභව නොකිරීමත්, ධර්මය අනුව හැසිරීමත් ඇය අවුරුදු 100 ආයු වින්දනය කිරීමේ රහස බව ඇය වැඩි දුරටත් පැවසීවාය.

ඒ කාලේ ළමයි අද ළමයි මෙන් නොව ගුරුවරුන්ට ගෞරවයෙන් සලකන බවත් අද සමාජය පවට බය නැති බවත් මේ තත්ත්වයට ගුරුවරුන් පමණක් නොව දෙමව්පියන්ද වගකිවයුතු බවත් ශ‍්‍රියාලතා ගුරු මාතාව පවසයි.

මේ දානමය පිංකමට සහභාගී වූ කලල්පිටියේ හේමාලෝක හිමියන්ද එවකට ඇගේ සමකාලීනයෙක් බව ඇය පවසයි

 

 

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *