විද්‍යනන්ද පිරිවෙනේ නව දෙමහල් ගොඩනැගිල්ල කථානායක අතින් විවෘත වේ

නිට්ටඹුව විද්‍යානන්ද මහ පිරිවෙන් විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද සංඝාවාසය,දාන ශාලාව ,පුස්තකාලය සහිත දෙමහල් ගොඩනැගිල්ල කථානායක කරු ජයසූරිය මහතාගේ ප‍්‍රධානත්වයෙන් පසුගිය දා (3)විවෘත කෙරිණ.

මෙහිදී සව්‍යංජාත සහල් පිළිබ`දව සිරිසෝම වීරරත්න මහතා විසින් රචිත පොත් පිංචක් කථානයකවරයා වෙත පිළිගැන් වීය.
මෙම අවස්ථාවට ශ‍්‍රිලංකා රාමඤ්ඤ මහ නිකායේ කාරක සංඝ සභික විහාරාධිපති ගලපිටමඩ ඉන්ද්‍රානන්ද නායක ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝ රත්නයද , අත්තනගල්ල එක්සත් ජාතික පක්ෂ ප‍්‍රධාන සංවිධායක චන්ද්‍රසෝම සරණලාල් මහතා ද මෙම උත්සව අවස්ථාවට සහභාගී විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *