අපි තිලාන් සමග නැගිටිමු !!!

ඔළු සෝදා ක්‍රිකට් ගසමු

පිතිකරු පුහුණුව තිලාන් සමරවීරට භාරදෙයි ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ පිතිකරු පුහුණුකරු ලෙස හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක තිලාන් සමරවීර පත්කර ඇත.මේවන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ගෙවන අවාසනාවන්තම කාලයක පුහුණු කරුගේ දක්ෂතාවයත් වාසනාවත් නොතිබෙන්නට අපේ ක්‍රිකට් ගොඩට ඇදීම එතරම් පහසු නොවන බව කිවයුතුය. 2019 ලෝක කුසලානය තෙක් පිතිකරු පුහුණු කරුවෙකු පත්කිරීම කාලෝචිත ක්‍රියාවකි එහෙත් වර්ථමාන ක්‍රිකට් කරවන අය සමග තිලාන්ට මේ ගමන යාමට හැකියාව තිබේද ???. වර්තමාන ක්‍රිකට් අර්බුධය දිය බුබුලක් සේ පැන නැගි ගැටලුක් නොවෙති.

එය දීර්ඝ කාලයක සිට ඇතිවූ ක්‍රියාකාරකම් රැසක අස්වැන්නකි. දැන් තිලාන්ට තිබෙන්නේ වැටත් නියරත් ගොයම් කානම් කටකියන්නද මේ දුක සේ ඔළුව හොදින් සෝදාගෙන වැඩේට බැසීමය. ක්‍රිකට් වල මොලකන වුන්ගෙන් උපදෙස් නොගෙන එදා ක්‍රිකට් තරගයක තිලාන් ක්‍රීඩා කලේ යම් සේද එයම පිතිකරු පුහුණුව සදහා යොදා ගන්නේනම් ප්‍රථිපල එළබෙන ඉන්දීය සංචාරයේදී ලගාකර ගත හැකි බව නිසැකය. තිලාන් අති දක්ෂයෙකි ඒගැන විවාදයක් නොමැත.ඔහුට ලැබෙන කණ්ඩායමේ ඔළු සෝදා වැඩ පටන් ගත යුතුව ඇත. අති දුෂ්කර ගමනකට මුල පුරන තිලාන්ට සළු උනා සැගවී සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් අළු දුම්මල ගසා නැගිට වන්නට හැකි වේවායි ලංකා ABC නිවුස් පාර්ථනා කරන්නෙමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *