රජදහනේ අනතුරින් වාහන 4 ක් හා 5 කට තුවාලයි(වීඩියෝ සහිතයි)

 

 

මෝටර් රථය පදවා ඇත්තේ කාන්තාවක්

අයෙකුට බරපතළයි   තුවාල වූ පිරිස අතර ළමුන් 3 ක්   එක් අයෙක් අඩි 20 වගුරු බිමකට පැන දිවි බේරාගෙන

කාන්තාවක් විසින් පදවාගෙන පැමිණි මෝටර් කාරයක් මීරිගම විජය රජදහන ප‍්‍රදේශයේ දී අද(3)  පුද්ගලයින් හත් දෙනෙකුට තුවාල සිදුකරමින් වාහන පහකට අලාභානි සිදු කරමින් අඹ ගසක ගැටී නතර වී ඇති බව මීරිගම පොලීසිය පවසයි.

තුවාල ලැබූවන් අතර කුඩා ළමුන් තිදෙනෙක්,පිරිමි පුද්ගලයින් දෙදෙනෙක්,හා කාන්තාවන් දෙදෙනෙක් සිටිති. තුවාල ලත් කාන්තාවන් දෙදෙනා අතර මෝටර් රථය පැදවූ කාන්තාවද සිටින බව පොලීසිය පවසයි.

තුවාල ලත් සියළු දෙනාම මීරිගම රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව බරපතළ තත්ත්වයේ සිටි එක් පිරිමි පුද්ගලයෙකු වතුපිටිවල මූලික රෝහලට මාරු කර යවා ඇත
විජය රජදහන ප‍්‍රදේශයේ අතුරු මාර්ගයක සිට වේගයින් පැමිණ ඇති මෙම මෝටර් රථය අසල තිබූ ත‍්‍රීරෝද රථ දෙකක් , මොටර් කාර් ඒකක්   හා යතුරු පැදි දෙකක ද හැපි පාරේ ගමන් කරමින් සිටි හා අනතුරට පත් වූ වාහන වල සිටි පුද්ගයින් 6 දෙනකුට තුවාල සිදු කරමින් පස්යාල ගිරිඋල්ල ප‍්‍රධාන මාර්ගය හරහා ගොස් විශාල අඹ ගසක හැපි නැවතී ඇත.
ඒක කාන්තාවක් දිවි බේරාගෙන ඇත්තේ අඩි 20 ක් පමණ ගැඹුරින් පිහිටි වෙල්යායකට පැනීමෙනි.
සිද්ධිය සම්බන්ධයෙන් මොටර් රථය පදවාගෙන පැමිණි කාන්තාව මීරිගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

 

https://www.youtube.com/watch?v=ntxbtppZ9fA&feature=youtu.be

Leave a Reply

Your email address will not be published. Required fields are marked *