පස් කන්දක් කඩා වැටීමෙන් කර්මාන්ත ශාලාවකට හානි

නැලිගම විහාරයට යාබදව කදුකර ඉඩමක අවිධිමත් ආකාරයෙන් පස් කපා පිරවීම හේතුවෙන් ඇතිවු පීඩනය නිසා එම පස් පහලට තල්ලූ වී පහළින් පිහිටා තිබූ යෝගට් නිෂ්පාදනාගාරයකට සහ නිවසක තාප්ප කොටසකට ඊයේ(1*අලාභානි සිදුවී ඇති බවට එහි හිමිකරුවන් විසින් මීරිගම පොලීසියට පැමිණිලි කර ඇත.

මීට මාස දෙකකට පමණ ඉහත අත්තිවාරමක් කැපීමට යැයි පවසමින් මෙම කදුකර කොටස බැකෝ යන්ත‍්‍ර ආධාරයෙන් අනවසරයෙන් කපා පස් පුරවමින් සිටියදී මීරිගම පොලීසිය විසින් බැකො යන්ත‍්‍ර හා සැකකරුවන් අත් අඩංගුවට ගෙන නඩු පවරා ඇති බවත් පස් කන්ද නිසි ප‍්‍රමිතියකින් තොරව කපා ඇති බවත් පරීක්ෂණ වලදී හෙලිවී ඇත.

පරීක්ෂණ වලින් අනාවරණය වූ කරණු අනුව බලධාරීන් විසින් සිදු වීමට ඇති අවධානම හා දේපල ආරක්ෂා කර ගැනීම ස`දහා ගත යුතු පියවරයන් පිළිබ`දව දැනුවත් කර ඇති අතර මේ වනතුරුත් ගත යුතු නිසි පියවරයන් නොගැනීම හේතුවෙන් දැඩි වර්ෂාවත් සමග ඇති විය හැකි විශාල ජල ධාරාව හේතුවෙන් පහල පිහිටි නිවාසයක තාප්ප කොටසකට හා යෝගට් කර්මාන්ත ශාලාවක ජල නල පද්ධතියට දැඩිව අලාභානි සිදුවී අති බව එහි හිමිකරුවන් පවසයි.
නිවසේ තාප්පය පෙරළීමෙන් විසිරුනු ගල් කැබලි නිවසේ වහලය මත වැටි තිබෙනු දක්නට ලැබින.
ඇතිවී ඇති අවධානම් තත්ත්වය නිසා යෝගට් කර්මාන්ත ශාලාව තාවකාලිකව නවතා දමා ඇති අතර එහි සේවය කල සේවක සේවිකාවන්ට තම රැුකියා අවධානමක් පවතින බව එහි සේවක සෙවිකාවන් පිරිසක් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *