ලොවක් පුදුම කළ අපි නොදන්න අරුමු පුදුම කොග්ගල.ගම

ලෝකයේ ප්‍රධාන ප්‍රවාහන මාර්ගයන් 05 ක් තිරස්ව එක් රේඛාවකට හමුවන එකම ස්ථානය

ගුවන් පතය, දුම්රිය මාර්ගය, පදික වේදිකාව, මහා මාර්ගය, මුහුදු මාර්ගය, අඩි පාර,කරත්ත පාර, දියමත පාවෙන ගුවන්  යාත්‍රා මේ සියල්ලම එකම ස්ථානයක පිහිටි ලොව ඇති එකම තැන. – කොග්ගල ගම පිහිටියේය.මෙයට අමතරව, මාර්ටින් වික්‍රමසිංහ මහතා උපන් බිම, කොග්ගල ඔය, රිටි පන්නා ධීවර කර්මාන්තය, හිරුහල් දේවාලය,නිදහස් වෙළෙඳ කලාපය,සංචාරක කර්මාන්තයට ද තොතැන්ක් වු තිබිරිගෙයක් වු මනරම් ස්ථායකි.

කොග්ගල වූ කලි එක් පැත්තකින් මුහුකින්ද අනික් පැත්තෙන් සුන්දර වු නදියකින් ද සීමාවුනු බිම්තීරයකි.පීත්ත පටියක් සේ දිවෙන ගාලු මාතර පාරින් වෙන් කරනු ලැබු මෙහි වෙරලබඩ වනාහි ගමෙහි සුලභ ගෙයක මිදුලට හෝ ආලින්දයට හෝ සමකල යුත්තකි.ගාලු-මාතර පාර ලගින්ම දිවෙන රේල් පාර පස් කන්දක් මතුවෙහි හොවන ලද පටන් ගැන්ම හෝ කෙලවර හෝ නොදැක්ක හැකි තීරයක් වැන්න.

පස් ගොඩ ගැනිමෙන් තනන ලද රේල් පාර බිමින් ද මහ පාරින් ද අඩි කිහිපයක් උස්වූවකි.ලෝකයේ ප්‍රධාන ප්‍රවාහන මාර්ගයන් 05 ක් තිරස්ව එක් රේඛාවකට හමුවන එකම ස්ථානය ලෙස කොග්ගල හැදින්විය හැක.

 

ගාලු වරාය අතපොවන මානයේ ඇති ප්‍රධාන නැව් ගමන් මග, මාතර සිට කොළඹ දක්වා දිවෙන ඒ ශ්‍රේණියේ මාර්ගය , මාර්ගයට සමාන්තරව දිවෙන පටු පා ගමන් මග, කොළඹ සිට මාතර දක්වා එක එල්ලේ දිවෙන දුමිරිය මාර්ගය සහ කොග්ගල ගුවන් පථය එම මාර්ගයන් 05 යි.මෛයට අමතරව, ජලය මත පාවෙන ඔරු පාරු මෙන්ම ජලමත පාවෙන මුහුදු ගුවන් යාවා ද සහිත පු මාරිග පිහිටියේ කොග්ගල පුරවරයේය.

ගම්පෙරලිය,කලියුගය,යුගාන්තය,විරාගය,මඩොල්දුව, ,අපේ ගම ඇතුළු කෘතිවලට පදනම් වුයේ කොග්ගල ගම හා ඒ අවට පරිසරයයි.හෙළයේ මහා ගත්කතුවරයකු වු මාර්ටින් වික්‍රමසිංහ මහතාට එම කෘති ඒ නිසා වැදගත් කමකින් යුක්තව නිර්මාණය කරන්නට හැකිවුයෙන් ඒ මහතා එම ප්‍රදේශයේ ජීවත් වූ බැවිනි.ඒ බව මඩොල්දූව හා ගම්පෙරලියෙන් මනාව පැහැදිලිවේ.මඩොල්දූවේ එන සියළු චරිත එතුමා ජීවත් වූ සමාජයෙන් උකහා ගන්නා ලද චරිතයන් වෙයි.එහි එන දූපත මනසින් මවාගත් එකක්යැයි කිව නොහැකිය.

කොග්ගල ඔයේ මඩොල්දූව නමින් දූපතක් ඇත.එය අක්කර 21/2 ක තරම් කුඩා දූපතකි.ගම්පෙරලියේදි ද යොදා ගන්නේ මේ අවට පරිසරයයි.මහගෙදර,කයිසාරුවත්ත,පරගොඩ පන්සල,හිරිගල් දෙවොල ආදි විශේෂ වු ස්ථාන තුලින් ඒ බව පැහැදිලි වෙයි.මීට අමතරව කබලාන,මලලගම කෝපි කඩය,රෑකඩ කපන්නන්ගේ කම්මල,කිරිබබාගේ නිවස,කළුවර ගෙදර ආදියද මේ ප්‍රදේශයේ පිහිටි ඒවායි. උපන් ගම නොවුනත් ගැමිකම පිරිණු කොග්ගල ඇත්තටම මට වැදගත්වන්නේ …එම ගමෙහි ජිවත්වන මිනිසුන්ගේ අව්‍යාජ අහිංසක ගැමි කම නිසාවෙනි.

කලියුගය,යුගාන්තය,මඩොල් දූව,ගම්පෙරලිය වගේ පොත් රාශියක් ලියපු ලෝකප්‍රසිද්ද ලේඛකයා එතුමා අපේ ප්‍රදේශයේ ඉපදී හැදී වැඩුණු කෙනෙක්.

කොග්ගලට මාර්ටින් වික්‍රමසිංහ ජන කෞතුකාගාරය” බලන්න පුළුවන් මම නම් දෙනුත්පාරක්ම බලල තියෙනවා ඒත් එපා වෙන්නේ නෑ, දකින්න වටිනා මෙච්චර කාලෙකට දැකපු නැති හුගක් දේවල් දැකබලාගන්න අවස්ථාවක්  ඒක. මෙහෙ ආවොත් මාර්ටින් වික්‍රමසිංහ මහතා ජීවත් වූ නිවස, ඒ විතරක් නොව එතුමා භාවිතා කළ බඩු බාහිරාදියත් දැකබලාගන්න හැකියි.

අපේ රටේ සංස්කෘතිය,ඉතිහාසය ගැනත් මෙහෙ ආවොත් ඉගෙනගන්න හුගක් දේවල් තියේවී, මෙන්න මේ පින්තුර එව්වට සාක්කි, ඔක්කොම දැම්මොතින් ගතියක් නැහැ නෙව මීට වඩා හුගක් දේවල් දැකිය හැකිය.කොග්ගල කලපුවේ උඩහට වෙන්න නම් පත කිඹුල්ලුත් ඉන්නව, ඒ උනාට මිනී නොකය් කොග්ගල කිඹුලීගේ පැටියාලු.මඩොල් දූව ඇරුනම තා දූපත් කීපයක් මේ කලපුවේ තියෙනව.කුරුළු දූව ඒවායින් එකක් ඒකේ ඉස්සර පට්ට ගති කුරුල්ලෝ හිටියලු නේ දැන්නම් එකෙක් වත් නෑ

අපේ ප්‍රදේශය මෙච්චර විශේෂ වෙලා තියෙන තවත් හේතුවක් තමය් අපේ ප්‍රදේශයටම ආවේනික වෙලා තියෙන රිටිපන්න මාළු බෑමේ ක්‍රමය,විදේශික අයට නම් මේක මැජික් වගේ,මේ ඊයේ පෙරේදත් මම බස් එකේ එනකොට දැක්ක සුදු මහත්තයෙක් මාළු බාන එක්කෙනෙක් ගෙන් පොඩි චෑන්ස් එකක් ඉල්ලගෙන මේ රිටක් උඩ නැගල මාළු බානව.ලංකාවෙන්ම කොග්ගල විතරය් මේ විදියේ තැනක හම්බවෙන්නේ, ලංකාවේ විතරක් නෙමි, ලෝකෙම්ම කොග්ගල විතරය් ලු මේ විදියට තියෙන්නේ.මේ විදියට කියුවේ, වාහනේකින්,නැවකින්,පයින්,ගුවනින්,කෝච්චියෙන් එකම තැනක එකම වෙලාවක ගමන් ගැනීමට තියෙන හැකියාව මෙහි දැකිය හැකිය.

කලක ලංකාවෙන්ම මිලාදිකම අතුරුපස සිංහලින් කියුවොත් ඩෙසර්ට් එක තියෙන්නෙත් කොග්ගලම තමය්, මීට අවූරුදු කීපෙකට කලින් නම් ලෝකෙන්ම මිලාදිකම අතුරුපස තිබ්බේ කොග්ගළලු වැඩි විස්තර මෙතනින් .කොග්ගල කියුවේ කොග්ගල තියෙන “The Fortress” හොටෙල් එකේ.මේන් අතුරුපස. හැදුවෙත් මේ කොග්ගල ම තමයි.

$14500, $1ක්=රුපියල් 125ක් කියල ගත්තොත් මගේ කැල්කූලේටරේ හැටියට රුපියල් 1,812,500 ආයේ පිස්සුවක් ඇතෑ, ඔච්චර ගානකට අතුරුපස කන්න රුහුණේ මීකිරි තියෙද්දී.ඕක කන්න නම් ඉතින් පිස්සෙක් වෙන්න ඕන. දැනටත් ලෝකේ මිලාදිකම අතුරුපස වලින් පස්වෙනි ස්ථානය මේක තමය්. මිලාදිකම අතුරුපස 10ය බලාගන්න මෙතනින් යන්න.

සුන්දර වෙරලත් දියඔට පාවෙන ඔරුපාරු ධීවර ගීතයක රිද්මයත් එක්වු විට කොතරම් අගනේද යන්න පැවසුය යුතුව නැත.

ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ අග නගරය වූ ගාල්ලට කිලෝමීටර් 20ක් දුරින්, මුහුදුබඩ මාර්ගයේ පිහිටි උප නගරයක් ලෙස කොග්ගල හැඳින්විය හැකි ය.කොග්ගල කළපුව ආශ්‍රය කරගෙන මේ ගුවන් තොටුපළ නිර්මාණය කර තිබේ. මෙහි ඇති විශේෂත්වය වන්නේ, කොග්ගල ගුවන් තොටුපළ සමඟම මුහුදු ප්‍රවාහන මාර්ගය, ගොඩබිම් ප්‍රධාන මාර්ගය, දුම්රිය මාර්ගය සහ ගුවන් තොටුපළ එකිනෙකට සම්බන්ධව පිහිටීම ය.

කොග්ගල ගුවන් තොටුපළෙහි ඉතිහාසය දෙවැනි ලෝක යුද සමය දක්වා දිව යයි. දෙවැනි ලෝක යුද සමයට පෙර සිටම මෙය ජලචර ගුවන් යානා මෙහෙයවීම සඳහා යොදාගෙන ඇත. එමෙන් ම, මෙහි පිහිටා ඇති කොග්ගල කළපුව, ෆ්ලයින් බෝට් සේවාව ක්‍රියාත්මක කිරීමට යොදාගෙන තිබේ. රාජකීය ගුවන් හමුදාවට ඉමහත් සේවයක් ඉටු කර ඇති මේ ගුවන් තොටුපළ, ඉතිහාසයේ ජාත්‍යන්තර ගුවන් ගමන්වලට යොදාගත්, එමෙන් ම ගුවන් යානාවලට ඉන්ධන සපයන මධ්‍යස්ථානයක් බවට පත්ව තිබුණි.

ලන්ඩන් සහ සිඩ්නි ගුවන් ගමන් අතර ඉන්දියාවේ කැලිකට්වලින් පසුව ඉන්ධන සැපැයුම් ලබාගෙන ඇත්තේ කොග්ගලදී ය. 1947 වසරේදී රාජකීය ගුවන් හමුදාව,කොග්ගල ගුවන් තොටුපළ කටයුතු අත්හිටවා ඇත. ඒත් සමඟම ජලචර සහ ෆ්ලයින් බෝට් සේවාව ද අවසන් විය. 1964 වසරේ සිට එයාර් සිලෝන් ගුවන් සේවය මඟින් මෙහි ගුවන් ගමන් වාර ක්‍රියාත්මක කෙරිණි.

1978 වසරේදී එයාර් සිලෝන් ගුවන් සේවා එයාර් ලංකා බවට පත් විය. ඒ අනුව නැවතත් මේ ගුවන් තොටුපළේ ගුවන් ගමන් අත්හිටවිණි. අනතුරුව ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මෙහි කටයුතු පැවරිණි. එතැන් සිට අද දක්වා මේ ගුවන් තොටුපළෙහි සියලු ම කටයුතු සිදු කරන්නේ, ශ්‍රී ලංකා ගුවන් හමුදාව මඟිනි.

කොග්ගල ගුවන් තොටුපළ සතුව ඇත්තේ ගුවන් යානා පථයක් පමණි.මුහුදු මට්ටමේ සිට අඩි 10ක උසකින් එය පිහිටා තිබේ. මෙය, එක් අන්තයකින් දකුණු දුම්රිය මාර්ගයට යාව පවතින අතර, ධාවන පථය දිගින් අඩි 3,319කි. පළල අඩි 150 කි. ධාවන පථය අංශක 07/25 දිශානතියක් ඔස්සේ පිහිටා ඇත.

මෙහි ඇති විශේෂත්වය වන්නේමේ ගුවන් යානා ධාවන පථයට යාබදව ජලචර ගුවන් යානා මෙහෙයුම් කිරීමට හැකි පරිදි සැකසූ ජලචර ගුවන් තොටුපළකින් සමන්විත වීම ය. අතීතයේ මෙහි ජලචර ගුවන් යානා මෙහෙයුම බහුලව සිදු කෙරිණි.

කොග්ගල කළපුව විශාල නිසාත්, භූමියෙහි පිහිටීම අනුව කළපුව අවටින් කිසිදු බාධකයක් නොමැති නිසාත්, ගුවන් නියමුවන්ට නිවැරැදිව ගුවන් මෙහෙයුම්වල යෙදිය හැකි ය.

කොග්ගල ගුවන්තොටේ සුළු නඩත්තු කටයුතු මෙහි කාර්ය මණ්ඩලය විසින්ම සිදු කර ගන්නා අතර, ප්‍රධාන නඩත්තු කටයුතු කටුනායක ප්‍රධාන ගුවන් තොටුපළෙන් හෝ රත්මලාන ගුවන‍්තොටුපළෙන් සිදු කෙරේ. හෙක්ටයාර් 90ක වපසරියක පිහිටා ඇත.

මේ ගුවන් ගමනේ තවත් සුවිශේෂී සිද්ධියක් තමයි මෙම ගමනට පැය 28ක් ගතවීම නිසා මෙහි ගමන් ගත් මගීන්ට එක් ගමනකදී හිරු උදාවෙනවා දෙවතාවක් දැකීමට හැකියාවක් ලැබීම. මේ නිසා තාමත් මිනිස්සු මේ ගුවන් ගමන හදුන්වන්නේ දෙවරක් හිරු පැයු ගුවන් ගමන හෙවත් The Double Sunrise එහෙම නැත්තම් නොනවතින ගුවන් ගමන ලෙසයි. මේ ගුවන් ගමන 1943 මාර්තු 30 ආරම්භ කරන අතර 1945 ජුලීමාස 18 දින දක්වා ක්‍රියාත්මක වෙලා තියනවා.

1947 සිට රාජකීය ගුවන් හමුදාව කොග්ගල ගුවන් කටයුතු අත්හැර දැමු අතර, 1964 දි එයාර් සිලෝන් ගුවන් සේවය මගින් කොග්ගල ගුවන්තොටුපළ කටයුතු ආරම්භ කරන්නට කටයුතු කළා. එම ආරම්භයත් සමග Dakota ගුවන් යනා යොදාගනිමින් ගුවන් ගමන් ක්‍රියාත්මක වූ අතර පසුව Avro 748 ගුවන්යානා සහ Nord aviation 262 ගුවන්යනා යොදාගනිමින් ගුවන් ගමන් කටයුතු සිදු කරන්නට විය.

අනතුරුව 1978 දී ශ්‍රී ලංකා ගුවන් හමුදාවට කොග්ගල ගුවන් තොටුපළේ කටයුතු පවරන ලදී. ඒ අනුව මේ වනවිටත් කොග්ගල ගුවන් තොටුපළේ කටයුතු ශ්‍රී ලංකා ගුවන් හමුදාව මගින් සිදුකරගෙන යයි.

කොග්ගල ගුවන්තොටුපළේ පිහිටීම ගැන බැලුවහම, එය එක් ගුවන් යානා ධාවන පථයකින් සහ ජලචර ගුවන් යානා මෙහෙයුම් කල හැකි ජලජ ගුවන් තොටුපලකින්ද යුක්ත වනවා. අතීතයේ වැඩිපුර ජලචර ගුවන් යානා මෙහෙයුම් දියත් කලද, මේ වනවිට ජලචර හා  ගොඩබිම් යන දෙඅංශයෙන්ම ගුවන් මෙහෙයුම් සිදු කරනු ලබනවා. කොග්ගල කලපුවේ පිහිටීම නිසා ජලචර ගුවන් මෙහෙයුම් පහසුවෙන් කළහැකි වීමෙන් මෙහි පිහිටීම ගුවන් ගමන් සදහා ඉතා වැදගත් වූ ගුවන් තොටුපලකි.

මිට අමතරව නව ඉදිකිරීමක් ලෙස මාර්ගයේ අනිත් පස ඇති භෝජනාගාරයක් නඩත්තු වෙමින් පවතින්නේ ගුවන් හමුදාව විසින් වන අතර එයට ඕනෑම අයෙකුට යාමට හැකියාවක් ඇත.කොග්ගල ගුවන්තොටුපළ සිවිල් ගුවන් සේවාවට දක්වන දායකත්වය සුළුපටු නොවේ. මෙහිදී මගී ප්‍රවාහන ගුවන් යානා සහ ගුවන් නියමුවන් පුහුණු කටයුතු සිදු කරන ගුවන් යානා සදහා පහසුකම් සපයන කොග්ගල ගුවන්තොටුපළ විශේෂයෙන්ම දේශීය ප්‍රභූවරුන්ගේ ගුවන් කටයුතුද මෙහෙයවනු ලබයි.

කොග්ගල කලපුව ශ්‍රී ලංකාව තුල අභ්‍යන්තර ජලචර ගුවන් ගමන් සේවා සපයන ප්‍රධානතම විශේෂිත ගමනාන්තයකි. මීට අමතරව පෞද්ගලික ගුවන් නියමු පාසල් සදහා ගුවන් පුහුණු කටයුතු කිරීම සදහාද කොග්ගල ගුවන් තොටුපළ දායකත්වය සපයයි. ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක වන පෞද්ගලික අභ්‍යන්තර ගුවන් සමාගම් අවශ්‍ය අවස්ථාවලදී සිය කුලී ගමන් සේවා සදහාද යොදාගන්නේ කොග්ගල ගුවන්තොටුපළයි.

නමුත් මේ සුන්දරත්වය දකුණුලකට පමණක් සිමාවී ඇත. මේ නිසාවෙන් එහි සුන්දරත්ය හා මනරම් පරිසරයේ ආශ්වාදය විදීමට එකතු වී සුවිශේෂී අත්දැකීමක් ලබාගත හැකිය. මීට අමතරව කොග්ගල ප්‍රදේශයේ අපි කවුරුත් දන්නා මඩොල්දුවවැල්ලේ දේවාලය සහ රූමස්සල වැනි වටිනා ස්ථානයන් පිහිටීම නිසා කොග්ගලට යන ඕනෑම කෙනෙකුට තම අතීතයට එකතුවන්නේ වටිනා මතකයන් එකතුවකි.

දකුණු පළාතේ අති සුන්දර නගරයකි ගාල්ල දිස්‌ත්‍රික්‌කය. සංචාරක පරාදීසයක්‌ උරුම කරගත් මේ ප්‍රදේශයේ විශේෂයෙන්ම කොග්ගල එය විදේශිකයන් ගේ නෙත් සිත් වශීකරවන ස්‌ථානයකි. සංචාරක ව්‍යාපාරය පුළුල් කිරීමේ පියවරක්‌ ලෙස දකුණු පළාතට සංචාරකයන් රැගෙන ඒමට භාවිතා කරන සී ප්ලේන් (සැහැල්ලු ගුවන් යානා) කොග්ගල ඔයට බැස්‌සවීම නිසා ධීවර කර්මාන්තයෙන් දිවි රැකගත් ධීවර කාර්මිකයෝ බලවත් ගැටලු කිහිපයකට මුහුණපා සිටිති.

කොග්ගල ඔය අවට මිරිදිය මත්ස්‍ය කර්මාන්තකරුවන් මේ හේතුව නිසා බෙහෙවින්ම අසරණ තාවයට පත්වී සිටිති. සී ප්ලේන් බැස්‌සවීම තුළදී ඇතිවන අධික ශබ්දය සහ නැගෙන දිය රැළි මාළු බිත්තර විනාශ වන බැවින් මත්ස්‍ය සම්පතට, බරපතළ තර්ජනයක්‌ එල්ලවී ඇතැයි මිරිදිය මත්ස්‍ය කර්මාන්තයේ නියෑළෙන ධීවරයෝ පවසා සිටියහ.

පරම්පරා ගණනක සිට මිරිදිය ධීවර කර්මාන්තයේ නියෑලෙන්නන් මේ හේතුව නිසා ආර්ථිකමය වශයෙන් අපහසුතාවන්ට පත්වෙමින් සිටිති. මීට අමතරව සී ප්ලේන් බැස්‌සවීම නිසා ඔයෙහි ජලය දුෂණ වනුයේ ඉන්ධන නිකුත් වී ඔයේ ජලයට එක්‌වීම නිසාය. මීට අමතරව කොග්ගල මඩොල්දූව නැරඹීමට අධිවේගී යාන්ත්‍රික බෝට්‌ටු ධාවනය කිරීම හේතුවෙන් ඔයට කරදිය ගලා ඒම හා එය නතර කර කිරීමට පියවර නොගැනීම නිසා බරපතළ පාරිසරික ගැටළු පවා උද්ගතවී ඇත.

මෙයට අමතරව කොග්ගල නිදහස් වළෙද කලාපය නිසා ලංකාවේ ආර්ථිකයට ලබාදෙන පන්නරය අතිවිශාලය . මෙය ආරම්භ කරන විට සුද්දන්ට ජංගි මසනවා කියන කතාන්දරයක් තිබුනු බව අප වැඩිහිටියන් කතා කළ ද අද දහස් සංඛාවකට රස්සාවල් සපයන මහා ආර්ථික මධ්‍යස්ථානයක් වශයෙන් කොග්ගල නිදහස් වෙළෙද කාලපය හැදින්විය හැකි ය.

ඉතිං …….කොහොම ද කොග්ගල .මක්කැයි කොග්ගල තොරතුරු….මෙනවා දොඩන්න ද අපේ පැත්තේ කොග්ගල ඒව්ව තමයි මේ තේරුනැයි… අප්පු හාමි……ඒ කොග්ගල ප්‍රාදේශිය උප භාෂාවෙන් කතාකරමින් මේ සටහන නිමාකරන්නට සිතුවෙමි……… 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *