දත්මිටි කකා කදුළු බිබී යකඩ යකා රකින එකා

  මුරකරුවන්ගේ ශෝකාන්තය බම්බු ගහනවාටත් වඩා අගනේය. 

බම්බුව යනු රවුම් හැඩයෙන් යුක්ත හැඩැති පොලු විශේෂයකි. බම්බුව අපිට විවිද අයුරින් අපේ ජීවිතය පවත්වාගෙන යාමට උපකාර කරයි.  ක්‍රීඩා පිටියේදි උන බම්බුවද වැදගත් වෙයි, එ ක්‍රිඩා කිරීමටය. රාජකාරි කරන උදවියට පිස්සු බම්බුව වාතයකි .

බම්බු ගහන්ඩ කියන අය අනන්තයි. බම්බු ගැසු ගසනා අයද අප්‍රමාණයි. ඇත්තටම මොකද්ද මේ බම්බුව. පැරණි ලංකාවේ ජන සමාජයෙන් කාන්දු වුන මෙවැනි වචන ගනනාවක්  වර්ථමාන හාෂාවෙ දකින්න අහන්න ලැබෙයි. බම්බුව කියූ පමණින් සිහි වන බම්බු විවුදාකාරයි. පිට්ටු බම්බු, උන බම්බු ඒ අතර ප්‍රධාන වෙයි. උන ගසේ බම්බුවක් යොදාගෙන පිට්ටු සැදීමට සාදා ගන්නා උපකරන පිට්ටු බම්බුව බව කවුරුත් දනි. ලංකාවේ මෙන්ම සමහර විදේශීය රටවලද බම්බු ගසයි. කොරියාව ඒ සදාහා උදාහරණයක් වෙයි. සාම්ප්රධායික කොරියානු මුළුතැන්ගෙයි භාවිත කරන ලුණු,  “බම්බු ලුණු” ලෙස හදුන්වයි.මෙම බම්බු ලුණු කොරියානුවන් විසින් සාදාගන්නේ මෙසේය.මැටියෙන් දෙපස ආවරණය කළ බම්බුවක ලුණු බහා තැපීම මෙහිදී සිදුකරයි.උණ බම්බුවක් වැනි බම්බුවක් ගෙන එයට ලුණු දමා දෙපස මැටියෙන් ආවරණය කිරීම මෙහිදී සිදුවේ.එමගින් ලුණු වල අහිතකර රසායන දුන්ය ඉවත් කර පිරිසිදු ලුණු ලබාගතහැකිබව ඔවුන් විශ්වාස කරයි.

මේකයි බම්බු ගහනවා කියන්නේ

බම්බුව නැත්නම් බම්බු ගෑසීම කොහොමද සිංහල ජන වහරට ආවේ.  ලෙඩරෝග දුක් කරදර අපි කාටත් පොදුයි. මනුස්සයන්ට වගේම සතා සිව්පාවුන්ටත් ලෙඩ රෝග යනු පොදු දෙයක්.පැරණි අපේ මුතුන් මිත්තන්  කාට උනත් ලෙඩක් දුකක් ආවම යන්නේ ගමේ වෙද ගෙදරට. අද වගේ ඉස්පිරිතාල නෑනෙ ඉතින් ඒ කාලයේ ඒ නිසා.තමන්ට උවමනාකරන දේවල් තමන් විසින්ම ගොඩනගාගත්ත මුතුන් මිත්තන්ගෙ ආර්ථිකය ස්වයංපෝෂිත ආර්ථිකයක්. මේ ආර්ථික ක්‍රමය ඇතුලෙ සෑම ගෙදරකම වස්සෙක් එළදෙනක් වැරදුනේ නෑ

එදා අපේ ගමේ උදවියට ගෙදර දරු මල්ලෝ ලෙඩ උනා වගේ තමයි ගෙදර ඉන්න හරකා බාන ලෙඩ උනාම.ගෙදර ඉන්න වස්සා එලදෙන ලෙඩ උනාමත් ඉතින් බෙහෙතක් කරගන්න ගියේ වෙද ගෙදරට තමයි. එහෙම ගියහම වෙද ගෙදර ඉන්න වෙද මහත්තයට හරි වෙද හාමිනෙට හරි තියෙන අමාරුම කාරිය තමයි මේ අසනීප උන සතාට බෙහෙත් ගුලියක් දෙකක් ගිල්ලවන එක.මෙහෙම අසනීප උන සතාට බෙහෙත් ගුලි ගිල්ලවන්න එදා වෙද ගෙදර අමුතු විදියේ උපක්රමයක් භාවිතා කරා. අඩි 5ක් 6ක් දිග උණ බටයක් අරගෙන ඔය බටේ ඇතුලේ තියෙන පුරුක් කඩලා බටයක් හදාගෙන ඒ බටේ සතාගේ කට ඇතුලට යොමුකරයි. සතාගේ උගුරටම දානවා.ඊට පස්සේ බෙහෙත් ගුලිය අර උණ බටේ ඇතුලෙන් සතාගේ උගුරට දානවා. මේක තමයි එදා වස්සන්ට එළදෙනුන්ට බෙහෙත් පොවපු විදිය.ඔය ප්‍රතිකාර ක්‍රමයට එදා “බම්බු ගැහිම” කියල තමයි කිවුවෙ. වෙද ගෙදරට සතෙක් ගෙනාවාම රෝග ලක්ෂන එහෙම බලල වෙදමහත්තය කියනවලු. ඕකට බම්බුවක් දෙකක් ගැහුවම හරියයි කියල නිකම් කිවට මෙන්න මේකයි බම්බු ගහනවා කියන්නේ.

පැර්ණි ජනවහරෙන් ආපු ඔය බම්බු ගැසීම කියන වචන දෙක තමයි  අදවනවිට එක එක්කෙනා තම තම කැමති අවස්ථාවලට යොදාගෙන බම්බු ගහන්නෙ.කොහොම නමුත් උනබම්බුව ගැන කතා කිරිමේ දි දුම්රිය රේලි පාරේ බම්මු කාරයන්ගේ කතාන්දරය ද වැදගත්වේ. මේ කියන්න මොන බම්බුවක්ද කියලා හිතයි. මෙන්න බම්මු කතාන්දරය.

ශ්‍රී ලංකාවේ සම්මත මාර්ග සංඥා , එක්සත් රාජාධානියේ භාවිතා වන මාර්ග සංඥා යම්කිසි වෙනස්කම් සහිතව සමීපව අනුගමනය කර ඇති අතර දේශීය මාර්ග පද්ධතියට යෝග්‍ය වන ලෙස ඇතැම් මාර්ග සංඥා හදුන්වා දී ඇත.ශ්‍රී ලංකා රජය ගැසෙට් නිවේදනයක් මගින් නව මාර්ග සංඥා සියයකට වැඩි ප්‍රමාණයක් හදුන්වා දී ඇත.මෙම නව වෙනස්කම් මගින් මාර්ග සංඥා වල වර්ණය සහ ප්‍රමාණය ප්‍රතිස්ථාපනය කර ඇති අතර ගතික පනිවිඩ සංඥා (Variable-message sign) සහ සීග්‍රගාමී මහා මාර්ග වල ඉලෙක්ට්‍රොනික ඩිජිටල් සංඥා පුවරු හදුන්වා දී ඇත. සීග්‍රගාමී මහා මාර්ග වල පණිවිඩ සංඥා ක්‍රියාත්මක කිරීම සදහා ජපන් රජය විසින් රුපියල් බිලියන 1.24ක් ප්‍රදානය කරන ලදි.

ප්‍රේමදාස ජනාධිපතිවරයා අනාරක්ෂිත දුම්රිය හරහා පාර උනබම්බු ගේට්ටු සවි කරන්න නියෝග අප කුඩා කාලයේය. විධායක ජනාධිපති දුන්න නියෝගයට අනුව  ඉවක් බවක් නැතිව උනබම්බු ගේට්ටු සවි කරන්න දුම්රිය දෙපාර්ථමේන්තුවට පියවර ගත්හ. උනබම්බු හොයන්න මැති ඇමති වරු නැහැ.නමුත් ඒවාට ගේට්ටුකරeවන් සෙවීම,පඩි ගෙවන්න සල්ලි, මේ සියල්ලට උත්තරත් විවධායක ජනාධිපති දුන්නා. උනබම්බු ගේට්ටු 1988 ජනවාරි 22 පටන් ගත්තා කියලා තමයි පොත පතේ සඳහන් වෙන්නේ.

අවු 45ට අඩු, 8 වන පන්තිය සමත්, ජනසවිලාභීන් (මේ කාලයේ සමෘද්ධි ලෙසට හදුන්වන) ඒ සදහා පත් කරන්න නියම කරලාත් තිබුනා. පත්වීම් තාවකාලික. පඩිය දිනකට රපියල් 33.00යි. උනබම්බු ගේට්ටු කරුවන් අද  රටටම ප්‍රශ්ණයක්  මාසෙකට රe 1000/= ක පඩියට පැය 12 ක් වැඩ කරන්න සිදුව තිබේ. උනබම්බු ගේට්ටුකරුවන් – වෘත්තීය ඉල්ලීම් ඉදිරිපත් කරනවා.දැන් ප්‍රශ්ණයක් වෙලා ඇත.මෙයට තවමත් කවුරුවත් උත්තරයක් දුන්නේ නෑ.මොන බම්බුවක්ද කියලා කවුරුත් අතහර දමා ඇත. ඊට පස්සෙ ආපු අය ප්‍රශ්ණෙට විසදුම් දුන්නේ නෑ -පැලැස්තර දැම්මා බලාපොරොත් දුන්නා-කාලයත් සමග – විවිධ ආකාරයට සමහරු තම ප්‍රශ්ණය විසදා ගන්නට කටයුත කරනවා. නමුත් බම්බුව තමයි මොකවත් සිදු වෙලා නෑ.

ශ්‍රී ලංකාවේ දුම්රිය හරස් මාර්ග 1,083ක් ඇති අතර ආරක්ෂක පද්ධති සවිකර ඇත්තේ ඉන් 337ක පමණි. අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග සංඛ්‍යාව 746ක් වන අතර ඉන් 168ක්ම මුහුදුබඩ දුම්රිය මාර්ගයට අයත්ය. මෙම අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයන් 746න් 687ක සේවය කරන දුම්රිය හරස් මාර්ග මුරකරුවන් 2,061 දෙනෙකු සේවය කරනුයේ දුෂ්කරතා රැසක් මැද සොච්චම් වැටුපකට බව දැකිය හැකිය. ඔවුන්ගේ වැටුප අවසාන වශයෙන් 2013 ජුනි 4වැනිදා ඉහළ දැමූ අතර එයද මාසිකව රුපියල් 7,500ක දීමනාවකි. ඒ අනුව දෛනික වැටුප රුපියල් 250කි.

මෙම දුම්රිය හරස් මාර්ග උණ බම්බු ගේට්ටුකරුවන්ගේ උප්පත්තියද අපූරුය.

බලපිටියේ උපන් බව කියන අගමැති රණසිංහ ප්‍රේමදාස ජනාධිපති පදවියට පත්වූයේ 1989 දෙසැම්බර් 19වැනිදාය. ඉන් මසක් ගිය තැන එනම් 1989 ජනවාරි 17 වැනිදා බලපිටිය අහුංගල්ලේ ඌරගහ පාර මංසන්දියේදී පස්වරු 2.15ට පාසැල් සිසුන් ප්‍රවාහනය කල බස් රථයක් අනාරක්ෂිත දුම්රිය මාර්ගයේදී දුම්රියේ ගැටී 36ක් එම ස්ථානයේදීම මිය ගියේය. තුවාල ලැබූ 51දෙනෙකු බලපිටිය සහ ගාල්ල කරාපිටිය රෝහල්වලට ඇතුළත් කෙරිණි.

දුම්රිය ගේට්ටු 687 සේවය කරන දෙදහසකට වැඩි පිරිසක් සිටිති

බලපිටියේදී සිදුවූ මෙම දුම්රිය අනතුරින් දැඩි කම්පනයට සහ ශෝකයට පත් ජනාධිපති ප්‍රේමදාස රටපුරාම අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග සියල්ලටම උණ බම්බු ගේට්ටු සවිකරමින් සතියක් තුළ එයට විසදුමක් දුන්නේය. ඉන් රැකියා විරහිත ග්‍රාමීය තරුණයින් 1,250කට මසකට රුපියල් 2,500ක දීමනාවක් හිමිවිය. උණ බම්බු තාක්ෂණය නිසා දේශීය සම්පත්වලට නව පණක් ලැබිණි. අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග හරහා සිදුවන ජීවිත සිය දහස් ගණනක් සුරක්ෂිත විය.රටපුරා දුම්රිය හරස් මාර්ග ගේට්ටු ක්‍රියාකරුවන් සහනයක් ලබාදෙන ලෙස අසහනයට පත් වු පිරිස ඉල්ලා සිටින්නේ යහපාලන ආණ්ඩුවෙන්ය. දිවයිනපුරා පිහිටි ආනාරක්ෂිත දුම්රිය ගේට්ටු 687 සේවය කරන දෙදහසකට වැඩි පිරිසක් සිටිති.

අප දන්නා පරිද, මාසෙට දින 31යි – වැටුප් දෙන්නේ දින 30ටයි – දුම්රිය හරස් මාර්ග ගේට්ටු සේවකයන් පවසන්නේ,නිරතවන්නේ මේවැනි පෙනෙනා,දකිනා අසාධාරණ තත්ත්වයක් මෙහි ඇති නිසාය.එය විසදා දෙන ලෙසයි.ඇතැම් මාස වල දින 31ක් යෙදී තිබුණ ද, දින 30ක් දක්වා පමණක් වැටුප් ලබාදීම අසාධාරණ බව පවසමින් අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග ගේට්ටු සේවකයන් වර්ජනයක් පසුගිය දා සිදු කෙරිණි.

අනාරක්ෂිත රේල් ගේට්ටු ප්‍රශ්ණය විසඳන්න තවත් මිනිස් බිලි කීයක් අවැසිද යන්නද ප්‍රශ්ණයකි.අනාරක්ෂිත රේල් ගේට්ටු මේ වන රටපුරා මිනිස් ජිවිත ගණනාවක් බිලිගත් මාරක ස්ථානය බවට පත්ව ඇත.එහෙත් කිසිදු වගකිවයුත්තෙකුගේ අවධානය මේ කෙරෙහි යොමුව නැත.ඒ නිසා දුමරිය ගේට්ටු කරුවන්ගේ අගය මෙහි දී මිල කල නොහැකිය. කලක් සමුද්ධි ලාභින් දුම්රිය ගේට්ටු මුරට යොදවන්නටද සමහර පාලන යුගවල දී පියවර ගෙන තිබිණි. ආනාරක්ෂිත නොවන අයුරින් ලංකාවේ සියළුම ගේට්ටු සකසා ඇති බව දුම්රිය නිලධාරිහු පවසති. දුම්රිය හරහා යන අය දැනුවත් කිරිම සදහා මෙන්ම දුම්රිය රියදුරන් මගින් නලා හඩින් දැනුම් දිම් කිරිම ඇතුළු ක්‍රම  මෙහිදි භාවිතා කර ඇති බවය.

රටපුරා දුම්රිය හරස් මාර්ග ගේට්ටුවල මුරකරුවන්  ඔවුනගේ දුක කියති. රට පුරා දුම්රිය හරස් මාර්ග 800 ආරක්ෂිත ගේට්ටු නොමැති බව දුම්රිය දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.මෙයට, විකල්පයක් වශයෙන් තිබුණු උනබම්බු ගේට්ටු වෙනුවට නව ගේට්ටු සකස් කිරීමට ආණ්ඩුව  පියවර ගත්තේය. ගේට්ටු නැති නිසා මේ නිසා සිදුවන අනතුරු සංඛ්‍යාවද ඉහළ ගොස් ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. මුහුදුබඩ  මාර්ගයේ දුම්රිය හරස් මාර්ග 160 ක ආරක්ෂිත ගේට්ටු නොමැති බවත් ගේට්ටු නොමැති ස්ථාන සඳහා පිළියමක් වශයෙන්, ගේට්ටු සවි කිරීමට අමාත්‍යංශය මුදල් වෙන් කළේය.එය සාර්ථක වුයේය.මෙය රට පුරාම දුම්රිය මාර්ගවල සිදු කළේය.

මුරකරුවනගේ ආරක්ෂාව සහතික කිරිමට යමක් කළ හැක්කේ නම් අගනේය

kr

දුම්රිය මාර්ගවල  ගේට්ටු 486 කින් භයානකම අනාරක්ෂිතම ගේට්ටු 159 ක් අලූත් වැඩියා කිරීමටද මේවන විට සිදු කර තිබුනේ පසුගිය කාලයේය. ප්‍රවාහන ක්ෂේත්‍රය ගැන මිස ප්‍රවාහන ඇමැති ගැන කතා කිරීමට කිසිවක් ඉතිරි වී නැත. අප ලංකාවේ මෙම දුමර්ය විෂය ගැන මහා දැනුමක් ඇති ඇත්තෝය. සමහරු සමහර ඇමතිවරු කියන පරිදිම වාහනයක පැට්‍රල් ටැංකියෙන් ඇතුළු වී දුම් බටයෙන් එළියට එන්නට තරම් ඔහුට ඇත්තේ වාහන ගැන මනා දැනුමකි.දක්ෂ තාවයකි. ඒ දැනුමෙන් ඔහු වැඩගෙන තිබේ ද යන්න ප්‍රශ්ණයකි.දැන් ඉතිරි වී ඇත්තේ පොඩි පොඩි ප්‍රශ්න නොව මහා පරිමාණයේ දැවැන්ත ප්‍රායෝගික ප්‍රශ්න පමණක් බව දුම්රියේ නොයන මැති ඇමතිවරු පාරම්බාති.මෙයට පිළියම් වශයෙන් මේවනවිට දුම්රිය ගේට්ටු වල මුරකරුවනගේ ආරක්ෂාව සහතික කිරිමට යමක් කළ හැක්කේ නම් අගනේය. ඒ මේ ගේට්ටු කරුවන්ගේ ඉල්ලිම් ලබා දීම මිස ඇමතිවරුන්ගේ ලිස්සා යෑමේ කලාව නොවන බව රටපුරා දුම්රිය ගේට්ටුවල අපේ ඡිවිත සුරක්ෂිත කරන ගේට්ටු කරුවන්ගේ අභිමතයයි. ජනතාවගේ ජිවිත ආරක්ෂා කරන මුරකරුවාගේ ජිවිතය ආරක්ෂා කිරීම කාගේ කාගෙත් යුතුකම වනු නිසාය.

දුම්රිය ප්‍රමාදය හමුවේ දුම්රිය ගේට්ටුද බල පැ යුගයක් තිබිණි.එයට අද තිත තබලාය. ප්‍රමාදයට හේතුව මාතර සිට කොළඹ දක්වා රේල් ගේට්ටු නැති ස්ථාන 160 ක් තිබීමය. එක තැනක විනාඩි දෙකක් ස්ලෝ වුණාම පැය භාගයක් පැයක්වීම වැළැක්විය නොහැකිය. මෙය අද එසේ නොවේ.

රේල් ගේට්ටු නැති කමින් අහුන්ගල්ලේ පාසල් ළමයි මිය පුවත තවමත් අප හදවතේ උනා දැමිය නොහැකිය. 2011 වසරේ අනතුරු 82 කින් 18 දෙනෙක් මියගියහ.  අහුන්ගල්ලේ විසි දෙනෙක් මියගිය පසු ජනාධිපති ප්‍රේමදාස මහතා උණබම්බු හඳුන්වා දුන්නේ ය. එය අසාර්ථක වූයේ උණබම්බු දිරාගිය නිසා නොව උණබම්බුව බලාගන්න සිටි දෙන්නාට ගෙව්වේ ජනසවියෙන් රුපියල් දාහ බැගින් නිසා ය. දැන් රුපියල් මිලියන 1000 ක් වැය කොට වර්ණ සංඥා සහ සීනු සහිත ගේට්ටු සවි කරන්නට ද සමහර කාලවල දී දුම්රිය විෂය හිමි මැති ඇමති ඇත්තෝ පියවර ගත්තේය.

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව දුම්රිය ආඥා පනතේ විධිවිධාන යටතේ රඡයේ දෙපාර්තමේන්තුවක් වශයෙන් ක්‍රියාත්මක වේ. දුම්රිය මාර්ග,පාලම්,ගොඩනැගිලි හා අනෙකුත් ඉදිකිරීම් වලට අදාළ වත්කම් අත්පත් කර ගැනීම හා නඩත්තු කිරිම. දුම්රිය එන්ජින්,බලවේග කට්ටල,මගී මැදිරි හා ගැල් වලින් සමන්විත දුම්රිය ධාවන ඇණියට අදාල වත්කම් අත්පත් කරගැනීම හා නඩත්තු කිරිම.සංඥා හා සන්නිවේදන පද්ධතියට අදාළ වත්කම් අත්පත් කර ගැනීම හා නඩත්තු කිරිම. දුම්රිය මාර්ග ජාලය යොදා ගනිමින් මගී හා භාණඩ ප්‍රවාහනය සඳහා දුම්රිය සේවා සැපයීම ,දෛනික මගී ප්‍රවාහන සේවාවන්, දිගු දුර මගී ප්‍රවාහන සේවාවන්,නගරාන්තර සීඝ්‍රගාමී සේවාවන්,භාණ්ඩ ප්‍රවාහන සේවාවන්,දුම්රිය ප්‍රවාහන සේවාව කළමනාකරණය කිරීම සඳහා පරිපාලනය, ප්‍රසම්පාදනය, ගිණුම් කරණය, තොරතුරු පද්ධති හා ආරක්ෂාව සැපයීම වැනි උපයෝගී ආධාරක සේවාවන් පවත්වා ගෙන යාම සිදු කරයි. මේ සියල්ලම අපේ දුම්රිය මගින් උදෙසා සකස් කළ සේවාවන් හා පහසුකම් අතරට එක්වේ.

නමුත්, අද රට පුරා දුම්රය ගේට්ටු මුරකරන ඇත්නට යම් සවියක් ශක්තියක් දෙන්නට හැකි නම් එය වටනේය.නැතහොත් අගනා වුවකි. රට පුරා දුම්රිය මාර්ග වල දුම්රිය ගේට්ටු අසල සිටින එක් ගේට්ටුවකට මුරකරුවෝ තිදෙනෙක් යොදවා තිබේ. එක් අයෙකුට රුපියල් හත්දහසක් ලබාදෙයි. එවිට සේවා මුර ක්‍රමයට වැඩ රාජකාරියේ යෙදි සිටින තිදෙනාට රුපියල් හත්දහස් බැගින් විසිඑක් දහසක් ලැබේ. දළ වශයෙන් රුපියල් 250 ක් දිනපතා ගණනය කළ හැකිය.ඒ එක් අයෙකුට ලබාදෙන මුදලයි.මේ නිසා සමහර ගේට්ටු වල පවුලේම උදවිය මුරකමේ යෙදි සිටිති.

ගාල්ල මහරඹ දුම්රිය ගේට්ටුවේ සේවයේ නියුතු වනඑම්.එච් තිලක් මුණසිංහ මහතා 54 මෙසේ  පවසයි.

kr

 

 

අපට සහන දෙන්න කියලා තමයි ඉල්ලන්නේ. දුලා පුත්තු පවා මුර කරනවා, ඇයි රුපියල් දෙසිය පනහක් මේ දුම්රිය ගේට්ටු මුරකරුවනට ප්‍රමණවත් නොවන නිසාය. ඒ නිසා අමතර රස්වාකට යන අවස්ථා දැකිය හැකිය .හිමියා රස්සාවේ ගිය විට බිරිද ගේට්ටුව මුර කරන්නේ ඒ නිසාය.හේතුව,ලබාදෙන මුදල  එය ප්‍රමාණවත් වේ.සමහර මුරකරුවනගේ බිරින්දෑවරුන්ද මුරසේවයේ දහවලට යෙදෙන බව, දුම්රිය මුර කරුවෝ පවසති.

දුම්රිය යකඩ වුවත් දුම්රිය වලට නම් දමා ඇත්තේ කාන්තාවන්ගේ නම්ය.ඒ නිසා මුර කිරීම ඇයි කාන්තාවනට කජ්ජක් නොවන බව, අරුමයක් නොවන බව ඇන්තිනිකා පෙරේරා මහත්මිය කීවාය.

මෙම මුරපොලවල්වල ඇති විශේෂත්වයන්ද රාශ්‍රියක්ද දැකිය හැකිය. ඒ කාන්තා මුරපොලක් නම් ඒ අසල කාන්තාවෝ කිහිප දෙනෙක් ගම්වල  ඕපා දුප කියමින් කටයුතු කිරීමද යම් බාහිර වැඩක යෙදීමද සිදු කරයි. මෙම මුරකුටි වල ප්‍රමිතියක් හෝ පහසුකම්ක් ද නැති අතර සමහර මුරකුටි ඉතාම ඉහළික් සකස් කර තිබේ. ඒ සමහර මුරකරුවනගේ වියදමිනි.සමහර මුර කුටි අසළ ඇති,

ආරක්ෂිත ගේට්ටු වල තත්වයනම් අහිතකර ය.

එස්.එස් ගාමිණි 45 පවසන්නේ මේවා දිරාගොස් ඇති බවයි.

ඒ නිසා විශේෂයෙන් ම රට අභ්‍යන්තරයේ දුම්රිය මාර්ගවලට අමතරව මුහුදු බඩ දුම්රිය ගේට්ටු ඉක්මණින් මළ බැදි විනාශ වන ආකාරයක්  තියනවා යැයිතිවංකතිලක මහතා 30 කියයි.

මේ නිසා ලණුවක ඒ කියන්නේ කොහු ලණුවක බැදි රතු පැහැති රෙදි කැබැල්ලකින් අනාරක්ෂිත ගේට්ටුව දුම්රිය එන යන විට ඇඳ තිබේ. මෙය ප්‍රමාණවත් නොවේ. අපේ රටේ සිටිනා වු සමහර හදිස්සිකාරයෝ යතුරු පැදි, පා පැදි හා වාහන රියදුරු ඇත්තෝ ලන්න උස්සා රතු රෙද්ද යටින් පණිනවා. කීවාට අහන්නේ නෑ. ඔන්න කෝච්චිය එනවා කීවත් අපට බැනලා පාර හරහා මාරු වෙනවා.

අනතුරක් උනාම තමයි කාගේ කාගේ රෙද්ද ගැලවෙන්නේ යැයි වීරසිංහ වීරසිංහ මහතා 60 කීවේය.

සෑම දුම්රිය ගේට්ටු මුර පොලක් අසළ වැඩි ප්‍රමාණයක රේස් තුණ්ඩු ව්‍යාපාරය කරගෙන යන ආකාරයද දැකිය හැකිය. ඒ නිසා සමහර දුම්රිය මුර පොලවල් යනු සත්තකිම්ම බුකිය. අශ්ව රේස් බුකියකි. මේ නිසා මෙම රේස් බුකි පවත්වාගෙන යන්නේ,දුම්රිය ගේට්ටු මුරකරවා හෝ ඔහුගේ ඥාතියකු හෝ මිතුරෙකි. මෙය යම් අමතර ආදායමකි. මෙයට හේතුව, මේතරම් අඩු  තරම් දීමනාවකට  මේ රස්සාව කරන මිනිසුනට ලබාදෙන මුදල ප්‍රමාණවත් නොවන නිසාය.

කෙසේ නමුත් මේ සියල්ල හමුවේ දුම්රියට පැන සිය දිවිහානි කර ගන්නා පිරිසද සිටින නමුත්. අනාරක්ෂිත දුම්රිය ගේට්වුලට ගේට්ටු කසක් කර මෙය පවත්වාගෙන යන නිසා මහා අනතුරු කන්දරාවාක් වැලකී තිබේ. එය අගය කළ යුතුය. නමුත්, දුම්රිය ගේට්ටුවල ආරක්ෂාවට ඇති මුරකරුවනගේ දීමනාව වැඩි කිරීමට පියවර ගන්නේ නම් ඉතා වටිනා බව රට පුරා දුම්රිය ගේට්ටු වල මුරකරවෝ පවසති.ඒ තුලින් මුරකරුවනගේ ආරක්ෂාවද සහතික කරන්නේ නම් අගය කළ යුතු බව, ඔවුනගේ අදහසයි.

කෙසේ නමුත්,අපේ දුම්රිය ගේට්ටු වල මුරකමේ සිට අප ඡිවිත රැක දෙන මුරකරුවන්ගේ ඡිවිත සුරක්ෂිත කරන්නට වැටුප් දීමනාව වැඩි කරන්නේ නම් මේ ඇත්තන්ට සහනයකි. යහපාලනයකි.

ඡායාරූපවල විස්තර මෙසේය. දුම්රිය අනාරක්ෂිත ගේට්ටුවල අද තත්ත්වය.මුරකුටිවල තත්ත්වය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *